IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


විශ්වාසභංගය භංග කිරීම

ඉරිදා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන රැස්වීමකට සහභාගීවන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබිණ. රැස්වීමෙන් පසුව, රාත්‍රී භෝජනය සඳහාත් රැදී සිටින ලෙස ඔවුන්ට දැනුම් දී තිබිණ.

මේ අතරවාරයේදී උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය භාවිතා කරන්නැයි තෙවරක් අවධාරණය කැරුණු නිවේදනයක් සෙනසුරාදා දිනයේ රජයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබිණ. තෙවරක් අවධාරණය කැරුණු නිවේදනයක් යනු, තෙවරක් යටින් ඉරි ඇඳ සටහන් තැබෙන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් නිකුත් කරනු ලබන නිවේදනයකි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙක් අත්සන් තබා ඇති මෙම විශ්වාසභංග යෝජනාවේ මෙසේ සදහන් වී තිබිණ.

 

1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ උත්තර දීමට බැඳී සිටින නමුත්, ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධානම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා ලිඛිතව සදහන් කර ඇති පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව, බලශක්ති අමාත්‍ය ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් ඉන්ධන මිල ඉහල දැමීමට කටයුතු කර ඇති බැවින් ද,

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(1) ව්‍යවස්ථාවට අනනකූල වනසේ, රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම උල්ලංඝණය කොට ඇති බැවින් ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වන ව්‍යවස්ථාවට අනනුකූලවන සේ මූලික යුතුකම් පැහැර හැර ඇති බැවින් ද, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වැනි ව්‍යවස්ථාව පරිදි ලබාදුන් ප්‍රතිඥාව කඩකොට ඇති බැවින් ද,

3. ලෝක වෙළදපොලේ ඛනිජ තෙල් මිල ඉතා අධික ලෙස පහත වැටුණු 2020 ජනවාරි මස සිට මේ දක්වා පැවති වසර එකහමාරකට ආසන්න කාලයක් තුළ මෙරට ඉන්ධන මිල අඩු නොකර ඉහළ මට්ටමක පවත්වාගනිමින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රජය ලැබූ ලාභය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් නොකළ බැවින් ද,

4. එසේ ලෝක වෙළදපොලේ ඛනිජ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකරමින් ලබාදෙන බවට දුන් පොරොන්දුව ඉටු නොකළ හෙයින් ද,

5. එකී මිල වාසිය පදනම් කොටගෙන වසර දෙකක් තුළ ඉන්ධන මිල වැඩි නොකිරීමට දුන් පොරොන්දුව ඉටුනොකළ හෙයින් ද,

6. එකී මිල අඩුවීමේ වාසිය තෙල් මිල ඉහළ යන විටදී භාවිතා කිරීමට රජය විසින් ස්ථාපනය කළ බවට ප්‍රකාශ කළ තෙල් මිල ස්ථාවර කිරීම සදහා වූ අරමුදලට සිදුවූයේ කුමක් ද යන්න මෙම පාර්ලිමේන්තුවට සහ ජනතාවට දැන්වීමට අපොහොසත් වූ හෙයින් ද,

7. එකී මිල අඩුවීම තුළ රජය ලැබූ ලාභය උපයෝගී කොටගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය බැංකුවලට ඇති ණයගැති බවින් මුදලා ගැනීමට දුන් පොරොන්දුව ඉටු නොකළ හෙයින් ද,

8. ඉන්ධන මිල ඉහළ යාම සහ ඒ හා සමගාමීව සියලුම පාරිබෝජන භාණ්ඩවල නිශ්පාදන පිරිවැය ඉහළ යාමත්, ඒ හා සමගම උද්ධමනය ඉහළ යාමත් නිසා කෝවිඩ් වසංගතය නිසා පීඩාවට පත්ව ඇති ජනතාව ආර්ථික වශයෙන් තවදුරටත් පීඩාවට පත්වන හෙයින් ද,

9. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම තුළින් අපනයන කෙරෙහි සහ සමස්ථ ආර්ථිකයම කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකි බැවින් ද,

10. රජය පත්වීමේ දී, ලබාදුන් ජනතා න්‍යාය පත්‍රය, රජයේ ප්‍රතිපත්තීන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුව සහ අනියමින් උල්ලංඝණය කරමින් වරින් වර ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්ව ඇති හෙයින්, බලශක්ති අමාත්‍ය ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පිළිබදව මෙම ගරු සභාවේ විශ්වාසනීයභාවය සම්පූර්ණයෙන්ම නොමැති බැවින්, තවදුරටත් බලශක්ති අමාත්‍යවරයාට එම ධූරයේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

මෙම තීරුවෙන් අවස්ථා කිහිපයකදීම සදහන් කළ ආකාරයට, ඉන්ධන මිල ඉහළ දැමීමේ වගකීම, ඉන්ධන මිල නියම කිරීම සම්බන්ධයෙන් වන කමිටුව භාරගන්නා බවට රජය නිල වශයෙන්ම නිවේදනය කර තිබිණ. එහෙත් සමගි ජනබලවේගය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාව පමණක් ඉලක්ක කර විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ ඇයි? යන්න පැහැදිලි නැත.

විශ්වාසභංගය විවාදයට ගෙන අවසන් කැරෙන තෙක්, සිදුකිරීමට යෝජිත කැබිනට් තනතුරු වෙනසක් තාවකාලිකව අත්හිටුවා ඇතැයි සන්ධානයේ ආරංචි මාර්ග සදහන් කළේය. එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ ගම්මන්පිල මහතාට වෙනත් අමාත්‍යංශයක් හිමිවීමේ හැකියාවක් ද, පවතින බවය. ගෙවුණු මාස කිහිපයේදීම ගම්මන්පිල මහතා තමන්ට තව තවත් බලතල හිමිවනු වස් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට උත්සාහ කර තිබේ.

පහත දැක්වෙන්නේ ඔහු කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර ඇති නවතම යෝජනාවයි.


කැබිනට් යෝජනාව

1961 අංක 28 දරන ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණත සංශෝධනය කිරීම

පසුබිම
1.1- ඛනිජ තෙල් කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් වන, ආනයනය, අපනයනය, විකිණීම සහ සැපයුම වැනි ව්‍යාපාරිකමය ක්‍රියාකාරකම් සිදුකරගෙන යාම සදහා වෙනම සංස්ථාවක් නිර්මාණය කිරීමේ අරමුණින්, 1961 අංක 28 දරන ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණත හදුන්වාදීම සිදුවිය

1.2- දැනට ක්‍රියාත්මකව පවතින සහ අවස්ථා කිහිපයකදී සංශෝධනයට භාජනය කර තිබෙන 1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතෙන්, ඛනිජ තෙල් ආශ්‍රිත ඉන්ධන නිශ්පාදනයන් වන පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් වැනි නිශ්පාදනයන් ආනයනය කිරීමට, අපනයනය කිරීමට, පිරිපහදු කිරීමට, විකිණීමට සහ සැපයීමට බලය හිමිකර දී, තිබෙන්නේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණි.

1.3- කෙසේවුවත්, 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිශ්පාදන (විශේෂ විධිවිධාන) පණතෙන්, බලශක්ති සැපයුම් කමිටුවේ නිර්දේශයට යටත්ව ඕනෑම පුද්ගලයෙකුට හෝ මණ්ඩලයකට හෝ ඛනිජ තෙල් ආශ්‍රිත ඉන්ධනයන් ආනයනය කිරීමට සහ අපනයනය කිරීමට, විකිණීමට, සැපයීමට සහ බෙදාහැරීමට බලපත්‍රයක් නිකුත් කිරීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට ලබා දී, තිබේ. ඛනිජ තෙල් කර්මාන්ත ක්ෂේත්‍රයේ යහපැවැත්ම සහ අවශ්‍යතා සැළකිල්ලට ගෙන එම බලපත්‍රය නිකුත් කිරීමට අමාත්‍යවරයාට බලය ලබා දී, ඇත.

