මයික්‍රෝසොෆ්ට් සමාගමේ සහාය ඇතිව තමන්ට විරුද්ධ වූ අධ්‍යක්ෂක මණ්ඩලය පන්නා දමමින් නැවත වරක් කෘත්‍රිම බුද්ධියේ මහ ගෙදර වන ඕපන් ඒ.අයි. (Open AI) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වීමට සෑම් ඕල්ට්මන් සමත් විය.
මේ වනවිට ලොව ප්‍රබල සමාගමක් බවට පත්ව ඇති අනාගතයේ ලෝකය පාලනය කරන හෝ විනාශ කරන සොයාගැනීම් කළ හැකි OpenAI සමාගමේ බලය හුවමාරු වීම බලවත් රාජ්‍යයක බලය හුවමාරුවකට සමානවන තත්ත්වයක් නිර්මාණය කිරීම මේ වෙනස ගැන ලොවම කතා කිරීමට හේතුවක් විය.
චැට් ජීපීටී කෘත්‍රිම බුද්ධිය බිහිකළ ඕපන් ඒ.අයි සමාගමේ සම නිර්මාතෘවරයකු මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ සෑම් ඕල්ට්මන්ගේ නායකත්වය පිළිබඳ තවදුරටත් විශ්වාසයක් නොමැති බව පවසමින් එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය නොවැම්බර් 17 වැනිදා ඔහුව එම ධුරයෙන් නෙරපනු ලැබුවේය.
ඉංග්‍රීසි ටෙලි නාට්‍ය කතා මාලාවක මෙන් එතැන් සිට ගතවූ දින 5 ක කාලය තුළදී ඕපන් ඒ.අයි සමාගම ප්‍රධාන විධායක නිලධාරීන් තිදෙනෙකු යටතට පත් වූ අතර තෙවැනි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නැවත වරක් සෑම් ඔල්ට්මන් නව අධ්‍යක්ෂ මණ්ඩලයක්ද සමඟ ඕපන් ඒ.අයි සමාගමට පත් විය.
සෑම් ඕල්ට්මන් ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් කර පැය කිහිපයක් ඇතුළත ඕපන් ඒ.අයි සමාගමේ සභාපති මෙන්ම සම නිර්මාතෘවරයකු වූ ග්‍රේග් බ්‍රොක්මන්ද සිය ධුරයෙන් ස්ව කැමැත්තෙන් ඉවත් වන බව එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේය.තමන් සෑම් ඕල්ට්මන් සමඟ එකතු වී ගොඩනැඟූ ඕපන් ඒ.අයි සමාගම පිළිබඳ ආඩම්බරයට පත්වන බවත් ඕල්ට්මන් ඉවත් කළ පුවත ඇසීමෙන් තමන් දැඩිසේ කලකිරුණු බැවින් ඒ හේතුවෙන් තව දුරටත් සභාපති ධුරයේ කටයුතු නොකරන බවත් බ්‍රොක්මන් පැවැසුවේය.
එලෙස සෑම් ඕල්ට්මන් සහ ග්‍රෙග් බ්‍රොක්මන් ඕපන් ඒ.අයි සමාගම හැර යද්දී ඔවුන් දෙදෙනා තම සමාගමට බඳවා ගන්නා බවත් ඔවුන් දෙදෙනා යටතේ සංකීර්ණ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර් යේෂණ කරනු ලබන කණ්ඩායමක් පිහිටවන බවත් මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍ය නාරායන් නඩෙල්ලා ප්‍රකාශ කළේය.
ඔවුන් දෙදෙනාගේ කතාව මෙලෙස ගලා යද්දී ඕපන් ඒ.අයි සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස මීරා මුර්ති පත් වූවාය.ඇය එම ධුරයට පත් වුණත් ඕපන් ඒ.අයි සමාගමේ ආයෝජකයන් සහ ඇතැම් නිලධාරීන් සෑම් ඕල්ට්මන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සතුටු නොවූ බැවින් ඔහුව නැවත ගෙන එම සඳහා ඕපන් ඒ.අයි සමාගමේ ප්‍රධාන ආයෝජකයා වූ මයික්‍රෝසොෆ්ට් සමාගම සමඟ සහ ඕපන් ඒ.අයි සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ සාකච්ඡා ආරම්භ කළේය.
මීරා මුර්ති ඇල්බේනියානු ඉංජිනේරුවරියක සහ ව්‍යාපාර කළමනාකාරවරියක වූවාය. ඇය 2018 වසරේ සිට ඕපන් ඒ.අයි සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරිනිය ලෙස කටයුතු කළාය.ඕපන් ඒ.අයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් වීමත් සමඟ ඇයට මයික්‍රෝසොෆ්ට් සමාගමද සහාය පළ කළේය.නමුත් ධුරයේ වැඩ බාරගැනීමෙන් පසුව ඇය නැවත වරක් සෑම් ඕල්ට්මන් ඕපන් ඒ.අයි සමාගමට බඳවාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇයවද එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ධුරයෙන් ඉවත් කරනු ලැබුවාය.
