IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බියගම වගේ රටම ආයෝජන කලාපයක් කරනවා

(අංජුල මහික වීරරත්න)

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් සිදු කර ඉදිරි වසර 15-20 ඇතුලත රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයන වැඩපිළිවෙළ අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමිනි.

දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමඟ එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනැගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම තම තමන්ගේ දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙන ඒමට ජනතා නියෝජිතයන්ගේ කැපවීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.



අදහස් (8)

බියගම වගේ රටම ආයෝජන කලාපයක් කරනවා

Akila Thursday, 07 September 2023 07:39 AM

පිනා සහ පොරොන්දු 3 වෙනි වටය දැන් පටන් අරන් තියෙන්නේ..., මෙයා යමපාලනයටත් කලින් කරපු ආණ්ඩුවක් යටතේ රට පුර ඇඟලුම් කර්මාන්ත දහස් ගණනක් හදනවා කියලා දීපු පොරොන්දුවක් තවමත් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා...

:       8       22

Bamunuarachchi Thursday, 07 September 2023 09:30 AM

කාටද මේ කියන්නේ තම්බිලාට...? දැන් උන්දැලා පිට පොට ගහනවා ඇති සිංහලයින්ගේ ඉඩම් ටික ගන්න...

:       13       9

ලුම්බිණි Thursday, 07 September 2023 10:23 AM

අනේ එපා...

:       2       10

ගමේ එකාලා Thursday, 07 September 2023 11:28 AM

ආසියාවේ ආස්චර්‍ය කරනවා කියලා ජනතාව ඇන්දුවේත් ඔහොම කියලා තමයි..!

:       2       11

Rata Perata Thursday, 07 September 2023 11:35 AM

ඕවා කරන්න ඔහේ වැඩි කාලයක් ඉන්නේ නැහැ...

:       3       12

Bunny Preena Thursday, 07 September 2023 01:44 PM

මේවගේ සුරංගනා කතා කොච්චරක් අපි අහලා තියනවද ?

:       3       7

Perera Friday, 08 September 2023 02:56 AM

මෙහෙමත් මොට්ට කතා.1977 ඉඳන් පාර්ලිමේන්තුවේ හිටියට කරපු කෙහෙල්මලක් නැහැ,දැන් එනවා කියවන්න .වෝක්ස්වැගන් වගේ ගොන් කතාවක් මේකත්

:       0       0

සල්ලි Friday, 08 September 2023 07:22 AM

ලංකාවේ නිවුස් බැලුවොත් 50%ක් පෙන්නන්නේ දේශපාලන පුවත්... පත්තරේ මුල් පිටුව ගත්තොත් ඒත් එහෙමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site