IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


රූසපුව නැති කරන පොතු කබර-සුදු කබර නිට්ටාවට සුව කරන්න පුළුවන්

පාරම්පරික දේශීය වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස

 

  • බෝ වෙන්නේ නෑ ප්‍රතිකාර මුලදිම පටන් ගන්න ඕනෑ සුව වෙන්න ලෙඩාගේ පරෙස්සමත් බලපානවා

 

පැහැපත් සුවපත් සමක් ඔබට හිමි නම් කොතරම් සතුටක් වේවිද? තමන් සතු ඒ පැහැපත් සුන්දර රූපය ආරක්ෂාකර ගැනීමට කෙතරම් උනන්දුවක් දක්වනවාද? යම් විදිහකින් සිරීමක්, තුවාලයක්. යම් කැළලක් හෝ විකෘති බවක් හදිසියේ සිදු වුවහොත් ඒ සඳහා ඔබ කොතරම් ප්‍රතිකාර කරයිද? එහෙත් යම් රෝගී තත්ත්ව මත රූ සපුවට හානි වන අවස්ථා දැක ගැනීමට හැකිය. සුදු කබර හා පොතු කබර රෝගය එවැනි රෝගී තත්ත්වයකි. මෙම රෝගී තත්ත්වය නිසා බොහෝදෙනෙකු මානසිකව හා කායිකව මහත් පීඩාවට පත් වේ.


එවන් පීඩාවට පත් රෝගීන්ට සැනසිලිදායක පුවතක්  අප ගෙන එන්නෙමු. අපට එම ආරංචිය ලැබුණේ පාරම්පරික දේශීය වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස මහතාගෙනි. ඔහු පදිංචිව සිටින්නේ තුල්හිරිය ප්‍රදේශයේ ය.

ඔහු පාරම්පරිකව දේශීය වෙදකම උරුම කරගත් වෙද මහතෙකි. මෙයට අමතරව ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ ද අධ්‍යාපනය හදාරා තිබේ. ඔහු  සර්වාංග වෛද්‍යවරයෙකු වුවත් වඩාත් ප්‍රචලිත වී ඇත්තේ සුදු කබර, පොතු කබර රෝග සඳහාය. එසේම අංශභාග විකිත්සාව, ආතරයිටිස්, දියවැඩියාව, බරව රෝගය, නගර ගැටගැසීම, අර්ශස්, බගන්දරා, ඇතුළු රෝග බොහොමයකට ප්‍රතිකාර කරයි.


“සුදු කබර හා පොතු කබර රෝගය ආයුර්වේදයේ සඳහන් වෙන්නේ සාදධ්‍යයි, කුච්චසාදධ්‍යයි කියලා. සුව කරන්න බැහැ. අමාරුවෙන් සුව කළ හැකියි. ඒ අනුව මෙම රෝග කුච්චසාදධ්‍යයි. අපි ළගට පැමිණෙන රෝගීන් බොහොමයක්ම සුවවෙලා ඉන්නවා. බොහෝවිට සුවවීමට පුමාදවීමට හේතු වන්නේ රෝගියාගේ නොසැලකිල්ලයි. මෙම රෝගයේදී රෝගියා 100% ක්ම ප්‍රතිකාර සඳහා කැපවීමක් සිදු කළ යුතුයි. එහෙම වුනොත් සුවකර ගැනීම අපහසු නෑ.


මෙම රෝගය වැලඳීමට හේතු මොනවාද කියන එක මුලින්ම බලමු. මානසික ආතතිය, පාරම්පරිකව ජාන නිසා ආහාර විෂමතා, ගරවිෂ, (බන්දන හදිහූනියම්) වැනි හේතු වගේම දියවැඩියාව, නින්ද නොයාම, පෙර කළ පව් ආදී කරුණු බොහොමයක් තියෙනවා. මෙවැනි හේතු වසර ගණනාවක් පුරා තිබිලා පසුව සුදු කබර හා පොතු කබර රෝගය මතුවෙනවා. අපි මුලින්ම සුදු කබර රෝගයේ ලක්ෂණ බලමු. මුලින්ම රෝග ලක්ෂණ මතු වන්නේ තොල්වල ලිංග ආශ්‍රිතව, හිසේ, ඇත්දළ පාට වර්ණයට හුරු සුදු ලපයක් හැටියටයි.
වර්තමානයේ සොයාගෙන තියෙනවා අපේ ශරිරයේ මෙලනින් කියන සෛල නිෂ්පාදනය නොවීම නිසා සුදුපාට (ඇලි තත්ත්වයට) පත්වෙනවා කියා. මේ ලක්ෂණ දැනගත් වහාම ප්‍රතිකාර ගත යුතුයි. මෙලනින් අඩු පුද්ගලයෙකු සීරිමක්, කැපීමක්, තුවාලයක්, පිලිස්සීමක් (අධි අව්රෂ්මිය), දියවැඩියාව ආතතිය වගේ තියෙන අයට ඉතා ඉක්මනින් රෝගී තත්ත්වය උත්සන්න වීමට පුළුවන්.


