IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


තුන් හැවිරිදි දරුවකුගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කරයි

චමිල් රුපසිංහ
 
අවුරුදු තුනක දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි  සාර්ථකව ඉවත් කළ බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩී  ආර් කේ හෙරත් මහතා පවසයි.
 
වගාවන් වලට හානි කරන රිලවුන් එළවා දැමීම සඳහා භාවිතා කරන වායු රයිපලයක් පත්තුවීම නිසා කෑගල්ලේ දරුවෙකු   අනතුරට ලක්වී කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබිණි.  මුලික ප්‍රථිකාර කර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට දරුවා මාරු කර යැවීය.
 
සැත්කම කළ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ උගුර,කණ, නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය සිසිර බන්ඩාර ඇතුල්ගම මහතා පැවැසුයේ දරුවාගේ දකුණු කන අසලින් ඇතුල් වි ඇති උණ්ඩය වම් පැත්තේ හිස් කබල දක්වා ගමන් කර ඇති බවයි.  ඉන් හිසේ ඇති ධමනියට හානි වුවානම් දරුවාගේ ජීවිතයට හානි විමට තිබු බවද විශේෂඥ වෛද්‍ය සිසිර බන්ඩාර මහතා පැවැසිය.
 
පේරාදෙණි සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ මෑතකදි ස්ථාපනය කරන ලද හදවත් කැතීටර් කරන ඒකකය තුල ඇති නවීන   ඒකකයේ ඒක්ස් කිරණ යන්ත්‍රය මගින් එම උණ්ඩය ඇති තැන තහවුරු කර ගැනිම සඳහා හෘද රෝග විශේෂඥ වෛද්‍ය  සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර මහත්මියගේ සහායද නොවඩුව ලැබුණු බව වෛද්‍යවරයා කීවේය.  සැත්කම සාර්ථකව නිම කිරීම සදහා පේරාදෙණිය ළමා රෝහලේ නිර්වින්දන  අංශයේ විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටි ආරච්චි මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ   ද සහාය ඇතිව මෙම සැත්කම සාර්ථකව නිම කළ බව  ‍   විශේෂඥ වෛද්‍ය සිසිර බණ්ඩාර ඇතුල්ගම මහතා පැවසීය.
 
මෙවැනි අන්තරාදායක උපකරණ දරුවන්ට අසුවිය නොහැකි තැන් වලන් තැබිය යුතු බවත් දෙමාපියන් මෙයිට වඩා දරුවන් ගැන සෝදිසියෙන් සිටිය යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.  
 
පේරාදෙණිය සිරිමාවෝ බන්ඩාරණායක විශේෂිත ළමා රෝහලේ   ළමා ශෙල්‍ය දැඩිසත්කාර ඓකකය භාර  නිර්වින්දන  අංශයේ විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටි ආරච්චි මහතා පැවැසුවේ සැත්කමින් පසු කෘතිම ස්වසන යන්ත්‍ර ආදාරයෙන් සිටි දරුවාගේ තත්ත්වය ඉතා යහපත් මට්ටමකට පත්වෙමින් තිබෙන බවයි.  



අදහස් (19)

තුන් හැවිරිදි දරුවකුගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කරයි

ජනිත් Sunday, 17 September 2017 07:58 AM

මේ සඳහා දායක වුණු නම් කියවුණු, නොකියවුණු සැමට පිං..

:       0       125

kumar (galf) Sunday, 17 September 2017 08:04 AM

වර්ජන නොකර ප්‍රතිකාර කල වෙදදුරන්ට ස්තුතියි.

:       3       181

samiraSunday, 17 September 2017 03:40 PM

නිකන් කට තිබුනට දොඩවන්න එපා කිසිම දවසක දොස්තරවරු හදිසි ප්‍රතිකාර නැවැත්තුවේ නැහැ

:       140       230

SamanMonday, 18 September 2017 05:36 AM

සයිටම් එකෙන් කර ගන්න ගියානම් හිතාගන්න පුළුවන්නේ...

:       27       13

Don Sunday, 17 September 2017 08:46 AM

හිස කියපුවම ගොඩක් සංකීර්ණයි .. උණ්ඩේ තියෙන්නේ හක්කේ නේද ?

:       269       17

InduSunday, 17 September 2017 10:11 AM

ඒ හක්ක නෙවෙයි. ඔලුවේ පිට පස්ස තියෙන්නේ. එක්ස් රේ එකට පේන්නේ හක්කේ තියෙනවා වගේ...

