IMG-LOGO

​කුරුලෑවට බායි කියන්නට නම්...

යොවුන් වියේ පසුවන ඔබේ හිතට වදයක් විය හැකි ගැටලුවක් තමයි කුරුලෑ. කළු හෝ සුදු පැහැති කුඩා බිබිලිවලට “බ්ලැක් හෙඩ්ස්” කියද්දි පොඩි රතු පැහැති බිබිලිවලට අපි “පිම්පල්ස්” නැතිනම් කුරුලෑ කියනවා. ඒ වගේම සැරව බිබිලි සේ සුදු පැහැති බිබිලි ඇති වීම නැතහොත් “පෙස්ටියුලා” විශාල බිබිලි ඇති වීම අපි කුරුලෑ ලෙස හඳුන්වනවා.

පුංචි බිබිලිවලින් ලොකු හානියක් නැතත් විශාල ප්‍රමාණයේ ඒවායින් ලප කැළැල් විශාල ලෙස මතුවන්නට පුළුවන්. ඒ වගේම මුහුණේ පැහැපත් බව නැති කරන්නටත් මේ කැළැල්වලට පුළුවන්. කොහොමද මේවා පාලනය කර ගන්නේ. මේ කියන්නේ ඒ ගැනයි.

ඕනෑම කෙනෙකුගේ සමේ තෙල් සාදන ග්‍රන්ථිය වන රෝම කූප සම්බන්ධ වන ස්ථානයේ  බිබිලක් විදිහට සමට නෙරාගිය කොටසක් පවතින අතරම ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව තරුණ වයසේදී  හෝර්මෝන ස්‍රාවය වන නිසා ඇතැම් අවස්ථාවලදී බල්බයක්  ආකාරය සම තුළ හිරවීමක් වෙන්න පුළුවන්. හෝර්මෝන ස්ටෙක්ටරන් නමින් මෙය හඳුන්වනවා. සමේ සාමාන්‍යයෙන් ඇති බැක්ටීරියා මෙම බිබිල තුළට රිංගා හෝර්මෝන වැඩියෙන් පවතිනවිට ඉතාමත් හොඳින් වර්ධනය වන්නටත් පටන් ගන්නවා. එහිදී නාලය සිරවීමක් වුවහොත්  එම බිබිල විශාල වී ඉදිමී  කුරුලෑවක් බවට පත් වෙනවා.

කුරුලෑවක් ඇති වෙන්නෙ මෙහෙම වුණත්, සමහරුන්ට කුරුලෑ ඇති වෙන්න හේතු එකිනෙකට වෙනස්. ඔබ අහලවත් නැතිව ඇති මේ හේතු නිසා කුරුලෑ වැඩිවන බව. ඒ හේතු මොනවද යන්නත් හඳුනා ගනිමු. කළු පැහැති සමක් ඇති මුහුණේ පවා රෝම වැවෙන අය, ඔසප් චක්‍රය අක්‍රමවත් හා ඩිම්බ කෝෂයන්ගේ රෝග ඇති කාන්තාවන්ට මෙන්ම මුහුණේ වැඩිපුර රෝම ඇති කාන්තාවකට, පිටියුටරි ග්‍රන්ථියේ රෝග තත්ත්වයන් ඇති අය, ස්ටීරොයිඩ වර්ගයේ ඖෂධ ගන්නා අය, මී මැස්මොරය රෝගය ඇති අය, ඇතැම් මානසික රෝගවලට දෙන ඖෂධ භාවිත කරන අය, ක්‍ෂණික ආහාර මෙන්ම අධික ලෙස කිරි ආහාර භාවිත කරන අය. ප්‍රමිතියෙන් තොර ආලේපන ගල්වන අය. චොක්ලට් වැඩිපුර ආහාරයට ගන්නා අය, සමේ පිරිසුදුකම ගැන නොසැලකිලිමත් අය, නිරන්තරයෙන් රූපලාවණ්‍ය කටයුතු කරන අය, ප්‍රමාණවත් නින්දක් නොලබන අයට සහ ඌෂ්ණ දේශගුණයක සිටින අයට වැඩිපුර කුරුලෑ මතුවෙන්න පුළුවන්. ඒත් කුරුලෑවලට දැන් නවීන ප්‍රතිකාර රාශියක් තිබෙන බැවින් බය නොවී චර්ම රෝග සායනයකට ගොස් උපදෙස් ගන්න පුළුවන්.

ඒ වගේම කිසිවිටක කුරුලෑ ඇල්ලීම හා කැඩීම කරන්න එපා, PH අගය  5-7ත් අතර මෘදු සබන් භාවිත කරන්න, හිතුමතේ ඖෂධ භාවිත නොකරන්න, නිර්දේශිත ඖෂධ නියමිත කාලයට නියම ප්‍රමාණයන්ගෙන් ගන්න, සම සුදුවීමට ගන්නා ස්ටීරොයිඩ ගණයේ ආලේපවලින් වළකින්න. මානසික ආතතීන්ගෙන් මිදෙන්න. තෙල් සහිත මාංශවලට වඩා ශාකමය ආහාරයන්ට නැඹුරු වෙන්න. විටමින් E සහ C අධික පලතුරු ආහාරයට ගන්න. හුමාලයට මුහුණ අල්ලා සතියට දින දෙකක්වත් මුහුණ පිරිසුදු කර ගැනීමෙන් අධික තෙල්  ඉවත් කර ගන්න. ඔබ කුරුලෑවලින් දැඩිව පීඩාවට පත් අයෙකු නම්,  නිසි සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවන්න.

උපදෙස් - චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කන්නන්ගර



අදහස් (0)

​කුරුලෑවට බායි කියන්නට නම්...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1444 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site