රෝග සුව වෙන්න මාස 06 ක් පමණ ගතවෙනවා. රෝගීන්ට අපි මේ ගැන පහදලා දෙනවා. මෙම රෝගය සමහරුන්ගේ තොල්වලින් ආරම්භ වෙලා ව්‍යාප්ත වෙනවා. ඇතැම් අයගේ දණහිසෙන් පහළ ව්‍යාප්ත වෙනවා. රෝග ලක්ෂණ අනුව තමයි ප්‍රතිකාර විදි නිර්දේශ කරන්නේ. මෙය අනිවාර්යෙන්ම සුව කළ හැකියි. ප්‍රතිකාර ගන්නා කාලය තුළ පත්‍ය අපත්‍ය ආහාර පිළිපැදිය යුතුයි. මානසික ආතතිය අඩුකරගන්න ඕනෑ. දිනකට ජලය බෝතල් 08 ක් පමණ බොන්න ඕනෑ. මස් මාංසවලින් තොරවිය යුතුයි. නින්ද අනිවාර්යයි. මේවා පිළිපදිනවා නම් කිසිම බියක් විය යුතු නෑ.


මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී මුලින්ම රෝගියාගේ ඇතුළත සෝදනය කරනවා. ඉන්පසුව රෝගය සුවවෙන්න ප්‍රතිකාර දෙනවා.


ඉන්පසු නැවත රෝගය නොසෑදෙන්න ප්‍රතිකාර ලබාදෙනවා. රෝගයට ප්‍රතිකාර හැටියට තෙල්, ඖෂධ වර්ග, ගැල්වීම, බෙහෙත් ඔරු තුළ ප්‍රතිකාර ඇතුළුව බොහොමයක් තිබෙනවා. නරක් වූ රුධිරය කූඩැල්ලන් මගින් ඉවත් කරනවා. ඒවගේම වමනය කිරීම කරවීමෙන් උදරයේ විෂඉවත් කරනවා. මේ ප්‍රතිකාර කළාට පස්සේ තමයි රෝගියාගේ අභ්‍යන්තරයට ලබාදෙන ප්‍රතිකාර හොඳින් පත්‍ය වෙන්නේ. ඖෂධ වර්ග අපි රෝගියාට පිළියෙල කර ලබා දෙනවා. රැකියාවට යන ගමන්ම ප්‍රතිකාර ගැනීමට පහසු අයුරින් සියල්ල අප ලබාදෙනවා. අවශ්‍යවන්නේ ආහාර පාලනයයි.”

 

 


ඔහු පොතුකබර රෝගයේ රෝග ලක්ෂණ හා රෝග ස්වභාවය පිළිබඳ පැහැදිලි කර සිටියේ මෙලෙසය. 


“පොතු කබර රෝගය මුලින්ම හිස් හොරි ස්වභාවයෙන් තමයි එන්නේ. බොහෝදෙනා හිස් හොරි කියලා හිතාගෙන නොයෙක් ප්‍රතිකාර කරලා බැරිම තැන තමයි අපි ළඟට එන්නේ. මෙම රෝගයේ ලක්ෂණයක් තමයි දියලබු මල් වර්ණයට හුරු කුඩු හිසින් වැටීම. මේ කී රෝගය මුලින්ම හිසට ඇවිත් සිරුර පුරා ව්‍යාප්ත වෙනවා. මෙම රෝගය තිබෙන අය මානසිකවත් කායිකවත් විඳවන පිරිසක්. පොතු කබර රෝගය කාලයක් යද්දී තුවාල බවට පත්වෙනවා. කසන්න පටන් ගන්නවා. කාලයක් යද්දී හැම හන්දියක්ම ආසාදනයට ලක්වෙනවා. හන්දි ඇදවෙනවා. නියපොතු ගැලවෙනවා. ඉවසන්න බැරි වේදනාවක් දැවිල්ලක්, හටගන්නවා. ඒ සමගම දුර්ගන්දයක් පිටවෙනවා. මෙම රෝගය තිබෙන රෝගීන් හරිම අසරණයි. රෝගීන් ඉතාම පිරිසුදුව සිටිය යුතුයි. මූලික ලක්ෂණ දැකගත් විගසම ප්‍රතිකාර ගැනීමයි කළ යුත්තේ. රෝගය අනිවාර්යයෙන්ම සුව කිරීමට හැකියි.


විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ සුදු කබර හා පොතු කබර රෝග දෙකම බෝනොවන රෝග, කොතෙක් ස්පර්ශ කළා කියලා ළඟ හිටියා කියලා බෝවෙන්නෙ නෑ. හොඳම දේ රෝගය පටන් ගැන්මෙදීම නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමයි. 

 


සටහන/ඡායාරූප  :  
ශාන් බන්දු වීරසිංහ 

 



අදහස් (0)

රූසපුව නැති කරන පොතු කබර-සුදු කබර නිට්ටාවට සුව කරන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 784 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 912 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site