:       0       115

chamil rupasinghe Sunday, 17 September 2017 09:18 AM

දකුනු කණ අසලින් ඇතුලුව හිසේ පිටුපස කොටස දක්වා උණ්ඩය ගමන් කර ඇති බවත් හිස් කබලට වැදුණානම් තත්වය බරපතල වග වෛද්‍යවරුන් පවසා ඇත. (ඡායාරූපයේ දෙපැත්තක් ඇත. හක්ක එක පැත්තක වුවද අනික් පැත්තේ හිසේ පිටුපසය)

:       1       35

බණ්ඩාර(කැකිරාව) Sunday, 17 September 2017 10:28 AM

පුංචි දරුවන්ට ගොඩක් අනතුරු වලට මුහුණ දෙන්නේ දෙමාපියන්ගේ නොසැලකිලිමත් භාවය නිසාමයි .. හවසට ටෙලිනාට්‍ය පටන් ගත්තම හැමෝම වාඩිවෙලා ඒවා බලනවා. පුංචි දරුවෝ ඉන්නවාද කියලවත් මතක නැහැ.

:       0       86

Nimal Sunday, 17 September 2017 11:41 AM

කුමාර් ගල්ෆ් වෙත, විශ්ෂිත ළමා රෝහල් වන රිජ්වේ ආර්යා රෝහල හා සිරිමාවෝ බණ්ඩාරණායක රෝහල කිසි ලෙසකත් වැඩවර්ජන වලට සහභාගී නොවේ. සයිටම් ගැටළුව සහ වෛද්‍ය වර්ජන ගැන වූ එම කරුණට අමතරව ඔබ ඇතුළු රටේ ජනතාව නොදන්න තව බොහෝ දේ ඇත.

:       0       190

Asanka Sunday, 17 September 2017 12:02 PM

සියලු වෛද්‍යවරුන්ට අපගේ ප්‍රණා... වායු රයිපලයට ඉබ්බෙකු අගුලු දමලා තියන්න පුළුවන් විදියට පොඩි වෙනස් කමක් කරගත්තා නම් හරිනේ..

:       0       33

Chinthaka Sunday, 17 September 2017 03:03 PM

දායක වූ සැමට පිං අත්වේවා. චූඩි දරුවට බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා.

:       0       51

Dasun Monday, 18 September 2017 06:19 AM

වඳුරාට වැදුණා නම් දොස්තරලත් නෑ, ඉස්පිරිතාලත් නෑ, ඔහේ විඳවල මැරිලා යයි. මේ උපකරණවල බරපතලකම මිනිහෙක් මැරෙනකන් තේරෙන්නේ නෑ.

:       0       35

AsankaMonday, 18 September 2017 02:41 PM

ගොවියන්ට වගා බෝග වනසතුන්ගෙන් රැකගන්නම වෙනවා... වෙන විකල්පයක් නැහැ. නමුත් ලංකාවේ තිබෙන 177 කුඩා පැලට් වායු රයිපල වලින් සතුන් ක්ෂණිකව මැරෙන්නේ නැහැ. මාරාන්තික තුවාල වෙලා දුක්විඳලා අමානුෂික විදියටයි මැරෙන්නේ. මේ වැඩේට ගැලපෙන්නේ ෂොට් ගන් විතරයි. ඒවා තිබ්බා නම් මීට වඩා ආරක්ෂිතව තබාගනී කියලයි හිතෙන්නේ. නමුත් දැන් ඒවා කාටවත් ලබාගන්න බැහැ.

:       0       2

gamini Monday, 18 September 2017 11:18 AM

අනුකම්පා විරහිත දොස්තරලා හිටියට, හැමෝම එහෙම නෙවෙයි. මෙම කාර්ය මණ්ඩලයට වේදදුරන්ට ගොඩක් පින්. අපේ ප්‍රණාමය !!!

:       4       2

kkchandrasiri Tuesday, 19 September 2017 06:31 AM

ඔබ සැමට පින්.දෙමාපියන් ළමුන් ගැන අරක්ෂා විය යුතුයි.

:       0       5

චන්දන බණ්ඩාරිගොඩ Tuesday, 19 September 2017 07:31 AM

සියලු වෛද්යතරුන්ට හදපිරි ස්තුතිය.

:       0       5

asoka Saturday, 23 September 2017 02:59 PM

බුදු සරණයි !!! ඉක්මණින් සුවවේවා !!!

:       0       6

mottapaala Sunday, 24 September 2017 09:00 PM

ඇමෙරිකාවේ කළුජාතික ඒඩ්ස් රෝගී දෙදරු මවක් නිකට යටින් පිස්තෝලය තබා දිවිනසා ගන්ට වෙඩි තබා ගත්තා. උණ්ඩය ඇගේ වම් ඇසින් එළියට ආවා. සැත්කමකින් පසුව සුවවී ඇය තවමත් ජීවත්ව ඉන්නවා. වෛද්‍ය වරුන් නිසා ජීවිත ගැලවෙනවා.

:       0       0

ASHOKA Tuesday, 26 September 2017 07:14 AM

ඔබ සැමට පින්.දෙමාපියන් ළමුන් ගැන ආරක්ෂා විය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන



ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2148 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 706 9

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක




මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 753 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 193 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1234 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site