( සිරංගිකා ලොකුකරවිට)
ඉදිරි පැය විසි හතරේ දී මිලි මීටර 200ට අධික වර්ෂාපතනයක් දකුණ, සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත් හි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ දක්වා පවතින අධික වර්ෂාව මෙන්ම ඉදිරියේ දී ඇතිවිය හැකි තද වැසි හේතුවෙන් ගාල්ල, කළුතර හා කෑගල්ල දිස්ත්‍රික්කයන්හි නාය යාමේ අවදානම් සහිත ස්ථානවලින් හැකි ඉක්මණින් ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවා ඇත.
මේ වනවිට ගිං ගඟ, නිල්වලා ගඟ, බෙන්තර ගඟ, කළු ගඟ සහ කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් පහත් බිම් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවදුරටත් වැසි පවතින බැවින් ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානම් ප්‍රදේශයන්හි ජීවත්වන පුද්ගලයන්ට ද විමසිල්ලෙන් සිටින ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අද සිදු වු අනතුරින් මිය ගිය ගණන අද දහවල් වන විට 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පළාත් 4 කට ඉදිරි පැය 24 දී තද වැසි