IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොත්මලේ අවතැන් වූ පිරිසක් පහසුකම් ඉල්ලා උද්ගෝෂණයක

(රංජිත් රාජපක්ෂ)

දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ සහ නායයෑමේ අවධානමක් සහිත කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට කොත්මලේ ගාමිණි දිසානායක පාසලේ සිටින පීඩාවට පත් ජනතාව (17) දින එම පාසල ඉදිරිපිට උද්ගෝෂනයක නිරත විය.

තමන් කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අය බවත්, නායයැමේ සහ නායයෑමේ අවධානමක් සහිත ස්ථාන වල සිටි පවුල් 88කට අයත් සාමාජිකයන් 300 දෙනෙකු පමණ කොත්මලේ ජාතික විද්‍යාලයේ ආරක්ෂිත කදවුරට ගෙන විත් තාවකාලිකව පදිංචි කල බවයි උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ.

තමන්ට කදවුරේ පානය ජල පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් කිසිවක් නොවන බවත්, දැනට ලබා දෙන පිසු ආහාරවල ව්‍යංජන වශයෙන් සොයා මීට් සහ පරිප්පු පමණක් ලබා දෙන බවයි එම පිරිස කියා සිටියේ.

තමන් සිටින කදවුරට ග්‍රාම සේවා නිළධාරිවරයා දින ගණනාවක් නොපැමිණි බවත්, ග්‍රාමසේවා නිළධාරිවරයා හැර රජයේ වග කියයුතු කිසිදු නිළධාරියෙක් තමන් හමුවී සාකච්ඡා කිරිමට හෝ කදවුරේ පවතින අඩුපාඩුකම් සොයා බැලීමට කිසිවෙකු නොපැමිණි බවයි උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එම ආරක්ෂිත කදවුරේ අවතැන් වි සිටි පිරිස් පදිංචිව සිටි ඇතැම් නිවාස නායයැමේ අවධානමක් නොමැති බවට ජාතික ගොඩනැගිලි පර්ය්ෂනායතනය විසින් නිර්දේශ කල බවත්, ඒ අනුව එම නිවාස වලට පදිංචියට යන ලෙසට ආරක්ෂිත කදවුරේ සිටින පිරිසට දැනුම් දුන්නද ඔවුන් එම ස්ථානවල පදිංචියට යෑම ප්‍රතික්ෂේප කරන බවයි ප්‍රා දේශීය ලේකම්වරයා කියා සිටින්නේ ග්‍රාම සේවා නිළධාරිවරයා දින කිහිපයක් ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනය සමග ප්‍රදේශයේ නාය ගිය ස්ථාන පරික්ෂා කිරිමේ කටයුතුවල නියෑලි සිටි නිසා එම ආරක්ෂිත කදවුර වෙත යැමට නොහැකි වූ බවත්, කොත්මලේ ප්‍රදේශයේ ආපදාවෙන් 30 දෙනෙකු මිය ගොස් ඇති බවත්, කොත්මලේ ප්‍රදේශයේ තවත් ආරක්ෂිත කදවුරු 27ක පවුල් 586කට අයත් සාමාජිකයන් 2596 දෙනෙතකු සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.



අදහස් (2)

කොත්මලේ අවතැන් වූ පිරිසක් පහසුකම් ඉල්ලා උද්ගෝෂණයක

ඕෂාන් Wednesday, 17 December 2025 05:25 PM

ආණ්ඩුව කිව්වද මේ අයට මේ තැන්වල ගෙවල් හදාගන්න කියලා? ගමේම අයයි, සමහර දේශපාලුවොයි ගස් කපලා, පස් කපලා - මේ විනාශයට මේ අයත් වගකියන්න ඕනෑ.

:       0       26

Perera Wednesday, 17 December 2025 07:11 PM

ගෙවල් වලට යන්න පුළුවන් කම තියෙද්දී නොයන්නේ ලක්ෂ 50 ගන්න බලාගෙන වෙන්න ඕනෑ.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site