IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


පාරම්පරික හෙළ වෙදකමෙන් දරු සිහින සැබෑ කර දෙන දේශීය වෛද්‍යවරයා

ආර්.එම්.එස් බණ්ඩාර

  • මඳ සරුබවට උත්තර හෙළ වෙදකමේ තියෙනවා

 

මවුපියන් සතු වටිනාම සම්පත දරුවන් ය. විවාහයෙන් පසු දරුවකුගේ සුරතල් බැලීම කාගෙත් පළමු සිහිනයයි. අවාසනාවට මෙන් ඇතැම් අයට එය සිහිනයක්ම පමණක් වන අවස්ථාද ඇත. 


කොතෙකුත් උත්සාහ ගත්තද දරුවකුගේ සිහිනය සෑබෑ කර ගැනීමට නොහැකිව වේදනා විඳින යුවළ අප සමාජයේ කොතෙකුත් ඇත. එවන් අයට යම් බලාපොරොත්තුවක් දල්වා ගැනීමට හැකි දේශීය ප්‍රතිකාර සිදු කරන වෛද්‍යවරයෙකු පසුගිය දිනක අපට මුණ ගැසිණි.


පාරම්පරික දේශීය වෛද්‍ය ආර්.එම්.එස් බණ්ඩාර මහතා තම පිය පරම්පරාවෙන් වෙදකම උරුම කරගත් වෛද්‍යවරයෙකි. ඔහු ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේද අධ්‍යාපනය හදාරා ඇත. 90 වසරේ සිට දේශීය වෛද්‍යවරයකු ලෙස සේවය කරන ඔහු කුරුණෑගල නගර කොට්ඨාසයේ උප්පැන්න හා මරණ වෛද්‍ය රෙජිස්ටාර්වරයකු ලෙසද සේවය කරයි. ඔහු සර්වාංග වෛද්‍යවරයෙකි. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පක්ෂගාත රෝගය පීනස හා විශේෂයෙන්ම දරුඵල සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු ලෙසය.


“වර්තමානයේ බහුලව දකින්න තිබෙන බොහොම කනගාටුදායක තත්ත්වයක් තමයි අලුත විවාහපත්වන බොහෝදෙනාට දරුවන් නොමැතිවීම. මෙයට හේතු ගණනාවක් බලපානවා.
මේ හේතුවලින් බොහෝදෙනාගෙ දකින්න තිබෙන තත්ත්වයක් තමයි වයස ඉක්මවා විවාහවීම. නූතන සමාජයේ පවතින තරගකාරි බව ආර්ථික ගැටලු ඇතුළු විවිධ කරුණු නිසා විවාහය ප්‍රමාද වෙනවා.


තරුණියක් අවුරුදු 18-26 වයසින් විවාහවීම තමයි වඩාත් සුදුසු. මෙම කාලය තුළ නියම ආකාරයට බිජ වර්ධනය වෙනවා.  නමුත් අද සමාජයේ අවුරුදු 30 ක් ඉක්මවලා විවාහ වන තත්ත්වයක් තමයි දකින්න තිබෙන්නේ. පිරිමි පාර්ශවය ගත්තොත් ඒ අයට වයස ඒ තරම් බලපාන්නෙ නෑ. නමුත් වෙනත් හේතු නිසා ඔවුන් වඳ භාවයට පත්වෙන්න පුළුවන්. ඇතැම් තරුණියන් නිසිකලට විවාහ වුණත් දරුවන් ලැබීම ප්‍රමාද කර ගැනීමට විවිධ පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කරනවා.


එය පසුකාලීනව මද සරුබවට හේතුවක් වෙන්න පුළුවන්. මානසික ආතතිය. රසකාරක සහිත ආහාර නිතර ගැනීම, දිර්ඝ කාලීනව ගන්න ඖෂධ ගැනීම (විශේයෙන්ම දියවැඩියාව) නිසාත් බීජ මේරීමේ හැකියාව අඩුවෙන්න පුළුවන්.