මීරා මුර්ති ඉවත් කිරීම හේතුවෙන් හිස් වූ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා එමෙට් ෂියර් පත් කිරීමට ඕපන් ඒ.අයි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කළේය. එමෙට් ෂියර් වීඩියෝ ගේම් තරග සහ වීඩියෝ සජීවීව විකාශය කළ හැකි සේවාවන් දෙකක් වූ ට්විච් සහ ජස්ටින් ටීවී හි හිටපු සම නිර්මාතෘවරක් වූවේය. ඔහු අන්තර්ජාලය පදනම් කරගත් ව්‍යවසායකයෙක් මෙන්ම ආයෝජකයකුද විය. කෘත්‍රිම බුද්ධිය වර්ධනය වන ආකාරය වේගවත් වැඩි බවත් එය මන්දගාමී වියයුතු බවත් ඔහුගේ මතය විය. එමෙට් ෂියර් කෘත්‍රිම බුද්ධිය විනාශය කරා රැගෙන යන්නෙක් ලෙසද ක්ෂේත්‍රය තුළ මතයක් පවතී.
එමෙට් ෂියර් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වෙද්දී ඕපන් ඒ.අයි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමාගමේ කාර්යයන් අවතක්සේරුවට ලක් කර ඇති බැවින් එහි සාමාජිකයන් සියලු දෙනා ඉල්ලා අස්විය යුතු බවත් සෑම් ඕල්ට්මන්ට නැවත වරක් ප්‍රධාන විධායක නිලධාරී තනතුර බාර දියයුතු බවත් පවසමින් එම සමාගමේ සිටින සේවකයන් 770 දෙනාගෙන් 700 කගේ අත්සනින් යුතුව පෙත්සමක් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කෙරිණ.එසේ නොමැති වුවහොත් සියලු දෙනා රැකියාවෙන් ඉල්ලා අස්වන බවත් සියලු දෙනාට මයික්‍රොසොෆ්ට් සමාගමේ රැකියා අවස්ථා තිබෙන බවට එහි ප්‍රධාන විධායක නිලධාරී සත්‍ය නාරායන නඩෙල්ලා සහතික කර තිබෙන බවත් එම සේවකයන් ප්‍රකාශ කළේය.ඕපන් ඒ.අයි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ විශ්වාසයක් තව දුරටත් තැබිය නොහැකි බව එම සේවකයන් පෙන්වා දුන්නේය.මෙම පෙත්සම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ප්‍රධාන තාක්ෂණික නිලධාරී මීරා මුර්තිගේ අත්සනින් යුතුව යොමු කෙරිණ.
මෙම අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී කෙවින් ස්කොට් පසුගිය (21) ප්‍රකාශ කර සිටියේ ඕපන් ඒ.අයි සමාගමේ සේවකයන් 700 දෙනා අධ්‍යක්ෂ මණ්ඩලයට යැවූ පෙත්සම මයික්‍රොසොෆ්ට් සමාගම දුටු බවත් මයික්‍රෝසොෆ්ට් සමාගමේ නව කෘත්‍රිම බුද්ධි පර් යේෂණාගාරයට සෑම් ඕල්ට්මන් සමඟ සම්බන්ධ වීමට එම සේවකයන් දක්වන උනන්දුව අගය කරන බවත්ය. අවශ්‍ය ඕනෑම මොහොතක ඕපන් ඒ.අයි සමාගමේ දරණ නිලයට සහ වැටුපට සමාන රැකියාවක් සඳහා මයික්‍රෝසොෆ්ට් සමාගමේ දොර විවෘතව පවතින බවද කෙවින් ස්කොට් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ සත්‍ය නාරායන නඩෙල්ලා එන්.බී.සී පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ ඕපන් ඒ.අයි සමාගම හෝ සමාගමේ සේවකයන් සමඟ වැඩ කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම කැමැත්තක් දක්වන බවය.මයික්‍රොසොෆ්ට් සමාගම ඕපන් ඒ.අයි සමාගමේ ඇමෙරිකානු ඩොලර් බිලියන 13 ක මුදලක් ආයෝජනය කර තිබෙන අතර එම සමාගමේ කොටස් සියයට 49 ක් මයික්‍රොසොෆ්ට් සමාගම සතු වේ.
