(ඉන්දිකා රාමනායක)
මාදම්පිටිය සුසානභූමිය තුළදී පුද්ගලයින් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල සාමාජිකයින් 5 දෙනකු වත්තල හුණුපිටිය පොහොර සංස්ථාවේ ගබඩාව ආසන්න මාර්ගයේදී අද පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් පස් දෙනා මෙම ඝාතන සිද්ධියට සෘජුව සම්බන්ධ පුද්ගලයින් බවත් වෙනත් ප්‍රදේශයකට පළා යාම සදහා ත්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
ඝාතනයට යොදාගත් මන්නා පිහි ඇතුළු තියුණු ආයුධ කැලණිය කළුපාලමෙන් කැලණි ගඟට විසි කළ බව සැකකරුවන් පාපොච්චාරණය කර තිබේ.
මොවුන් සමඟ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 8 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අද සිදු වු අනතුරින් මිය ගිය ගණන අද දහවල් වන විට 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි.
මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මාදම්පිටිය සුසාන භූමියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5ක් අත්අඩංගුවට
Chanak los angeles Saturday, 17 August 2019 10:21 PM
පාතාලයේ සියල්ලන්ම සාටකයින්ගේ ඇසුරේ වැටුණු අයයි. තම විරුද්ධවාදීන්ව ගහලා දමන්න කියන යෙදුම හඳුන්වාදුන්නෙත් ඔය සාටකයින්මයි. තවත් එන්න හදනවා බලය ඉල්ලගෙන... අපි මොවුන්ට විරුද්ධ සටන නවතන්නේ ජම්පරයයි, නොම්මරයයි, බෙලෙක් පිඟානයි අතට දීලයි.