 

  • මීට අමතරව දැරුඵල අහිමිවීමට කාන්තාවන්ගේ ගැබ් ගෙල සිහින්වීම. පැලෝපීය නාළවල අවහිරතා, ගර්භාෂයේ ගෙඩි, උෂ්ණත්වය, ඩිම්බ කෝෂවල විකෘතිතා හේතුවෙනවා.
  • ගැහැනු ළමයින්ට කුකුළු මස් දීම අඩු කරන්න


ආහාර පිළිබඳ කතා කිරීමේදී ගැහැනු දරුවන්ට කුඩා කල සිටම නිතර කුකුළු මස් ආහාරයට දීම නිසා පසුකාලීනව මඳ සරුබවට වගේම වෙනත් රෝගවලට පවා ගොදුරුවන්න පුළුවන්. 


දරුඵල නැතිවීමට බලපාන තවත් කාරණයක් වෙන්නේ අධික ස්ථුලබව. එය දරුවන් ප්‍රමාද කරන සහ වෙනත් රෝග පෙන්නුම් කරන තත්ත්වයක්.


අධික ලෙස මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්පානය කරන පිරිමින්ගෙත් සරුබව අඩුයි. ඒ වගේම අධික ලෙස සිරුර වෙහෙසා වැඩකරන අය, (මානසික හා කායිකව) රසායනික කම්හල්වල සේවය කරන අය (නිසි ආරක්ෂක පිළිවෙළක් නොමැතිව) දවසේ වැඩි කාලයක් යට ඇඳුම් ඇඳ සිටින (විශේෂයෙන් ඉතා තදට) අයගේ ශූක්‍රාණුවල සෛල විනාශ වෙන්න පු`ඵවන්. උෂ්ණාධික සිරුරක් සහිත අය, විවිධ පෙති වර්ග, ක්‍රීම් වර්ග (ලිංගික ක්‍රියා සඳහා) භාවිත කරන අය අතරත් මෙවැනි තත්ත්ව දකින්න පුළුවන්.


මීට අමතරව දැරුඵල අහිමිවීමට කාන්තාවන්ගේ ගැබ් ගෙල සිහින්වීම. පැලෝපීය නාළවල අවහිරතා, ගර්භාෂයේ ගෙඩි, උෂ්ණත්වය, ඩිම්බ කෝෂවල විකෘතිතා හේතුවෙනවා. ප්‍රතිකාර ගැනීමට පැමිණි බොහෝ කාන්තාවන්ට තිබෙන පොදු ලක්ෂණයක් හැටියට ඩිම්බ මේරීමේ අඩුකම, සරු ඩිම්බ නිර්මාණය නොවීම දකින්න පුළුවන්.
කාන්තාවන්ට හා පිරිමින්ට තිබෙන මෙම රෝගී තත්ත්ව බොහොමයකටම දේශීය ප්‍රතිකාර අප සතුව තිබෙනවා. මේවා පරම්පරාවෙන් ලැබුණු, අත්දුටු ඖෂධ වට්ටෝරු. අපි ප්‍රතිකාර කළ රෝගීන් බොහොමයකට අද දරුවන් සිටිනවා. එනිසා මුලින් පරීක්ෂා කරලා තිබෙන දෝෂය හඳුනා ගැනීමයි වැදගත්. අපි රෝගීන් පරීක්ෂා කරන්නෙ නාඩි ඇල්ලීමෙන්. රෝගය අනුව කසාය වර්ග, චූර්ණ, ගුළි වැනි ඖෂධවලින් ප්‍රතිකාර කරනවා.


ප්‍රතිකාර ගන්නා කාලසීමාවෙ රෝගීයා විසින් පිලිපැදිය යුතු කරුණු තිබෙනවා. විශේෂයෙන්ම උෂ්ණ අධික ආහාර, තෙල් බහුල ආහාර ඇතුළු මස් වර්ග හා මාළු නොගත යුතුයි.
රෝගියා නිසි ආකාරයට අප ලබාදෙන උපදෙස් පිළිපැද ප්‍රතිකාර ගන්නේ නම් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. දරුවකුගේ සිහිනය සෑම අයකුටම ඉටු කරගන්න පුළුවන්.”
දේශීය වෛද්‍ය ආර්.එම්.එස් බණ්ඩාර මහතා කුරුණෑගල ගැට්ටුවාන දී සහ ගොකරැල්ලේදී තම සායන පවත්වයි. 

 

 

සටහන/ඡායාරූප  :  
ශාන් බන්දු වීරසිංහ 

 



අදහස් (0)

පාරම්පරික හෙළ වෙදකමෙන් දරු සිහින සැබෑ කර දෙන දේශීය වෛද්‍යවරයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 233 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 284 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1203 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site