IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


එජාපයට ජනපති අපේක්ෂකයකු පත් කිරීමට එතරම් හදිස්සියන් නෑ

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නව පුළුල් සන්ධානය කඩිනමින් පිහිටවූවත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු පත්කිරීම  සම්බන්ධයෙන් එතරම් හදිස්සියක් නොමැති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ දී පැවසීය.

ජනාධිපතිවරණයට මාසයක් තබා ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම වඩාත් සුදුසු යැයි තමන් සිතන බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ දී  අද (19) පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවැසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ ද කීවේය.

‘‘සන්ධානය ස්ථිරවම හදනවා. ඒ පිළිබඳ අවසන් තීරණාත්මක සාකච්ඡා සිදුකරමින් පවතිනවා.  එම සාකච්ඡා ඉතා ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මම කිසිම අපේක්ෂකයෙක් ගැන බලන්නේ නැහැ. සන්ධානය සම්බන්ධයෙන්  සාකච්ඡා වලට මම යනවා. මම බලන්නේ මේ මාස හතර ඇතුළේ පුළුවන් තරම් අපේ අමාත්‍යාංශයේ  වැඩ ටික අවසන් කරන්නයි.

මම එක්සත් ජාතික පක්ෂයේ  නෙමෙයි. අපේක්ෂකයා සහ ඒ තියෙන ගැටලූ ගැන එක්සත් ජාතික පක්ෂය සාකච්ඡා කරලා ඊළඟට සන්ධාන නායකත්ව මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගත යුතුයි.

අපිට  අවශ්‍ය වන්නේ හොඳ සන්ධානයක් හදලා කතාවෙන් පමණක් නෙමෙයි ක‍්‍රියාවෙනුත් කරන්න පුළුවන් හරි ප‍්‍රතිපත්ති මාලාවක්  ඉදිරිපත් වුණාහම තමයි  මම පෞද්ගලිකව තීරණය කරනවා මොන තැනද මම හිටගන්නේ කියලා.

මේ අපේක්ෂකයො කවුරුත් මම විවේචනය කරන්නෙත්  නැහැ, මම කාගෙවත් හොඳ කියන්නෙත් නැහැ. මම බලන්  ඉන්නවා  හරි පුද්ගලයා කවුද කියලා.

හැම පක්ෂයකටම විනයක් අවශ්‍යයි. සමහර තරුණ මන්ත‍්‍රීවරු හිතන්න හොඳ නැහැ. ඒ අයම හිතන දේ හරි කියලා. මම නම් හිතන්නේ අපට රටට ආදරය  කරන දැක්මක් එක්ක  රටක් දුවන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි.

සුළු පක්ෂ සියල්ලක්ම වගේ අද එක්සත් ජාතික පෙරමුණත් එක්ක ඉන්නවා. අපිට දාන කෙනා කවුද කියලා අදාල නැහැ. අපේක්ෂකයා ගැන අපි දැම්මට පස්සේ තීරණයක් ගන්නවා. මට නම් වලින් වැඩක් නැහැ. එන පුද්ගලයා කවුද කියලා ඔහුත් එක්ක වැඩ කරන්න පුළුවන්ද කියලා බලා අපි තීරණයක් ගන්නවා.

මහජනතාව අපේන් කවදාවත් බඩු අඩු කරන්න කියලා ඉල්ලූවේ නැහැ. අපෙන් ඉල්ලූවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ඇති කරන්න කියලා. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය  වැඩියෙන් ඇති කළා. ඒක එක ප‍්‍රශ්නයක්  විදියට මම දකිනවා.

අපේ කැබිනට් මණ්ඩලයේ හිටියා මේ ගැන හැමදාම කතාකරන ඇමැතිවරුන් සිව් දෙනෙක්. අන්තිමේදී ඒ හතරදෙනාටම ඇතිවෙලා දැන් මේ ගැන  වචනයක්වත් කතා කරන්නේ නැහැ.