1.4- අමතරව, තත්කාලයට ගැලපෙන අයුරින් පනත සංශෝධනය නොවීම නිසා, ඇතැම් ඛනිජ තෙල් නිෂ්පාදනයන් අරබයා ගතයුතු වන තීරණ නිවැරදිව හදුනාගැනීමට හෝ තීරණ අදාළ පරිදි ගැනීමට නොහැකි වූ අවස්ථා කිහිපයක්ම තිබී ඇත.


විස්තරය සහ කරුණු දැක්වීම

2.1- ඉහත සදහන් කෙරුනු 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිශ්පාදන (විශේෂ විධිවිධාන) පණත ක්‍රියාකාරී තත්ත්වයේ නොපවතී. එනිසා, තරගකාරී ආයතනයන්ට ආයනයනය, අපනයනය, වෙළදාම, සැපයීම සහ බෙදාහැරීම සිදුකිරීමට හැකිවන සේ බලය ඔවුන් වෙත බෙදා හැරීමටත්, ඔවුන් වෙත බලපත්‍ර නිකුත් කිරීමටත් හැකි වන සේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණත සංශෝධනය කළ යුතුව ඇත.

2.2- ඉන්ධන බැරල් 100,000ක නිෂ්පාදන ධාරිතාවක් සහිත නව පරිපහදුවක්, ගොඩනැගීම-මෙහෙයුම් කටයුතු සිදුකිරීම සහ පවරා දීම, යන පදනම මත ඉදිකිරීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට කටයුතු කරමින් සිටී. 1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ වගන්ති අංක 5(ඊ) ප්‍රකාරව, තෙල් පිරිපහසු කිරීමේ සම්පූර්ණ බලය තිබෙන්නේ සංස්ථාවට පමණකි. ඒ අනුව, වෙනත් තරගකාරී ආයතනයකට හෝ ඒකාබද්ධ ව්‍යාපාරයකට හෝ පරිපහදු කටයුතුවල යෙදීම සදහා අවසරය ඉල්ලා සිටීමට බලයක් ලබා දී නොමැති අතර, එනිසා තරගකාරී හෝ ඒකාබද්ධ හෝ ව්‍යාපාරයන් තෙල් පිරිපහසු කිරීමට හැකිවන අයුරින් බලගැන්වෙන පරිදි මෙම පනත සංශෝධනය විය යුතුව තිබේ.

2.3- දැනට බලාත්මක පණත භාවිතයේ යෙදවුණු අවස්ථාවේ ඛනිජ තෙල් නිශ්පාදනයන් අරබයා නිර්වචනයක් ඉදිරිපත් කර ඇතත්, වර්තමානය වන විට ඛනිජ තෙල් නිශ්පාදනයන් හා සම්පත් අරබයා වඩා පුලුල් නිර්වචනයන් පවතී. එනිසා, වඩා පැහැදිලි නිර්වචනයන් එකතු කිරීමෙන්, අනාගතයේ මතුවන ගැටලු අවම කරගැනීමට හැකියාව ඇත. මේ කාරණා නිසා, සංශෝධන ගෙන ආ යුතුව තිබේ.

