සත් සිඳු රළ කාව්‍ය සංග්‍රහයෙන් සාහිත්‍ය ලෝකයට පිවිසෙන ශ්‍යාමලී වසන්තා සුබසිංහ මේ වන විට නවකතා, කෙටිකතා ද ඇතුළුව කෘති 14 ක් පාඨකයන්ට තිළිණ කර තිබේ.ආදර නවකතාවලට වැඩි නැඹුරුතාවයක් දැක්වුවත් ඇය තුළ සිටින කවිකාරිය ද මරා දැමිය නොහැකි බව ඇගේ කාව්‍ය කෘති කිහිපය සාක්ෂි දරයි.ඇය සෙමෙන් සෙමෙන් සාහිත්‍ය ලෝකයේ විවිධ ඉසව් කරා ඇගේ නිර්මාණ වපසරිය විහිදුමින් සිටින නිර්මාණකාරිණියකි.
කවියක්ද මේ ප්‍රේමය, හීනයක් පාට පාටින්, පච්චයා, පාට්නර්, කන්දේ වලව්ව, දේදුණු පාලම, ඇහිඳගන්ත මුතු අකුරු ආදී කෘති හරහා පාඨකයන්ට සමීප වී සිටින ශ්‍යාමලී මෙවර ලංකාදීප "මතුමහල" සාහිත්‍ය අතිරේකයෙන් ඔබට සමීප කරන්නට අපි කල්පනා කළෙමු.
ඔබ කෙටිකතා නවකතා,කවි ඇතුළු ව පොත් 14ක් පමණ රචනා කර තිබෙනවා.මුලින්ම කියන්න ඔබට හිතෙන විදියට ඔබ ප්‍රවීණ ලේඛිකාවක්ද ? නැතිනම් නවක ලේඛිකාවක්ද?
මං හිතන්නෙ මං තාම නවකයෙක් .
ලේඛනයේදී නවක, ප්‍රවීණ වෙන්නෙ වයසින් නෙමේ කියලයි මට හිතෙන්නේ.ඒක වෙන්නේ අත්දැකීමෙන් සහ ලියන රටාවෙන්.ඉතින් මං තව බොහෝ දේ ඉගෙනගන්න ඕනෑ.ඒ නිසයි මං තාම නවකයෙක් විදියට මමම කල්පනා කරන්නේ.
මුලින්ම කවියෙන් අරඹන ඔබේ සාහිත්‍ය ගමන පස්සේ වෙනත් මාධ්‍යවලට මාරු වෙනවා.නවකතාව සහ කවිය සමීප මාධ්‍යයන් විදියට ඔබට දැනෙනවද?
ඔව් දෙකම සමීපයි.
කවියක් ලියන්න අමාරු වෙන්නෙ ලොකු සිද්ධියක් අකුරු කීපයකින් හදවත් කලඹන්න ලිවිය යුතු නිසයි.කවියා කරන්නෙ අමාරුම කාර්යයක්.
නවකතා පොතක් ලියන්න එක කවියක එක පදයකින් කියන සිද්ධියකුත් ඇති කියල මට හිතෙනවා. නවකතාවකින් බොහෝ දේ කරන්න පුළුවන්.මේ දෙකම මට හරිම සමීපයි.නවකතාවට වඩා මං තාමත් ආදරේ කවියට.
ඔබත් පුවත්පත් කවි සංස්කරණයෙන් දායක වන කෙනෙක්.කිවිදියක් සංස්කරණයට දායක වීම මොන විදියටද දැනෙන්නේ?
ඉස්සර පත්තරයක කවිපිටුවක් සංස්කරණය කරනවාට වඩා දැන් කවිපිටුවක් කරන එක ලේසියි.මොකද අපූර්ව රසයෙන් යුත් කවි අපිට මුහුණුපොතෙන් හමුවෙනවා.ඉතින් ඉන් කවි තෝරාගන්න විතරයි අපිට තියෙන්නෙ.අද කවියට තියෙන තැන අපි කවි ලියපු කාලයට වඩා හොඳයි.අපි කවි සීයක් තැපැල් කරල සති ගාණක් පත්තර අරගන කවිපිටු පිරික්සපු යුගය මතක් වෙද්දි දුකයි.දැන් කවි කිවිඳියන්ට අවස්ථා වැඩියි.මට සතුටුයි කවි පිටුවක් කරන්න ලැබුණු අවස්ථාව ගැන.ඒක මං ඉස්සර ඉදන් දැකපු හීනයක්.