අවුරුදු හතරහමාරක් ගියාට පස්සේ ඇවිත්  දැන් හොරු අල්ලන්න පුළුවන්ද බැරිද කියලා මම දන්නේ නැහැ.  නමුත් 2015 මිනිස්සු අපෙන් බලාපොරොත්තු වුණේ  මෙයට වඩා වෙනස් ක‍්‍රමයක්. අපි අතින් ඒක සිද්ධ වුණේ නැහැ කියලයි මම හිතන්නේ’’ යැයි ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඡායාරූපය - ළහිරු හර්ෂණ

 



අදහස් (12)

එජාපයට ජනපති අපේක්ෂකයකු පත් කිරීමට එතරම් හදිස්සියන් නෑ

kamal Monday, 19 August 2019 09:43 AM

මනමාලිව අන්තිම මොහොත දක්වා හංගගෙන ඉන්නේ ඇයි කියලා කවුරුත් කතාවෙනවා.

:       0       123

Palitha Lakshman Monday, 19 August 2019 09:50 AM

මේ තව එක දේශපාලකයෙක්...!!

:       0       135

ගල්කටස් Monday, 19 August 2019 09:52 AM

අනේ අනේ ඔයාගේ බණ අපිට එපා. අර සජිත් මහත්මයා මං එනෝ කියකියා රවුම් ගහන්නේ එයා නෙමෙයිද ඔහෙලාගේ අපෙක්ෂකයා? ජීවන වියදම අඩුකරලා අපිට පුංචි කාර් එකක රවුම් ගහන්න පුලුවන් කිව්වේ ඔහෙලානේ මහත්තයා... ඉතිං දැන් අපි ඔයාලගේ පුංචි කාර් එකෙන් ගිහින් මල්ලිගේ නායකයාට කතිරේ ගහනවා හරිද?

:       1       175

Cisco Monday, 19 August 2019 09:58 AM

මෙයාත් මෛත්‍රීෙග් පළාත්සභා ගුලිය කාලා වගේ...

:       0       51

sirimal Monday, 19 August 2019 10:02 AM

ඔබතුමාලට හදිස්සි නැති වුණාට එක්කෙනෙක් නම් දැනටමත් තරඟයට අවතීර්ණ වෙලා කියලයි කියන්නේ. අර බ්‍රේකින් නිවුස් කණ්ඩායමේ තල්ලුවෙන්න එයා බලහත්කාර කමෙන්ම නාමයෝජනා ගන්නයි හදන්නේ ඔන්න. 23 වැනිදා මාතරදීත් බලය පෙන්වන ජාතියේ කෝලම් නර්තනයක් කරනවා කියලා කියන්නේ.

:       39       280

lalith Monday, 19 August 2019 10:31 AM

හදිස්සියක් නැද්ද, එහෙමත් නැත්නම් කෙනෙක් නැද්ද...?

:       0       290

Bandara Monday, 19 August 2019 10:53 AM

බැට් එක අරගෙන ජනේලයෙන් පැන්නේ මෙයා නෙවෙයි කියලා මට දැන් හිතෙනවා.

:       0       24

Bandula. Monday, 19 August 2019 11:28 AM

හදිස්සියක් නැද්ද! නැත්නම් වෙන්න බලාගෙන ගෙන ඉන්න කට්ටිය වැඩිද මන්දා, කාට දෙන්නද නේද?

:       0       232

sharm warn Monday, 19 August 2019 12:17 PM

ආහ්.... අපි හිතුවා සජිත් නැටුවට අන්තිමේ එයාට හුළං කියලා.. ඔය පැන්නේ තව බළලෙක් මල්ලෙන්.. මේ බළලා හැර තවත් බළලුන් සිටිත්ද?

:       0       10

ධම්ම Monday, 19 August 2019 04:46 PM

ඉම්රාන් පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය ගෙනාවා. දැක්මක් ඇතිව දේශපාලන පක්ෂයක් බිහිකළා. කට්ට කාගෙන ගිහිල්ලා අරමුණ කරා ලඟාවුණා. අද ඔහු පාකිස්තානයේ අගමැති. 96 ලෝක කුසලානය අහම්බයක්ද කියා හිතෙනවා. පක්ෂයක නැට්ටේ එල්ලිලා ඔබ මේ කියන දේවල් ඇහෙනකොට...

:       0       2

siri Monday, 19 August 2019 07:45 PM

ඇත්ත නේන්නම්

:       0       1

Bamunuarachchi Tuesday, 20 August 2019 12:47 PM

ඔව් අනේ මොකට හදිස්සි වෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 503 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site