

මෙවර සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති පොත් ප්‍රදර්ශනයේ යුද හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක අධ්‍යක්ෂ මණ්ඩලයේ යුද සාහිත්‍ය කුටියේදී සම්පත් ගමගේ ගේය පද රචකයා මුණගැසිණ.ඔහු ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අතරම මෙයට දශක දෙකකටත් පෙර පමණ කාලයක සිට කලා කටයුතු ආරම්භ කළ අයෙකි.මීට පෙරද ඔහුගේ නිර්මාණ පිළිබදව සාකච්ඡා වුවද දශකයකටත් වැඩි කාලයක දිගු නිහැඩියාවකින් පසුව ගේය පද රචනා ඇතුළත් කෘති 5ක් අපට මෙවර ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ඔහුට හැකි වී ඇත.ඔහු විසින් රචිත ගේය පද මාලා රාශීයක්ම දැනට ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවල දැකගත හැකි වේ. මේ ඔහුගේ කලා ජීවිතය ගැන යුද හමුදා කුටියේ දි හමුව අප සිදු කළ සාකච්ජාවකි.

මුලින්ම ලේඛන කලාවට ඔබ ප්‍රවිෂ්ට වුණේ කොහොමද?
පාසල් සමයේදී සාහිත්‍යයට ලැදියාවක් තිබුණා. පාසල් කාලයේ ඉදන්ම සඳැස් ,නිසඳැස් , ළමා කතා ,කෙටිකතා නිර්මාණ සිදු කළා .ඒවා පාසල් මට්ටමින් හා ළමා සමාජ මට්ටමින් විවිධ තරග වලට ඉදිරිපත් කළා.විශේෂයෙන්ම කුඩා කල සිටම ළමා පුවත්පත් කියෙව්වා. දහම් පාසල් අධ්‍යාපනය ලැබුවා.මම හිතන්නෙ හැදී වැඩුණු බද්දෙගම ගමේ පරිසරය මෙන්ම පාසල් කාලයේදී පොත් පත් සගරා කියවීමෙන් ලත් පන්නරය බලපාන්න ඇති.ඒ වගේම ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන අතර විෂය බාහිර ක්‍රියාකාරකම් වලට උනන්දුවක් දැක්වුවා. බොහෝ කලාකරුවන් මුණ ගැසුණා. ඒ එක්කම තමයි එවකට රචිත ගේය පද නිර්මාණ රාශියක්ම ගීත බවට පත් වුණේ.
ඔබ දීර්ඝ නිහැඬියාවකින් පසුව අලුතින් ගේය කාව්‍ය පොත් 5 ක් එළිදැක්වා තිබෙනවා.ඒ පිළිබදව හැඳින්වීමක් කළොත්?
ජීවිතේ කියන්නෙම ගංගාවක් වගෙයි එක් වෙලාවකට. සමහර වේලාවට ඔහේ ගලාගෙන යනවා නිහැඬියාවකින් .සමහර වේලාවට පිටාර දානවා. කොහොම වුණත් අන්තිමට අපි ඔක්කොම මැරෙනවා.ඒ කියන්නෙ ගඟ නිකන් ගැලුවත් පිටාර ගැලුවත් අන්තිමට මුහුදටම තමයි වැටෙන්නේ.ජිවිතෙත් එහෙමමයි. ඉතින් මේ සාහිත්‍ය පෝෂණය වුණේ ඒ වගේ මුහුදට වැටෙන්න කලින් සාහිත්‍ය කලාව නමැති තම ගං ඉවුරු සශ්‍රීකවත් කළ මිනිස්සුම තමයි. ඉතින් දශක දෙකකටත් වැඩි කාලෙක ඉදන් මා ලියු සඳැස් නිසඳැස් මෙන්ම ගේය කාව්‍ය අතුරින් තෝර ගත්ත කිහිපයක් තමයි පොත් බවට පත් වුණේ. රැකියාවට තමයි ප්‍රමුඛතාව දුන්නෙ. ඒ නිසා මම නිර්මාණවලට යෙදවූ කාලය ඉතාමත් අඩුවෙන් තමයි කළේ. මේ ටික පරණ සටහන් අතරින් වගේම ඇතැම් ඒව මම සමාජ මාධ්‍යයන්හි දශකයකටත් පෙර පළ කරපුව හොයාගෙන මේ විදියට කෘති 5ක් සම්පාදනය කළේ.එයිනුත් එක කෘතියක් දශකයකටත් පෙර තමයි සම්පාදනය කරල සුදුානම් කරල තිබුණෙ.