2.4- ඒ අනුව, දැනට ක්‍රියාත්මක සහ කලින් කලට සංශෝධනයන් සිදුකර තිබෙන 1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතට ඇතුළත් කළ හැකි නිර්දේශයන්, පහත ආකාරයෙන් කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමට අමාත්‍යංශය කටයුතු කර ඇත. (ඇමුණුම 01)
2.4.1- නියමිත තෝරාගැනීමේ පටිපාටියට යටත්ව ඉන් සුදුසුකම් ලබන ඕනෑම පාර්ශවයකට- පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ වෙනත් ගිණි ගන්නා සුලු තෙල් වර්ගයන්, වෙනත් ඛනිජ තෙල් නිශ්පාදනයන් සහ විකල්ප ඉන්ධන වර්ගයන්, ආනයනය කිරීමට, පිරිපහදු කිරීමට, වෙළදාම් කිරීමට, සැපයීමට, නිශ්පාදනය කිරීමට, කළවම් කිරීමට සහ බෙදාහැරීමට, කැබිනට් අනුමැතියට යටත්ව, අවසරය ලබාදීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට හිමි වනු ඇත.
2.4.2- ඛනිජ තෙල්, යන්නට නව නිර්වචනයන් එකතු කිරීම

සියල්ල මෙසේ තිබියදී ඊයේ (අඟහරුවාදා) පැවැති විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය. විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්ද 61 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 152 ක් ලැබිණ. තවත් විදියකින් කියන්නේ නම් විශ්වාසභංගයට එරෙහිව උයද ගම්මන්පිල මහතා හෙවත් තෙල් ඇමති ජයගත්තේය. තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව අදහස් ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. අපේ ජනබල පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීපූජ්‍ය අතුරළියේ රතන හිමියෝද විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

 



අදහස් (6)

විශ්වාසභංගය භංග කිරීම

gamunu Wednesday, 21 July 2021 06:57 PM

ජනතව බලා සිටින්නේ වෙනසකි. වර්තමානයේ සිටින කණ්ඩායම් සමග රටට වෙනසක් ගෙන ඒමට නොහැකි බව ඔවුන් මෙවෙන විට තේරුම් ගෙන තිබේ. එමනිසා පාර්ලිමේන්තුව තුල නොව විශ්වාසභංගයේ ප්‍රබලත්වය දැනගැනීමට අවශ්‍යනම් ඉදිරියේදී පවත්වන්නාවූ මැතිවරණ මගින් එය රජයටත් විපක්ෂයටත් හොදින් අවබෝද වනු ඇත.

:       0       0

gunarathna Wednesday, 21 July 2021 10:45 PM

මගේ අදහස අනුව යම් ඇමැති කෙනෙකුගේ විශ්වාසය කඩවුණා නම් ඔහුගේ යම් ක්‍රියාවකින්, ඒ සඳහා විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයට කිසිම හැකියාවක් තියෙන්න බැහැ. හේතුව ඔහුගේ විශ්වාසය නැතිවෙන්න ඕනේ කැබිනට් එකේ ප්‍රධානියා හැටියට අගමැතිට... නමුත් දැන් විපක්ෂය ගෙනැල්ලා තියෙන යෝජනාවට අනුව නම් උදය ගම්මන්පිළ හැර අනිත් සියලුම ඇමැතිවරු විපක්ෂයට විශ්වාසයි.

:       0       0

gamnu Thursday, 22 July 2021 12:04 AM

වර්තමාන ජනාධිපතිවරයා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වන බව මාධ්‍ය ප්‍රකාශ කලත් ජනාධිපතිවරයා මේ පිලිබදව රටට කිසිවක් ප්‍රකාශ කර නැත. වර්තමාන ජනාධිපතිවරයා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව යලිත් රජයක් පිහිටුවිය යුතුවන්නේ වර්තමානයේ සිටින්නවු දුෂිත කණ්ඩායම සමාගවේ. ජනාධිපතිවරයාට එවැනි කණ්ඩායමක් සමග එක්ව රට පාලනය කරන්නේද එසේ නැත හොත් අනාගතයේ රටට වෙනසක් කිරීමට ජනතව ඉල්ලා සිටින නවක කණ්ඩායමකට රට බාරදීමට වර්තමාන ජනාධිපතිවරයා කට යුතු කළහොත් / සහයෝහය ලබාදුනහොත් ඔහුට ජනතවගෙන් ලබෙන්න්වූ ප්‍රසාදය ඉතාම ඉහල වනු ඇත. ජනමාධ්‍ය මොනවා කීවද රටට වෙනසක් කිරීමට වර්තමාන ජනාධිපතිවරයා සහයෝගය ලබාදෙන බවට කිසිදු සැකයක් නොමැත

