(නිමන්ති රණසිංහ)
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට අල්ලස් කොමිසමෙන් පවරන ලද දූෂණය නමැති චෝදනාවට අදාළ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේ සහ කොමිසමේ අනුමැතියකින් තොරව නඩුව පවරා ඇති බවට මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රකාරව මොවුන් නිදහස් කර තිබේ.
2018 අප්‍රේල් මාසයේදී අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණි.
මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ලෙස සේවය කළ සමයේ දී හීන්කෙන්ද මහතා රුපියල් 230,984ක දුරකතන බිලක් සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියේය.
2025 නොවැම්බර් මස 04
475
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2224
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෙහෙළිය - හීන්කෙන්ද දූෂණ නඩුවෙන් නිදහස්
sharm warn Monday, 20 January 2020 08:48 AM
එතකොට ඔක්කොම හොඳයි. අපිද එතකොට මේ රටේ දේවල් මංකොල්ල කාලා තියෙන්නේ? මහා භාණ්ඩාගාරේ ගෙදර අරන් ගිහින් තියෙන්නේ...
mihira Monday, 20 January 2020 08:54 AM
නිදහස් වෙන්නැතිව කොහොමත් දැන් ඇමතිනේ...
Perakum Monday, 20 January 2020 09:20 AM
නිදහස් උනේ තාක්ෂණික දෝෂයක් නිසා මිස කල වරදෙන් නිදහස් උනේ නැත. නිවැරදි ක්‍රමයට නැවත නඩු පවරන්න.
VipulMonday, 20 January 2020 10:26 AM
දැන් ඉතින් කවුද නඩු පවරන්නේ. අන්න බල්ලෝ මරපු මුරකාරයෙක්නම් අල්ලලා....
kamal Monday, 20 January 2020 09:28 AM
හනේද කියන්නේ...?
nimalka Monday, 20 January 2020 09:58 AM
මේවා සිංහල ජානවලින් එන දෙයක්ද? දෙමළ, මුස්ලිම් මිනිස්සු අපේ නායකත්වයට අකමැති වෙන එකේ පුදුමයක් නැහැ.
Amula Monday, 20 January 2020 10:44 AM
හොඳ තීන්දුවක්. දැන් මේ පාරත් හොඳ කුට්ටියක් කාලා ඊළගට ආපුවාම ආයේ නිදහස්.
hemantha Monday, 20 January 2020 10:53 AM
මේ අයත් නීතිය නමන බව නම් පැහැදිලියි. අර එක ඇමති කෙනෙක්ගේ වාහනයට දෙදෙනෙක් හැප්පිලා මැරිලත් එක දවසක්වත් රිමාන්ඩ් එකේ හිටියා කියලා ඇහුනේ නැහැ..
wedage Monday, 20 January 2020 11:17 AM
අර විදේශයකදී පැනලා කකුල් කඩාගෙන බෙහෙත් කලේ මහජන මුදල්වලින් නේද?
palitha Monday, 20 January 2020 01:27 PM
බෙහෙත් කළේ ගමේ වෙදාගෙන්... සත පහක් ගියේ නැහැ මහජන මුදල්...
sunil Monday, 20 January 2020 02:27 PM
අහිංසක මිනිස්සුන්ට කරදර කරනවා. දැන් හැමෝම නිදහස්, අපි තමයි හොරකන් කරලා තියෙන්නේ...
wije Monday, 20 January 2020 04:34 PM
ඔන්න කනෝ පිනුම් පේනවනම් බලාගනින්...