පොත් 5 අතුරින් එකක් සඳැස් නිසඳැස් පොතක් වන "වෙන්ව යමි අතැර නොයා ඔබ" කෘතිය. ඒ හැරුණු විට ගේය කාව්‍ය කෘති දෙකක් වන "කැලෑවක පිපි සුවඳ මල නුඹ " කෘතිය සහ" සිතයි නුඹයි මමයි" කෘතිය දක්වන්න පුළුවන්.ළමා සාහිත්‍ය වෙනුවෙන් "ඩගස් ඩගස් ඩුගුස් ඩුගුස්" ළමා කෘතිය හා "කිටියෝ සුදු කිටියෝ" යන ළමා කෘති රචනා කළා.මේ කෘති අතරේ පහතින් සදහන් මා විසින් රචිත ගීත බවට සංගීතවත්ව ගැයෙන පහත ගේය පද ද ඇතැම් විට ඇතුළත් ව පවතිනවා. එමෙන්ම you tube හි මේ ගීත සෙව්වොත් ඔබටත් රසවිඳින්න පුළුවන් .
• කැලෑවක පිපි සුවඳ මල නුඹ
තනුව/ගායනය/සංගීතය - විශාරද ජගත් වික්‍රමසිංහ
• නෙත් යුග සේමා (මංගල ගීතය)
තනුව/ආදර්ශ ගායනය/සංගීතය - ප්‍රවීණ සංගීතඥ සරත් ද අල්විස්
• ජීවිතේ මේ යැයි
ගායනය - ප්‍රසාද් වීරසිංහ
තනුව හා සංගීතය - ප්‍රවීණ සංගීතඥ එච්එම් ජයවර්ධන
• කාලයක් ගෙවුණා
තනුව - ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ
• අදුරින් එළියට එන්න ප්‍රියේ
ගායනය - හිරන්ත විරාජ් සුභසිංහ
ගී තනුව - ප්‍රවීණ සංගීතඥ ආනන්ද ගමගේ
• අහස් කුස පෙම්බැන්දා
තනුව/ආදර්ශ ගායනය/සංගීතය - ප්‍රවීණ සංගීතඥ නන්දසේන කටුවාවල
• විනි විදිමි අඳුරු ලොවෙ
තනුව/ආදර්ශ ගායනය/සංගීතය - ප්‍රවීණ සංගීතඥ නන්දසේන කටුවාවල
• කදුළු තොටුපළක් ඔබ මට
ගායනය - හිරන්ත විරාජ් සුභසිංහ
ගී තනුව/සංගීතය - සංගීතඥ /චිත්‍රපට අධ්‍යක්ෂක ලස්සන ජයසේකර
ඔබ යුද හමුදාවේ කටයුතු කරනවා. එහිදී මේ කලා කටයුතුවලට වෙලාවක් වෙන් කර ගන්නේ කොහොමද?
බොහෝ විට නිවාඩු ආවම තමයි ඒ සදහා නිරත වෙන්න ඉඩක් ලැබෙන්නෙ. ඒ එක්කම තමයි මේ කවි පොත් නිර්මාණ කළේ. බොහෝ විට නිර්මාණ පිළිබදව විවිධ අවස්ථාවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් මා දිරිමත් කරල තියෙනවා.
පසුගිය කාලේ යුද සාහිත්‍ය පිළිබද උනන්දුවක් පැවතුණා.මෙවර පොත් ප්‍රදර්ශනයේදී ඔබ ගත කළ නිසාවෙන් ඔබට සුවිශේෂි දේවල් දැනෙනව ඇති.මේ අවස්ථාවෙ යුද සාහිත්‍ය පිළිබද ඔබ මිනිසුන්ගේ උනන්දුව කොහොමද දැක්කෙ?
බොහොම උනන්දුවෙන් සාහිත්‍ය පොත් ලබා ගැනීමට පැමිණියා. මම දැක්කෙ ඒ සෑම දෙනාම ඉතාමත් ගෞරවාන්විත හැඟීමකින් තමයි පොත් ලබා ගන්න වගේම සාහිත්‍ය කුටිය නැරඹීමට පැමිණියේ.බොහෝ මිනිසුන් තම දරුවන්ට යුද සමය පැවති කාලයේ වීරෝධාර විරුවන්ගේ ක්‍රියාකලාපය තම දරුවන්ට කියා දීමේ අපේක්ෂාවෙන් කෘති මිලදී ගන්නව දුටුවා. ඒ වගේම එතන ඉන්න කතුවරුන් සමග අදහස් හුවමාරු කරගැනීමේ අදහසින් ගොඩක් පාඨකයන් මෙන්ම හමුදාවට ආදරය කරන බාල තරුණ මහලු සෑම වයස් කාණ්ඩයක් ම ජනවාර්ගික හෝ ආගමික භේදයකින් තොරව එම ස්ථානයට පැමිණුනා.මා මෙය අවස්ථාවක් කර ගන්නවා යුද හමුදා සාහිත්‍ය කුටියට ඔබ සැමටත් ලබන වතාවේත් එන්න කියා ආරාධනා කරන්න.ඔබටත් ආවොත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළුව ලේඛකයන් රචිත යුද්ධය හා බැඳි අත්දැකීම් ඇතුළත් කෘති ගණනාවක් දැක ගන්න පුළුවන් වේවි.