කවියක අරපිරිමැස්මෙන් වචන භාවිත කිරීමේ ගුණය නිර්මාණයක සාර්ථකත්වයට මොන විදියට බලපාන්නේ?
කවියක වචන ඊතල වගේ හදවත් පසාරු වෙන්න ලියන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථකත්වය .ගොඩක් වචන අවශ්‍ය වෙන්නේ නැහැ අර්ථවත් කවියක් ලිවීමට. වචන කිහිපයකින් ඒ කාර්ය කරන දක්ෂ කවි කිවිඳියෝ අප අතර ඉන්නවා.නිර්මාණාත්මක අකුරු කීපයක් කවියක රසය ඉහළ නංවනවා.ඒක සරලම වචන තුළින් වෙන්නත් පුළුවන්.ගැඹුරුම වචන වෙන්නත් පුළුවන්.
සමහර වෙලාවට ලංකාවේ පොත් ලියන ලේඛක ලේඛිකාවන්ටම තමයි පොත් උස්සගෙන කඩවල් ගානේ යන්න වෙන්නේ.ඒ හැගීම ඔබත් විදලා තියෙනවද?
අම්මෝ ඒ ගැන නම් කියන්න වචන නැහැ.අපි පොත් උස්සන් පොත් සාප්පු ගානෙ යනවට වඩා පොත් නොලියා සිටීම හොඳයි කියා හිතෙන වෙලාවලුත් මට තිබිලා තියනවා.මං හරිම කම්මැලි ලේඛ්කාවක්.දාපු පොත්වලට සල්ලි ගන්න තාම නොගිය තැන් තියන එකම කෙනාත් මම වෙන්න පුළුවන්.ඒ දුෂ්කරතාව ගැන නම් කතා නොකර ඉන්න තරමට මං කැමතියි.
ඔබ ලියපු පොත් අතරින් වැඩිපුරම පාඨක ප්‍රතිචාර ලැබූ නවකතාව සහ කවි පොත මොකද්ද ? ඒ ප්‍රතිචාර ලබන්න හේතුව කුමන කාරණාවක් කියලද හිතෙන්නේ?
මං ලියපු හැම පොතක්ම ප්‍රතිචාර ලබා ගනිපු පොත්.හීනයක් පාට පාටින්, සසදරාට පෙම් කරන අය තාමත් මට හමුවෙනවා.කන්දෙ වලව්ව පොතත් ඉතා ජනප්‍රිය වුණා .දේදුනු පාලම පිටපත් සේරම අලෙවි වුණු පොතක්..කවිපොත් වැඩිය නොකළ නිසා කවිය ගැන කියන්න දන්නෙ නැහැ..නවකතාවලට ප්‍රතිචාර ලැබුණේ මගෙ සරල භාෂා රටාව නිසා කියලා මං හිතනවා.
ආදර නවකතාවලට ලොකු ඉල්ලුමක් සන්නස්ගලගේ ආදරණීය වස්සානේ ඉදන් සුජීව ප්‍රසන්න ආරච්චි ගේ බොද මීදුම් දක්වා තිබුණා. දැන් ඒ අය නවකතා ලියන එක නවත්තලා.හැබැයි ඔබලා තාම ලියනවා.?
ආදරය කවදාවත් කාටවත් එපා වෙන්නෙ නැහැ.වයසට ගියත් ආදර කතාවලට ආදරේ කරන අය අප්‍රමාණයි.ආදරයට වයසක් නැහැ. කියන කතාව ඇත්ත.මගේ පොත් හැම වයස් කාණ්ඩයකම අය කියවනවා.ඉතින් ආදරය ගැන නොලියා අපි මොනා ලියන්නද කියලා මට හිතා ගන්න බැහැ..මම තාමත් ප්‍රේමවන්තියක්.
කෙනෙකුට කියවන්න පාලමක් හදා ගන්න ආදර නවකතා ශානරය මොන ආකාරයටද ඉවහල් වෙන්නේ?
ඒ ගැන කතා කළ යුතුම දෙයක්.
