IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


රාජ්‍ය නිලධාරීන් 5 ක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන යෝජනාවක්

( අංජුල මහික වීරරත්න )  

අග්‍රාමාත්‍යධුරය දැරීම අධිකරණය  විසින් තහනම්  කරනු ලැබ ඇති හෙයින් මහින්ද  රාජපක්ෂ මහතාගේ  ලේකම්වරයා  ප්‍රමුඛ ප්‍රධාන  රාජ්‍ය නිලධාරීන්  පස් දෙනෙකු  පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත්  මූල්‍ය කමිටුවට හා පොදු විගණන කමිටුවටත්  ගෙන්වා ප්‍රශ්න කිරීම සඳහා වන යෝජනාවක් කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.


මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඇතැම් නිලධාරීන් මෙන්ම ඇතැම් අමාත්‍යංශ ලේකම්වරුන්  මූල්‍ය කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ  අණ නොතකා කටයුතු කරණ බවවට පෙනී ගොස් තිබෙන  නිසා මෙම පියවර ගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


 නීතීවිරෝධි අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කළ එස් අමරසේකර, මුදල් අමාත්‍යංශයේ  නීතී විරෝධි   ලේකම් ලෙස කටයුතු කළ එස්.ආර්.ආටිගල , වානිජ වෙළෙඳ හා ක්‍රිස්තියානි  කටයුතු අමාත්‍යංශයේ  ලේකම් වරයා වු බර්නාඩ් වසන්ත පෙරේරා, නිවාස හා  සමාජ සුබසාධන අමාත්‍යංශයේ ලේකම් වු උපාලි  මාරසිංහ, ජාත්‍යන්තර වළෙඳ සහ ආයෝජන පිළිබඳ  අමාත්‍යංශ ලේකම් වු එස් වී කොඩිකාර මහත්වරුන් පාර්ලිමේන්තු කමිටුව හමුවට  කැඳවීමට යෝජනාවේ සඳහන් කර ඇති බවද චම්පික රණවක මහතා පැවසීය.


ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්  සහ අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව  අදාළ යෝජනාව බාර දී තිබේ. 

 ( ඡායාරූප සහ වීඩියෝ ශාන්ත රත්නායක)

 



අදහස් (10)

රාජ්‍ය නිලධාරීන් 5 ක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන යෝජනාවක්

sg Sunday, 09 December 2018 05:28 PM

මේ මහත්තයාගේ දේශපාලනය ගැන අපි හොදින් දන්නවා.

:       78       254

RaveendraMonday, 10 December 2018 10:45 AM

එස්.ජී. මයා වෙත ඔබ මහත්තය ලෙස මෙම මහජන නියෝජිතයාට භාවිතා කිරීම අප 200% එකග වන්නෙමු. කිසිවිට විහිළුවටවත් " මහත්මය " යන වැදගත් වචනය මෙවන් දුර්ජනයන්ට භවිතා කිරීමෙන් වැළකීමට අප සියල්ලෝම වග බලාගත යුතුය,

:       0       0

Chanak los angeles Sunday, 09 December 2018 07:34 PM

ඔහොමම මාංචු දමලා අත්අඩංගුවට ගන්න .,

:       136       156

ගල්කටස් Monday, 10 December 2018 02:52 AM

'' පිස්සෙක් ඔබ අමතයි ""

:       0       0

චමින්ද Monday, 10 December 2018 03:04 AM

දැන් මෙයා රාජ්‍ය නිලධාරි ගැන කථා කරනවා බලය නැතුවුනහම. බලය තිබෙන කොට මෙයා හිටපු හැම අමාත්‍යාංශයකම පරිපාලන තනතුරකට මෙයාගෙ ඇම්බැට්ටයෙක් හෙවනැල්ල වගේ එක්ක ගිහින් කිසිම ලැජ්ජාව ක් නැතුව පත් කරා.

:       1       300

Deepal Nirosh Monday, 10 December 2018 03:15 AM

අධිකරණය විසින් අගමැති හා අමාත්‍ය මණ්ඩලය තම තනතුරුවල රාජකාරි වල නියැලීම තාවකාලිකව අත් සිටුවා තිබෙනවා. ඒ මිසක් ඔවුනගේ තනතුරු අහෝසි කර නැහැ. ඒ වගේම මෙම අත්සිටුවීම බලපාන්නේ අමාත්‍යවරුනට පමණයි. ලේකම්වරුන්ට බලපානව කියල කොහෙද තියෙන්නෙ? ලේකම්වරුන්ගේ පත්වීම් බලධරයා රටේ ජනාධිපතිවරයා මිසක් පාර්ලිමේන්තුව හෝ කථානායක හෝ නොවේ. එල්ලෙන්න වැල් නැතුව බොරුවට රාජ්‍ය නිලධාරීන් බය කරන්න හදනවා.

:       0       296

දිලුම් Monday, 10 December 2018 05:06 AM

අටපාස් කඟවේනන්ගේ කටමැත දෙඩවිල්ල. අත්අඩංගුවට ගන්න නෙමෙයි,.. මේ අමනයින් කරන පර වැඩ පැත්තක තියාගෙන මේ රට මෙහෙමවත් දුවවන එකට... ඒ ලේකම්වරුන්ට හා රජයේ නිලධාරින්ට මේ අය ස්තූතිවන්ත වෙන්න ඕනෑ මේ වෙලාවේ. ඒ වෙනුවට මේ කාලකන්නි ඒ මිනිස්සුන්ව හිරකරන්න ගියාම රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට අවශ්‍ය විසඳුම් හා ප්‍රතිදාන දෙන්නේ මේ හරක් 225ද? තොපි රැල මරා ගන්නවා වගේ නිලධාරිනුත් මරා ගත්තා නම් අද මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මොකද වෙන්නේ... අහිංසක මිනිස්සුන්ගේ සමෘද්ධිය පිං පඩි මේ රටේ සංවර්ධන ව්‍යෘපෘති මෙහෙයුම් කටයුතු කරන්නේ ඔබලාද? ඔබලා මරාගන්නේ කොමිස් කුට්ටිවලට හා අනෙකුත් වරප්‍රසාදවලට මිස මේ රටට ආදරේට නෙමෙයි කියලා අපි තේරුම් අරන් ගොඩක් කල්...

:       0       20

Nihal Monday, 10 December 2018 06:09 AM

මෙයා කාලයක් සිංහල මුස්ලිම් බේදයක් ඇති කරලා බලය ගන්න දැඩි උත්සහයක් දැරුවා අපිට නම් අමතක නැ.

:       0       0

Rohana Monday, 10 December 2018 06:18 AM

නිලධාරීන්ට දෙපැත්තෙන්ම පීඩනය...

:       0       6

nishan Monday, 10 December 2018 06:37 AM

හොඳ ආදර්ශයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන



ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2171 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 718 9

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක




මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 777 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 203 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1243 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site