IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


යූරියා ගොඩබෑම අරඹයි

(අංජුල මහික වීරරත්න)

මෙවර මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණයම හෙට (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කොළඹ වරායට ළඟා වී ඇති යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් සහිත නෞකාවෙන් පොහොර ගොඩබෑම නිරීක්ෂණය කිරීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

යූරියා පොහොර මලුවලට පිරවීමේදී නියමිත බර සහිත ද යන්න සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස අමාත්‍යවරයා එහිදී එම නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එහිදී මාධ්‍යට අදහස් පළ කළ අමාත්‍යවරයා කීවෙි මේ වනවිට පොහොර සමාගම් දෙකෙහිම ගබඩා සියල්ල පොහොරවලින් පිරීගොස් ඇති බවත්, තවත් පොහොර ගබඩා කිහිපයක් කුලී පදනම මත ලබා ගැනීමට සිදුව ඇති බවත්ය. 

 ඇතැම් ගොවිජන සේවා මධ්‍යස්ථානවල කටයුතු කරන නිලධාරීන් ගොවි ජනතාවට ගොවිතැන එපාවන ආකාරයට කටයුතු කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එවැනි නිලධාරීන් සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත්, අවශ්‍ය වුවහොත් එවැනි නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පවා කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (1)

යූරියා ගොඩබෑම අරඹයි

CC Tuesday, 15 November 2022 12:07 PM

අප රටේ පෙර පරිදි කොලොන්නාව තෙල් පිරිපහදු සංකීර්ණය ආශ්‍රිතව යූරියා කම්හලක් ආරම්භ කරන්න අතීතයේදී යූරියා රටට ඇතිවෙන්න අප රටේ හැදුවා. යලි එපරිදි ඉටුකිරීමට කටයුතු කරන්න.යූරියා නැතිව කෘෂිකාර්මික රටකට ඉදිරි ගමනක් තිබේද? එයින් පොහොර ආනයන වියදම අඩු කර දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය හැකිය.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1531 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site