IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මර්දනය මර්දනයෙන් නතර කළ යුතුයි

(අංජුල මහික වීරරත්න)

මර්දනය මර්දනයෙන් නතර කළ යුතු යැයිද  ඒ සඳහා  සූදානමින් සිටින බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (31) පැවසීය.

මේ රටේ අනාගතය වෙනුවෙන් හැඩ ගැසිය යුතු  වෙලාවක් බවත්  මිනිස්සුන්ට ගහලා, මරලා ආණ්ඩු පෙරලන්න දෙන්න බැරි බවද සාමකාමී විරෝධතා වලට ඇහුම්කන් දීමට රජය ඕනෑම විටෙක සූදානම් යැයිද අමාත්‍යවරයා  කීවේය.

ලබන දෙවැනිදා කොළඹ වැටලීමේ සූදානමක් පිළිබඳව මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.

කෝට්ටේ, බැද්දගාන තෙත්බිම් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසු ප්‍රසන්න රණතුංග මහතා මෙි බව පැවසීය.

පොහොට්ටුව ඉතාම ශක්තිමත් දේශපාලන පක්ෂයක් වන අතර හෙට මැතිවරණයක් තිව්වත්  ශක්තිමත්ව නැගිටින්න හැකියාව තිබෙන බව රණතුංග මහතා කීය.



අදහස් (6)

මර්දනය මර්දනයෙන් නතර කළ යුතුයි

podi mole Monday, 31 October 2022 04:35 PM

එතකොට දූෂණය නවත්වන්න ඕනි දූෂණයෙන්ද?

:       0       10

fairoos Monday, 31 October 2022 05:05 PM

ඔයාලගේ ඔය මර්දනය ඔක්කොම රනිල් රාජපක්ෂ ඉන්නකම් විතරයි. රට තවත් බංකළොත් කරන්නෙ නැතුව තොලොංචි වෙලා පලයල්ලා.

:       1       11

sharm warn Monday, 31 October 2022 05:15 PM

ආහා... කප්පම කප්පමින්ද මැර බලය මැර බලයෙන්ද හොකරම හොරකමින්ද දූෂණය දූෂණයෙන්ද යනාදී වශයෙන්ද මර්දනය කරන්න කියනව නම් ජනතාව එහෙම කරලා දෙයි. මේ වගේ අයගෙන් මේ වගේ ගොබ්බ ප්‍රශ්න අහලා උන්ගේ පාදඩ කතා ප්‍රසිද්ද කරන්න තරම් පහත් වෙන්න එපා.

:       0       8

ගමේ එකාලා Monday, 31 October 2022 05:17 PM

සුදුවෑන්, ඝාතන, අතුරුදහන් කරවපු අයට ඕවා වැඩ නෙවෙයි...

:       0       6

BamunuarachchiWednesday, 02 November 2022 08:13 AM

ඒවත් අවශ්‍ය තැන තිබෙනවා. පොලිස්සියෙන් පාතාලයින්ට වෙඩි තිබ්බ කියලා ඔය පත්තරවල පලවෙන්නේ. පොලිස්සියට පාතාලයෝ උනාට ඔවුන්ගේ දෙමව්පියන්ට සහෝදරයින්ට උන් පාතාලායෝ නොවෙයි. ඒ වගේ සුදුවෑන්, ඝාතන, අතුරුදහන් වෙච්ච අයගැනත් එහෙමයි කියන්න වෙන්නේ. සුදුවෑන් ගැන කිම්බුලෝ ගැන කතා කරලා හිටපු ඇමතියෙක් පචවෙලා ඉන්න බව දන්නවා නේද?

:       0       0

Chathuri Monday, 31 October 2022 08:02 PM

චන්දේ ලග එනකොට තමයි මර්දනයක් කියලා දැනෙන්නෙ. මහා කකුලුවා පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. වැඩක් වෙන්නෙ නැහැ. සෙරම උන්ගෙ කකුල් කැඩෙයි චන්දෙන් පසු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site