IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රැකියාවක් වෙනුවෙන් යන පළමු සම්මුඛ පරීක්ෂණය සාර්ථක කරගන්න ඉඟි

උසස් පෙළ විභාගය නිමා වූ සැනින් තරුණ ඔබ රැකියාවක් සොයා ගැනීමට වෙහෙස වෙනවා. වර්තමාන ආර්ථිකයත් එක්ක එය හොඳ තීරණයක්. ඉතිං ඔබේ මුල්ම සම්මුඛ පරීක්ෂණයට යන ඔබට පුංචි තල්ලුවක් දෙන්නයි මේ සූදානම. 

ඔබ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙන අවස්ථාවක, ඔබ විසින් සම්මුඛ පරීක්ෂකවරයා වෙත ඔබ සම්බන්ධයෙන් ඇති කරවන හැඟීම බොහෝ විට ඔබේ සැබෑ දක්ෂතා සහ සුදුසුකම්වලට වඩා වැදගත් විය හැකියි. ඔබේ පලපුරුද්ද සහ අධ්‍යාපනය සමග ඔබේ ආකල්ප, මූලික සමාජ කුසලතා සහ සන්නිවේදන හැකියාව මෙහිදී ඇගයීමට ලක් කෙරෙනවා.

ඔබ සහ සම්මුඛ පරීක්ෂකවරයා අතර තොරතුරු සහ අදහස් අන්‍යොන්‍ය වශයෙන් හුවමාරු වන සංවාදයක් සිදු විය යුතුයි. ඔබ, සංවිධානය හෝ සහ රැකියාව එකිනෙකට හොඳින් ගැළපෙනවාද යන්න ඔබ දෙදෙනාටම තීරණය කළ හැක්කේ එවැනි සංවාදයකින් පමණයි. පෙර සූදානම් වීම ඉන් ප්‍රධානයි.

වෙලාවට එන්න

ඔබට ලැබුණු වේලාවට විනාඩි 10-15ක් කලින් පැමිණීම මෙමඟින් අදහස් වෙනවා.

සම්මුඛ පරීක්ෂකයන් බොහෝ විට ලබාදුන් වේලාවට වඩා කලින් පෙර සූදානම්ව ඉන්නවා.

සම්මුඛ පරීක්ෂකවරයා ගැන දැනගන්න

සම්මුඛ පරීක්ෂණයට මුහුණදීමට පෙර ඔහුගේ / ඇයගේ නම, එය ලියන ආකාරය, අක්ෂර වින්යාසය සහ උච්චාරණ විධිය දැනගන්න. සම්මුඛ පරීක්ෂණය අතරතුර එය භාවිත කරන්න.

ඔබ ඔහුගේ / ඇයගේ නම නොදන්නේ නම් කලින් කතා කර ලේකම්වරයා/වරියගෙන් විමසන්න.

එසේම, ඔබට නැවත ඇමතීමට අවශ්‍ය වුවහොත් ලේකම්ගේ නමද සටහන් කරන්න. බඳවාගැනීමේ තීරණයට ලේකම්වරුන්ට මැදිහත්වීම් කළ හැකියි.

ඔබේම ප්‍රශ්න කිහිපයක් කල් තියා සූදානම් කරගන්න

ඔබ විසින් සකසාගත් ප්‍රශ්න සහ කෙටි අදහස් ලැයිස්තුවක් තිබීමේ වරදක් නැහැ. එයින් පෙන්නුම් කරන්නේ ඔබට ඔබ සේවය කිරීමට නියමිත ආයතනය / සංවිධානය සහ තනතුර ගැන වැඩි විස්තර දැනගැනීමට උනන්දු බවයි.

ඒ වගේම ඒ වෙනුවෙන් ඔබ සොයා බලා, විමසා ඇති බවයි. 

ඔබේ ජීව දත්ත පත්‍රිකාවේ පිටපත් කිහිපයක් රැගෙන එන්න

ඔබේ ජීව දත්ත පත්‍රිකාවේ පිටපත් කිහිපයක් රැගෙන යෑම වැදගත් වේවි.

ඒ වගේම ඔබේ සහතික සහ ලිපිලේඛන යම් අනුපිළිවෙළකට රැගෙන රැගෙන යන්න.

හොඳින් ලියවෙන පෑනක් සහ කුඩා සටහන් පොතක් ළඟ තබාගන්න

නමුත් සම්මුඛ පරීක්ෂණය අතරතුර කිසිවක් සටහන් කිරීමට යෑමෙන් වළකින්න.

කෙසේ වෙතත් සම්මූඛ පරීක්ෂණය අවසන් වූ වහාම එහිදී සිදු වූ දේ, ඔබ සම්මුඛ පරීක්ෂණයට මුහුණදුන් අයුරු  සහ කතාබහ කළ දේ පිළිබඳ ඔබට මතක ඇති උපරිමයෙන් සටහන් තබාගන්න.

සම්මුඛ පරීක්ෂකවරයාට අතට අත දීමෙන් සහ සිනහවකින් ආචාර කරන්න

දෑස් එක එල්ලේ බලන්නට මතක තබාගන්න. (කිසිවිටෙක බිම බලා නොසිටින්න)

සුහදතාව වර්ධනය කරගැනීමට සාධාරණ කාලයක් ලබාගන්න

හදිසියේ සහ ලහිලහියේ මාතෘකාවට එළඹීමෙන් වළකින්න. සම්මුඛ පරීක්ෂකවරයා අනුගමනය කරන්න.