පසුගිය 17 වැනිදා සෑම් ඕල්ට්මන් ඉවත් කිරීමට පෙරමුණ ගත් ඕපන් ඒ.අයි සමාගමේ සම නිර්මාතෘවරයකු මෙන්ම ප්‍රධාන විද්‍යාඥවරයා වන ඉල්යා සුට්ස්කීවර් තමන් සෑම් ඕල්ට්මන් ඉවත් කිරීමට සම්බන්ධ වීම ගැන පසුතැවිලි වන බවත් කිසිදු අයුරකින් ඕපන් ඒ.අයි සමාගමට හානි කිරීමට තමන් බලාපොරොත්තු නොවන බවත් පසුගිය 20 වැනිදා දින ප්‍රකාශ කළේය.එසේම නැවත වරක් ඕපන් ඒ.අයි සමාගම එක්සත් කිරීමට හැකි සෑම උත්සාහයක් ගන්නා බවත් තමන් ඉවත් වීමට ප්‍රථමයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවත් පැවැසුවේය.
මුලදී නැවත වරක් ඕපන් ඒ.අයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පැමිණීමට වැඩි කැමැත්තක් නොදැක්වූ සෑම් ඕලට්මන් අවසානයේ ධුරය බාරගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ බවත් ඔහු සමඟ නව අධ්‍යක්ෂ මණ්ඩලයක්ද පත්වනු ඇති බවත් ඕපන් ඒ.අයි සමාගම නිවේදනය කළේය. සෑම් ඕල්ට්මන් ධුරයෙන් නෙරපීමට මුල් වූ ඉල්යා සුට්ස්කීවර්, ටාෂා මැකෝලි සහ හෙලන් ටෝනර් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කෙරෙන බවත් නව අධ්‍යක්ෂ මණ්ඩලය සේල්ෆෝර්ස් මෘදුකාංග සමාගමේ හිටපු සම-ප්‍රධාන විධායක නිලධාරියකු වූ බ්‍රෙට් ටේලර්ගේ සභාපතිත්වය යටතේ පත්වනු ඇති බවත් ඕපන් ඒ.අයි සමාගම පැවැසුවේය.
අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇති වූ මෙම වෙනස මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍ය නාරායන නඩෙල්ලාද අනුමත කළ අතර අධ්‍යක්ෂක මණ්ඩලයේ ඇති වූ වෙනස වඩාත් ස්ථාවර සහ කාර්යක්ෂම පාලනයක් ඕපන් ඒ.අයි සමාගමේ ඇති කිරීම සඳහා අත්‍යවශ්‍ය වූ පළමු පියවර බව ඔහු ප්‍රකාශ කළේය. නව අධ්‍යක්ෂක මණ්ඩලය සෑම් ඕල්ට්මන් සහ ග්‍රෙග් බ්‍රොක්මන් සමඟ එකතු වී ඕපන් ඒ.අයි සමාගමට නායකත්වය ලබා දෙමින් විශාල වැඩ කොටසක් කළ යුතුව තිබෙන බව නඩෙල්ලා පෙන්වා දුන්නේය.
ඕපන් ඒ.අයි සමාගම පාලනය සඳහා වඩාත් පුළුල් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීම මෙම නව අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්ය භාර්යයක් වනු ඇති බවත් බොහෝ දුරට අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික ධුරයක් මයික්‍රෝසොෆ්ට් සමාගම ලබා ගැනීමට ඉඩ තිබෙන බවත් ඕපන් ඒ.අයි සමාගමේ ආරංචි මාර්ග පැවසුවේය. හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයට සෑම් ඕල්ට්මන් ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත්කිරීම පිළිබඳ පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමට තවමත් අපොහොසත් වී ඇති බවත් සෑම් ඕල්ට්මන් ඉවත්කිරීමට දින කිහිපයකට පෙර ඕපන් ඒ .අයි සමාගමේ පර් යේෂකයන් මනුෂ්‍ය වර්ගයාට හානිකර ඉතාමත් බලගතු කෘතිම බුද්ධියක් සොයාගැනීම පිළිබඳව අනතුරු අඟවමින් ලිපියක් අධ්‍යක්ෂ මණ්ඩලයට යොමුකර තිබෙන බවත් එම සමාගමේ ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
එම ව්‍යාපෘතිය කිව් ස්ටාර් නමින් හඳුන්වන බව ඇතැම් ඕපන් ඒ.අයි සමාගමේ පර් යේෂකයන් විශ්වාස කරන බවත් තවමත් කිව් ව්‍යාපෘතිය යනු කුමක්දැයි?යන්න බොහෝ දෙනාට අබිරහසක් බවත් ආරංචි මාර්ග පෙන්වා දී ඇත.
■ විමුක්ති එස් රුද්‍රිගු
ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.
ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත
මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ
මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය
කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම
ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
Open AI ප්‍රශ්නය මිනිස් වර්ගයාට හානිකර කෘතීම බුද්ධියක් සොයාගැනීම නිසාද ?