ලංකාවෙ ළමා ගීත සාහිත්‍ය පිළිබදව ඔබගේ අදහස කුමක්ද?
අපි දන්නව අපි පොඩි කාලේ ඒ කියන්නෙ දැන් කාලේ වගෙ නෙවෙයි ගොඩක් අපට හුරු වුණේ ගුවන් විදුලිය හා රෑපවාහිනිය පමණයි.අපි ඒවගේ ළමා වැඩසටහන් ඉතා ආශාවෙන් තමයි සවන් දුන්නෙ. ඒව හැරුණම මුනිදාස කුමාරතුංග, සුනිල් ශාන්ත වැනි ප්‍රවීණයන්ගේ ගීතත් අප රසවින්දා. විශේෂයෙන්ම මාර්ටින් වික්‍රමසිංහ, සිබිල් වෙත්තසිංහ වැනි නාමයන් අපට ගීත සාහිත්‍ය නොවුවත් ඒ ඇසුරින් දුටුව ළමා ලෝකය ඉතාම වැදගත්. ඇතැම් ගීත ගත්තොත් නිල් අහස් තලේ අගේ, රෝස මලේ නටුවෙ කටු,පුංචි බලු රාලේ වැනි ගීත සංගීතයක් නැතුව වුණත් මට මතකයි තාලය මත පදනම්ව සැම දෙනාම එදිනෙදා ගායනා කළා.ඒ වගේම සුභාෂිතය වැනි කෘති කවදාවත් අමතක කරන්න බැහැ. මම හිතන්නෙ අද z Gen පරම්පරාවක් හිටියත් ස්මාට් දුරකතන , අන්තර්ජාලය මත කටයුතු කළත් ළමා කාලයේදී ලැබිය යුතු මනෝ සමාජ සංවර්ධනයට ළමාගීත මෙන්ම ළමා කතන්දර වැනි සාහිත්‍ය තුළ අඩංගු දෑ මහගු මෙහෙයක් සිදු කරනවා අප දැකල තියෙනවා. ඒ පිළිබදව විවිධ ළමා මනෝ විද්‍යාඥයන් අදහස් පළ කරල තියෙනවා. මං හිතන්නෙ මවුපියන් විශේෂ උනන්දුවක් දැක්විම තුළ ගුණනැණ දෙකෙන්ම පිරි දරුවන් තැනීමට රුකුලක් වේවි. මෙවර ඩගස් ඩගස් ඩුගුස් ඩුගුස් ළමා කෘතිය හා කිටියෝ සුදු කිටියෝ යන ළමා කෘති වලින් මං පර්යේෂණාත්මකව උත්සාහයක් ගත්තෙ ඒ වෙනුවෙන්.
වර්තමානයේ කතෘ ප්‍රකාශකයන් වන ලේඛකයන්ට තියෙන අභියෝග මොනවද?
ජීවත්වීම සිදු කරන්නත් එදිනෙදා ආහාර පාන බෙහෙත් හේත් පවුලේ වියපැහැදැම් වලට වියදම් උණාම සාමාන්‍ය ආදායමක් ලබන නිර්මාණකරුවකුට කෘතියක් එළිදක්වන්න අපහසුයි. විශේෂයෙන්ම මුද්‍රණය සදහා යන වියදම අඩුවනවා නම් මීට වඩා පහසුවක් දැනේවි. මම දුටුවා මෙවර පොත් ප්‍රදර්ශනයේදී ගොඩක් ලේඛකයන් නිර්මාණකරුවන් වගේම සාහිත්‍යට ලැදි ගොඩක් දෙනා ඒ වෙනුවෙන් කටයුතු කරනවා.




2025 ඔක්තෝබර් මස 08
1572
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යුද සාහිත්‍යයට පාඨක උනන්දුව අඩුයි - සම්පත් ගමගේ