ඔබ තරමක් අපහසුතාවට පත් වුණත් නොසන්සුන් නොවන්න

ඔබ අත්දැකීමෙන් පෝෂණය වනවිට සම්මුඛ පරීක්ෂණ ක්රියාවලිය ඔබට වඩා පහසු වනු ඇති.

අවධානය යොමු කරන්න

ඔබේ ගතිගුණ, හැකියාවන් සහ ඉගෙනීමට ඇති කැමැත්ත ආදිය පිළීබඳ අවධානය යොමු කරන්න.

අත්දැකීම් නොමැතිකම ගැන සමාව ඉල්ලීමෙන් වළකින්න.  ආයතනය / සංවිධානය සඳහා ඔබේ හැකියාවන් සහ ශක්තීන් අනුව කළ හැකි දේ පිළිබඳ විස්තර කරන්න. 

ඇත්තම කියන්න

අසත්‍ය සහ අතිශයෝක්තීන් ඔබව අපහසුතාවට පත් කරනු ඇති.

සම්මුඛ පරීක්ෂකවරයාට හොඳින් සවන් දෙන්න

ඔබට ප්‍රශ්නය හොඳින් වැටහේදැයි තහවුරු කරගන්න.

යම් ගැටලුවක් ඇත්නම්  පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින්න. නැත්නම් ඔබේ වචනයෙන් එය නැවත පවසන්න.

සම්පූර්ණයෙන් සහ සංක්ෂිප්තව පිළිතුරු දෙන්න. මාතෘකාවේම රැඳී සිටීමට වගබලාගන්න.

කිසිවිටෙක ගුරුවරයෙකු, මිතුරෙකු, සේවායෝජකයෙකු හෝ ඔබේ විශ්වවිද්යාලය ලඝු කොට කතා නොකරන්න

සේවායෝජකයන් පක්ෂපාතීත්වය පිළිබඳ විශේෂයෙන් සලකා බලනවා.

භාෂාව ගැන සිතන්න

නිසි ලෙස අදහස් ප්‍රකාශ කළ හැකි අයදුම්කරුවන් ගැන සේවායෝජකයන් උනන්දු වෙනවා. ඔබට ක්රම ක්‍රමයෙන් ඔබව නිවැරදි කර ගැනීමට සිදු වුණත්, හුදු වාග් චතුරතාවට වඩා නිවැරදි භාෂා හැසිරවීම වඩාත් සුදුසු වේවි.
පෞද්ගලික ප්‍රශ්න සඳහා සූදානම් වන්න

සම්මුඛ පරීක්ෂණයකදී  නීත්‍යනුකූලව ඇසිය හැකි සහ නොහැකි ප්‍රශ්න මොනවාදැයි නොදන්නා ඇතැම් සම්මුඛ පරීක්ෂකවරුන් සිටිය හැකිය. එවැනි අවස්ථාවක් එළඹුණහොත් ඔබේ සන්සුන් බව නැති නොකරගෙන ඊට මුහුණදෙන්නේ කෙසේදැයි සිතන්න.

සම්මුඛ පරීක්ෂකවරයා විසින්ම වැටුප් සහ ප්‍රතිලාභ සඳහන් කරනතුරු ඉවසා සිටින්න

වැටුප් පරිමාණයන් ගැන සොයා බැලීමට, වෘත්තීය සේවා වෙබ් අඩවි තුළ දක්වා ඇති වැටුප් සමීක්ෂණ සහ තොරතුරු පරිශීලනය කරන්න.

පළමු සම්මුඛ පරීක්ෂණයෙන්ම රැකියාවක් බලාපොරොත්තු වෙන්න එපා

බොහෝ විට ඔබට පළමු සම්මුඛ පරීක්ෂණයෙන් සති කිහිපයකට පසු රැකියාව ලැබීමට අවස්ථාව තිබෙනවා. 

නැත්නම් දෙවැනි හෝ තෙවැනි සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමක්  ලැබෙන්නටත් හැකියි.

ධනාත්මක සහ උද්යෝගිමත් ලෙස හමුව අවසන් කරන්න

ඊළඟ පියවර කුමක්දැයි විමසන්න. සිය කාලය තමන් වෙනුවෙන් වැය කිරීම ගැන සම්මුඛ පරීක්ෂකවරයාට ස්තුති කර රැකියාව කෙරෙහි ඔබ උනන්දුව බව ප්‍රකාශ කරන්න.

අතට අත දීමකින් සහ සිනහවකින් සමුගැනී සිදු කර ඉක්මනින් හා ආචාරශීලීව පිටත් වන්න.

ස්තුති සටහනක් තබන්නට අමතක නොකරන්න

සම්මුඛ පරීක්ෂණයට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ඔබේ ස්තුතිය සංවිධානයට / ආයතනයට දන්වා යවන්න.

ඔබ සැබැවින්ම රැකියාවට කැමති නම්, ඔබේ උනන්දුව නැවත තහවුරු කරන්න. මෙම අවසාන පියවර  තුළින් පැහැදිලි වෙනසක් සිදු විය හැකිය. එනිසා එය අමතක නොකරන්න.

-බෝධි-



අදහස් (0)

රැකියාවක් වෙනුවෙන් යන පළමු සම්මුඛ පරීක්ෂණය සාර්ථක කරගන්න ඉඟි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site