(ගයාන් සූරිය ආරච්චි)
යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.
එම හෝටලයේදී ආහාර ගැනීමට යාමේදී මන්ත්‍රීවරයා සහ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු ආරවුලකදී මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
ෙසිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා සෘණාත්මක ලෙස අවධානය ගන්න උත්සාහ කරනවා.
මේ මානසික රෝගියෙක්.... පාර්ලිමේන්තුවෙන් එලවන්න කාලයයි දැන්....
උගත් මෝඩ පිස්සෙක්
අහන්න දෙයක් නෑ මේ යකාට පිස්සු
මෙයා තාම හොඳ හෝටලේකින් කාලා නැ
කවුද බං මේ රුහුණු කථාවක් ඇදගෙන උම්බෑ කියන්නේ.
මේ මනුස්සයා තනිකරම කොටි ඩයස්පෝරාවේ අතකොලුවක්. පාර්ලිමේන්තුවේ කතාව ආරම්භ කරන්නේ ඊළාම් රාජ්‍ය කියලයි. කොන්ද පණ ඇති එකෙක් නෑ පාර්ලිමේන්තුවේ . එහෙම හිටියා නම් මේ වගේ හරක්ට උම්බෑ කියන්න ඉඩ තියන්නෙ නෑ. හැබැයි මෙයා ළඟදිම කනවා හොඳ කෑමක්.
රම්බොඩ දකින කෝනයෙන් බලන්නේ රාජපක්ෂලා, අපි දකින්නේ මේක පුද්ගල හැදියාව සම්බන්ධ ප්‍රශ්නයක් විදියට. මොහුට කවුන්සලින් සේවයක් අවශ්‍ය බව පේනවා. මොහු කියන ජාතිවාදි කතා කවුරුත් ගණං ගන්න එපා, ඒක ජනප්‍රිය වෙන්න කරන යල්පැනගිය උපක්‍රමයක්.
නෑ...රම්බොඩ කියන්නේ ඇත්ත...මූට හරි දඬුවමක් දෙන්නැත්තේ අනුර කුමාර මූට භයද..?
මොහුට ඡන්ද දුන්න අය ගුටිකෑම සාධාරණයි නේද?
මම මාලිමාවට ඡන්දය දුන්නේ... දැං මං අහන්නේ ඕක නාමල් රාජපක්ෂ (සිංහල මිනිහෙක්ටම ගැහුවා කියමුකෝ) කලා නම් අද මාලිමාව ජාත්‍යන්තර අධිකරණයෙත් නඩු දාලා සීසීටීවී සාක්ෂි තියන නිසා ඇයි මේ ඇස් කන් පියාගෙන ඉන්නේ එයා යූටියුබර් කෙනෙක් කිය කියා නලින්ද ජයතිස්ස මහත්තයා හැම තැනම කියන්නේ යූටියුබ් වුණාම නීතිය බයද?
මෙයා පාර්ලිමෙන්තුවට පත් වෙන්න ඉස්සර මේ වගේ දේවල් දැකලා තිබුනද ? මේ Video
මෙයා පාර්ලිමේන්තුවට පත්වෙන්න කලිනුත් මේ වගේ දේවල් වුනාද ? මේ Video එක බලන ඕන කෙනෙක්ට පේනවා අර කොට කලිසම ඇදන් ඉන්න පුද්ගලයා මෙයාගේ phone එක උදුරලා ගන්නවා. මම නම් හිතන්නේ මිනිසුන් මෙයාගේ චරිතය නිසා හැම තැනකදීම එයාව අවුස්නවා කියලා. මේ සිද්ධි YouTube දලා කීදෙනෙක් හම්බ කර ගත්තද ? මේවා නිකන් බොරු ෂෝ කාලේ කන වැඩ - රට හොරු පැත්තක අතල් ගන්නවා අපි මේවා බල බල ආතල් ගන්නවා අපේ වැදගත් කාලය නාස්ති කරගෙන.