කුඩාම වියේ මමත් එඩ්වඩ් මල්ලවාරච්චිගේ ප්‍රාර්ථනා.ආදි ඔහුගේ නවකතා රසවින්දා.ඒකාලේ මං එහි ප්‍රධාන චරිතෙට ආදරේ කළා.ආදරේ ගැන දැනුනෙත් නැති පුංචිම කෙල්ලෙක් වුණත් ඒ නවකතා කියවලා පුදුම රසයක් වින්දා.අපිත් කියවන්න හුරුවුණේ එතනින්.මං හිතන්නෙ අපේ රටේ ආදර කතා කියවන්න අරන් ගැඹුරු සාහිත්‍ය කියවන්න හුරු වුණු බොහෝ පිරිසක් ඉන්නවා.
ස්ත්‍රීන් සමහර විට කවි ලියන්නේ තමන්ට ගොඩක් ම දැනෙන අත්දැකීමක් පාඨකයා වෙත ලබා දීම සදහායි .නිර්මාණයක් කරන්න අත්දැකීම් ඕනමද?
මං එහෙම හිතන්නේ නැහැ. අත්දැකීම් ලැබුවාම විතරක් ලියනවනම් ඒ කෙනා නිර්මාණකාරිනියක් වෙන්න බැහැ. ලියන්නියකට අවශ්‍ය හොඳ හදවතක් විතරයි.අනුන්ගෙ අත්දැකීමක් තමන්ගෙ කරගන ලියන එකයි සැබෑ දක්ෂතාව.කවියෙක්ට තුන්වැනි ඇහැක් අවශ්‍යයි.ඔබ දකින දේ මම නොදැක්කත් ඒ අත්දැකීම තමන්ගේ කරගෙන ලිවීමට හැකි විය යුතුයි.හැබැයි ඒක සාමාන්‍ය සමාජයේ කෙනෙක් දකින විදියට දකින්න බැහැ. ඒ සිද්ධිය දකින විදිහ වෙනස් වෙන්න ඕනෑ.අන්න ඒකයි සැබෑ කවිකම වෙන්නේ.
මේ දවස්වල මොනවද ලියන්නේ.සාහිත්‍ය මාසයත් ළග එනවා.?
අලුත් පොතක් ළගදීම එනවා. ඒක හොල්මන් කතාවක්.සාහිත්‍ය මාසයේදී මගෙ දහවැනි නවකතාවත් අනිවාර්යයෙන් එළියට එනවා.ඕනෑම කතාවකින් සමාජයට අවශ්‍ය යහපත බෙදීමයි මගෙ මූලික අරමුණ.මම මගේ කතාවලදී වෛරය නොව ප්‍රේමයයි මම බෙදන්නෙ.අපිට සුන්දර භාෂාවක් තියනව.ඉතින් ඒ භාෂාවෙන් ප්‍රයෝජනයක් ගන්න අපට හැකි විය යුතුයි .හැකියාවක් නැතිව ලියන්නෙක් වෙනවට වඩා හොදයි මැල්ලුමක් ලියන් ගෙදර ඉන්න එක.ඒ නිසා මං සිංහල භාෂාවේ සුන්දරම වචනවලින් තමයි අසුන්දර සිද්ධියක් වුණත් ලියන්න පුළුවන් වෙන්නේ.සමහර ලියන අය අමුවෙන් ලියන බොහෝ සිද්ධි දුටුවාම සාහිත්‍ය කලාවම එපා වෙනවා . ඇත්තටම හිරිකිතයි.සමාජයට යා යුත්තේ සුන්දර සහ යහපතයි.අපෙන් ගිලිහී යන ඒ සුන්දර සමාජ රටාවන් අඩුම ගානෙ කතාවකින් හරි දෙන්න පුළුවන් නම් අන්න එතනයි ලේඛක අපේ වගකීම අපි ඉටුකළා වෙන්නෙ කියලයි මට හිතෙන්නේ.
ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය ’’මංගල වීදිය’’ පළවන්නේ 1994 වසරේදීය. ඉන්පසු 2013 දී දෙවැනි කාව්‍ය සංග්‍රහය වන සුබ පෙරනිමිති කෘතිය පළකරන ඇය එම කෘතිය වෙනුවෙන් 2014 කළ
වෘත්තියමය පුවත්පත් කලාවට සමුදුන්නත් කලාව තවමත් ඇගේ තියෙන වග ඔහුගේ නිර්මාණවලින් අපට වටහා ගත හැකිය.
වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා
සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු
කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලියන්න බැරි නම් ගෙදරට වෙලා මැල්ලුමක් ලියාගෙන ඉන්න