IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිරෝගිමත් කෙස් කළඹකට රහස්

කෙස් කළඹ මගින් කාන්තාවකට ලබා දෙන්නේ ඉතා අගනා සුන්දරත්වයකි. මේ නිසාම සෑම කාන්තාවක්ම නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට සිහින මවති. වර්තමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් වන්නේ හිස කෙස් අග පැලීමයි. එ‍ෙසේ සිදුවීමට හේතු සහ නිරෝගිමත් සුන්දර කෙස් කළඹක් ලබා ගැනීමට නම් අප සිදුකල යුත්තේ මොනවාද යන්න පිළි බදව  අද සාකච්ඡා කරමු.

හිස කෙස් අග පැලීමට හේතු වන කරුණු මොනවාද ? 

  • හිස කෙස් නිරන්තරයෙන් වැඩි කාලවේලාවක් හිරු රශ්මියට නිරාවරණය වීම.
  • තෙත හිසකෙස් වේලා ගැනීමට හෙයා  ඩ්‍රයර් එක උණුසුම වැඩි කර භාවිතා කිරීම.
  • හිසකෙස් මෝස්තර දැමීම ස දහා යොදන රසායනික ද්‍රව්‍ය මගින් (හෙයා ස්ට්‍රේට් , හෙයා කලරින් , ෆර්මින් ආදිය)
  • හෙයා අයන් නිතර භාවිතා කිරීම.
  • හොද නින්දක් නොමැති වීම.
  • පොෂදායී ආහාර රටාවක් නොලැබීම.
  • නිදන්ගත රෝග.
  • පෝෂණ ඌණතා.
  • විවිධ බෙහෙත් වර්ග භාවිතය
  • විටමින් වර්ග පාලනයකින් තොරව භාවිතා කිරීම වැනි හේතු හිස කෙස් අග පැලීමට හේතු වේ.

හිස කෙස් අග පැලීම වලක්වා ගන්නේ කෙසේද ? 

  • ආහාර වේලට ප්‍රෝටීන් අඩංගු ආහාර එක්කර ගැනීම.
  • හිස කෙස් සදහා භාවිතා කරන ආලේපන වල ප්‍රමිතිය පිළිබදව සැලකිලිමත් වීම.
  • හෙයා ස්ට්‍රේට් , කලර් , රීබොන්ඩින් ,ෆර්ම් වැනි කොණ්ඩ සැකසීම් සිදු කිරීමට ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය සේම පළපුරුදු රූපලාවණ්‍ය ශීල්පීන් වෙත යෑම.
  • කෝමාරිකා, පිරිසුදු පොල්තෙල්, කරපිංචා, පොල් කිරි, මී පැණි, බිත්තර, සුදුලූනු, කලුදුරු, එඬරු තෙල්, ඔලිව් තෙල් ,උලුහාල් වැනි දේවල් භාවිතකර විවිධ තෙල් වර්ග නිවෙසේ දී සාදාගැනීම.
  • හැකි සෑම විටම ස්වභාවික ආලේපන පාවිච්චි කිරීම.
  • මාසෙකට වරක් පමණ හිස කෙස් අග කැපීම.
  • ඉතා පිරිසුදු පොල් තෙල් භාවිත කරමින් හිස කෙස් සම්බාහනය කිරීම
  • ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම.
  • කෘත්‍රිම ආහාර වලින් ඉවත් වී සමබල ආහාර වේලක් හැමවිටම ලබා ගැනීම.
  • අනවශ්‍ය ලෙස හිසට සුදුසු නැති මෝස්තර දැමීම ආදියෙන් වළකීම.

 

ලාභය පිළිබද සිතා ප්‍රමිතියෙන් අඩු ෂැම්පු , කන්ඩිශනර් ,ලෝෂන් වර්ග භාවිත කිරීම නිසා කෙස් ගහේ වර්ධනයට බාධා ඇති වී ඒවා දුර්වර්ණ වී, දුර්වල වී, කෙස් අග පැලීම නිසා අවලස්සන පෙනුමක් ලැබේ. කෙස් ගසේ මුලට කරන සත්කාරය අනුව හිස කෙස් පෝෂණය වේ.‍

හිස් කබලට සහ කෙස් ගහේ මුලට සත්කාර කිරීමේ දී ඒ ගැන දැනුමක් ඇති රූපලාවණ්‍ය ශිල්පිනියන් තෝරාගන්න. ඔවුන් භාවිත කරන ද්‍රව්‍ය ගැන ද අවබෝධයක් ලබාගෙන ඔබට අවශ්‍ය ප්‍රතිකාර කිරීම බොහොම වැදගත්.

මෙවැනි දේවල් පිළිබදව අවධානය යොමු කිරීමෙන් ඉතාමත් ලස්සන දිදුළන, නිරෝගිමත් , ආකර්ෂණීය පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කීමට ඔබට හැකිවේවි.

-සටහන- ජයනි සිතාරි අල්විස්



අදහස් (1)

නිරෝගිමත් කෙස් කළඹකට රහස්

සෙව්වන්දි Wednesday, 19 June 2024 10:12 PM

කෝන්ඩේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 332 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site