( තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සීමා නිර්ණය කමිටු වාර්තාව ඉදිරිපත් කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මතය විමසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර ඇති අයැදුම්පත පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ඉදිරියේදී ජනාධිපති වෙත දන්වා යවන බව අද (23) නිවේදනය කළේය.
ජනාධිපතිවරයාගේ මෙම අයදුම්පත අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ගේ සභාපතිත්වයෙන් , බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෘ , ප‍්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අධිකරණය හමුවේ විභාගයට ගැණුනි.
නඩු විභාගය ආරම්භයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පවසා සිටියේ මෙම මත විමසීමට අදාළව විවිධ පාර්ශව වලින් ලිඛිත දේශන 13 ක් ඉදිරිපත් වී ඇති බවයි.
ජනාධිපතිවරයාගේ මෙම මත විමසුම පිළිබඳ විභාගයේ නීතිපතිගේ ස්ථාවරය වන්නේ සීමානිර්ණ වාර්තාවක් නොමැතිව පළාත් සභා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත් , පැරණි පනත අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවද නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය අධිකරණයට දැන්වීය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ නීතිපතිවරයා සහ අනෙකුත් පාර්ශවකරුන් එකම ස්ථාවරයක සිට කරුණු දැක්වූ ප‍්‍රථම අවස්ථාව මෙය වන බවය.
ජනාධිපතිවරයාගේ මෙම අයැදුම්පතට අතරමැදි පෙත්සම්ද කිහිපයක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඇල්ලේ ගුණවංශ , අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , අමාත්‍ය රාවුෆ් හකීම් , පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් , මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර , සත්‍ය ගවේෂකයෝ සංවිධානය , විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, නීතීඥ දසුන් නාගසේන , ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සහ නීතීඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරුන් මේවා ඉදිරිපත් කොට තිබිණි.
එම අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥවරු කරුණු දැක්වූ අතර ඔවුන් සියලූ දෙනා සඳහන් කර සිටියේ පළාත්සභා වල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මඟින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවය.
නමුත් අතරමැදි පෙත්සම්කාර නීතීඥ දසුන් නාගසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ සීමානිර්ණය වාර්තාව නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි වුවත් , එය පැරණි ක‍්‍රමය යටතේ පැවැත්වීමේ නීතීමය ප‍්‍රතිපාදන පවතින බවය.
අතරමැදි පෙත්සම්කාර පාර්ශව වල කරුණු දැක්වීමෙන් අනතුරුව නීතිපති වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ මත විමසුම පිළිබඳ ප‍්‍රශ්න තුන සමබ්නධයෙන් නීතිපතිගේ පිළිතුර වන්නේ සීමා නිර්ණය වාර්තා නොමැතිව පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි බවත් , මීට අමතරව පැරණි පනත අනුවද මැතිවරණය පැවැත්විය හැකි බවය.
රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අද සිදු වු අනතුරින් මිය ගිය ගණන අද දහවල් වන විට 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි.
මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනපතිගේ අයැදුම්පත පිළිබඳ තීන්දුව ඉදිරියේදී ජනපති වෙතටම
Amila Friday, 23 August 2019 12:37 PM
රටට ආදරය කරන මිනිස්සු පළාත් සභා ඉල්ලන්නේ නෑ. ඕක ඔහොම්ම නැතිවෙලා යන එක රටට හොඳයි. යන එන මන් නැති.. රටේ මුදල් සූරාකමින්.. මිනිස්සු තව තවත් වලපල්ලට අරන් යන්න ඕනෑ... දේශපාලුවන්ට තමයි මේ වැඩකට නැති පළාත් සභා මේ මොහොතේ ඕනෑවෙලා තියෙන්නේ. හොඳින් එවැනි චරිත හඳුනාගෙන ඊළඟ ඡන්දයකදී ඔවුන්ව පරාජය කළයුතුයි.
samitha Friday, 23 August 2019 06:37 PM
නාගානන්ද මහත්මයා බලයට පත්වුනොත් පළාත් සභා අහෝසියි. ඒවා වල ඉන්න චණ්ඩි, මංකොල්ලකාරයෝ, හොරු, දූෂකයෝ.. ඔක්කොම දොට්ට.. පෙන්ෂනුත් දේශපාලකයින්ට නැහැ.
de silva berlin Saturday, 24 August 2019 02:34 AM
පලත්සබහ ඕනෙද එපාද ? කියල ජනමත විචාරණයක් තියන්න එතකොට ජනතාව තම මතය ප්‍රකශ කරාවි