:       0       0

sena Thursday, 22 July 2021 12:05 AM

ද සන්ඩේ ටයිම්ස් පුවත් පතෙහි පළවූ සමහර කරුණු මෙහි සදහන් කර නැත

:       0       0

saman Thursday, 22 July 2021 12:31 AM

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුලදී මන්ත්‍රීවරුන්ගේ දුෂිත හැසිරීම් සහ සවන් දීමේදී කිසිදු හරයකින් තොර කරන්නාවූ ප්‍රකාශ නිසා ඔවුන් සමාජයට ලබාදෙන්නා වූ වැරදි පණිවුඩය නිසා මහජනයා මෙන්ම පාසල් දරුවන් මේවන විට පාර්ලිමේන්තුව පිලිබදව මහත් පිළිකුලක් දක්වනු පෙනේ. එම නිසා පාර්ලිමේන්තුව විසින් සජීවී විකාශනය ​නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට තීරණය කර ඇත.

:       0       0

පප්ප Thursday, 22 July 2021 06:06 AM

මිනිස්සු මොහු කෙරෙහි තැබු බලාපොරොත්තු අමු අමු වේ බිද දැමූ පව්කාර චරිතයක් .නීතිය කාටත් එකයි, ඥාති සංග්‍රහ බැහැ, හාල් මාෆියාව ඉවරයි, මේ දුන් පොරොන්දු වලින් කීපයක් ,අනේ අපව මුලාකල හැටි. ඔබට මේවාට පොලී සමග වන්දි ගෙවීමට කවදා හෝ සිදුවනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

ටයිම්ස් දේ.තී.

දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රකාශකයෝ
2022 අගෝස්තු මස 27 7443 2

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පැමිණීමට යොදාගත් පෞද්ගලික ගුවන්යානය සම්බන්ධයෙන් නිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප


උභතෝකෝටික ප්‍රශ්න
2022 අගෝස්තු මස 26 4510 1

කොතෙක් ආරක්‍ෂක මුරකපොලු තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපතිවරයා වූද, දෙවරක් අගමැතිවරයා ද, වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සන්ඩේ ටයිම්ස් කළ ආර


රජ ගෙදරටත් දැනෙන තනිකම, පාළුව
2022 අගෝස්තු මස 24 12756 10

විරෝධතා රටපුරා නැගෙමින් පැවතිණ. ආර්ථික අර්බුදය පුපුරා යමින් තිබිණ. එවන් පසුබිමක, පසුගිය මැයි මාසයේ දී පර්සි මහින්ද රාජපක්ෂ මහතා ඔහු එතෙක් දරමින් සිටි


මිරිහානේ නිවසට තව ටිකක් දුරයි
2022 අගෝස්තු මස 17 5534 1

සිංගප්පූරුවට පළාගොස් සති දෙකක් ගතවී තිබෙණ තැන, හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමට රැකවරණය ලබාදෙන රටක් සොයාගැනීමට


පොහොට්ටුවට යටත් නොවූ සර්ව පාක්ෂික ආණ්ඩුවක්
2022 අගෝස්තු මස 03 6818 1

ආර්ථික සහ දේශපාලන අර්බුද මැද ගෙවෙන කාලයක පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරෙන බව ගෙවුණු බ්‍රහස්පතින්දා හදිසියේම නිවේදනය කෙරුණේ රටක් පුදුමයට පත් කරමිනි. ගැ


රනිල් රජ කළ රාජපක්‍ෂ මෙහෙයුම
2022 ජුලි මස 26 4847 1

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 45ක් සපිරුණු, පසුගිය බදාදා දිනයේ, වාසනාව දොර හැරගෙන ඔහු දෙස බලා සිටියේය. වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site