වසරක් පාසා ඇරැඹෙන ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පුර පසළොස්වකින් ඇරැඹී ඊළඟ වසරේ වෙසක් පුර පසළොස්වකෙන් නිමාවේ. විවිධ ආගම් අදහන්නන්ගේ වන්දනාමානයට පාත්‍රවී ඇති ශ්‍රී පාදස්ථානය ප්‍රසිද්ධියට හා ගෞරවයට පාත්‍රවී ඇත්තේ සමනළ කඳු මුදුනේ ගල් පර්වතයේ සටහන්ව ඇතැයි සැලකෙන පාද ලාංඡනයක් හේතුකොට ගෙනය. සිංහල බෞද්ධයන්ට අනුව මෙහි ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද සටහනයි. එය හින්දු භක්තිකයනට ශිව දෙවියන්ගේ පා සටහනකි. මහමදිකායන්ට ඔවුන්ගේ මතය අනුව එය ‘බාබා ආදමලේ’ගේ පා සටහනයි. ක්‍රිස්තු භක්තිකයන් විශ්වාස කරනුයේ මෙම පා සටහන ‘ශාන්ත තෝමස් නම් ක්‍රිස්තියානු මුනිවරයාගේ බවයි.
මෙම විශ්වාස හා ප්‍රසිද්ධිය හේතුකොට ගෙන ශතවර්ෂ ගණනාවක් තිස්සේ ස්වදේශිකයන්ට අමතරව ලොව පුරා නානා දෙසින් ලංකාවට පැමිණෙන වන්දනාකරවන් මෙන්ම සංචාරකයන්ද මෙම කන්ද තරණය කරති. වර්තමානයේ සමනළ නැග්ම පහසු කරුණක් වුවද අතීතයේදී එය තරණය කිරීම අති දුෂ්කර වූ කරුණක් විය. එවන් ස්ථානයක් වූ සමනළ කන්ද මේ සා විශාල ජන කණ්ඩායම්වල වන්දනාමානයට පාත්‍ර වන පූජනීය ස්ථානයක් බවට පත්වූයේ කෙසේද යන්න විමසා බැලිය යුතු කරුණකි.
වර්තමානයේ ශ්‍රී පාදස්ථානය සිංහල බෞද්ධයන්ගේ පරිපාලනයට යටත්ව පවතී. සියලුම ආගමිකයන්ගේ පුද පූජාවලට ලක්වන ස්ථානයක් මෙසේ බෞද්ධයන්ගේ පාලනයට යටත්ව පැවතීම සිංහල ජාතිකවාදය නිසා සිදුවී ඇති දෙයක් බව පවසන අයද සිටිති. ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රීපාදස්ථානය බෞද්ධ කරණය කිරීම හුදෙක් රාජ්‍යයට ලඝු කළ නොහැකි සංකීර්ණ ක්‍රියාදාමයක නිශ්පාදනයක් කියාය. (සංස්කෘති -25 කලාපය 2015 මැයි) රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ භූමිකාව අනුව කරනු ලබන මෙම විග්‍රහය ලංකාව යටත්විජිතයක් වූවාට පසුව මෙරට ඉතිහාසය දෙස පමණක් බලා කරන විග්‍රහයක් විනා ඈත අතීතයේ සිට ලංකා ඉතිහාසයේ තෙරතුරු හාරා අවුස්සා බලා කරන විග්‍රහයක් නොවේ.
පුරා වෘත්ත අනුව පළමු වරට සමනළ කන්දේ ශ්‍රීපාද ලාංඡනය සොයා ගත් බවට විශ්වාස කරනුයේ වළගම්බා රජතුමාය. ඒ ක්‍රි. පූර්ව 104 වැන්නේ දීය. බෙහෝ දුරට පිළිගත හැකි කරුණක් ලෙස ADAMS PEAK LEGENDARY IRADITIOAL AND HISTORK NOTICES යනුවෙන් ග්‍රන්ථයක් ලියන ‘විලියම් ස්කීන්’ මහතා සඳහන් කොට ඇත. මෙම ග්‍රන්ථය ‘ශ්‍රීපාද සමනළ ජනප්‍රවාද පුරාවෘත්ත හා ඓතිහාසික තොරතුරු’ යනුවෙන් යසපාල වනසිංහ මහතා විසින් සිංහලට නගා ඇත. විලියම් ස්කීන් සඳහන් කරන පරිදි වලගම්බාහු රටේ පාලකයා වී මාස පහකින් මලබාර් ආක්‍රමණිකයන් විසින් ඔහු බලයෙන් පහකළ නිසා වන ගතවූ වලගම්බා රජතුමා වසර 14ක් වනගතව ගත කිරීමේදී සමනළ අඩියේදී මුවකු පසුපස එලවා යන විට ශ්‍රී පාද ලාංඡනය දැක එය යකඩ වැටකින් ආවරණය කොටද ඇත.
වලගම්බා රජතුමා ආක්‍රමණිකයන් පලවා හැර නැවත බලයට පත්වීමෙන් පසු ක්‍රි.පු. 88 දී භික්ෂූන් 500 නමක් මාතලේ අළුලෙනට වැඩමවා ධර්ම සංඝායනාවක් කොට එතෙක් අවුරුදු 217ක් මුඛ පරම්පරාගතව පැවැත ආ මිහිඳු හිමියන් වදාළ බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමට පියවර ගත්තේය. එසේම එතුමා සමන් දෙවියන්ගේ බාරයට පත්කර ඇති සමනළ අඩවිය භික්ෂු සංඝයා උදෙසා අරණ්‍ය සේනාසනයක් බවට පත් කළ බවද වංශකතාවල සඳහන් වේ.
ක්‍රි.ව. 1554-1593 කාලයේ සීතාවක රජකළ පළවෙනි රාජසිංහ රජතුමා ශිව ආගම වැලඳගෙන බෞද්ධ භික්ෂූන්ට හිරිහැර කරමින් බෞද්ධ පොත්පත් ගිණි තබමින් බෞද්ධයන්ට මහත් හිරිහැර පැමිණ වූහ. එතුමා ශ්‍රී පාදස්ථානයේ භාරකාරිත්වය හා පාලනය භික්ෂූන්ගෙන් ඉවත්කොට ශිව භක්තිකයන්ට පැවැරීය. එතැන් සිට ශත වර්ෂ එක හමාරක පමණ කාලයක් ශ්‍රී පාදස්ථානයේ භාරකාරීත්වය හා පාලනය බමුණු සන්නාසියන් අත පැවැතුණි. ශ්‍රී පාදස්ථානය ඔවුන්ගෙන් මුදාගෙන යළි බෞද්ධයන් අතට පත්කර ඇත්තේ ක්‍රි.ව. 1747 දී රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාය. එම රජතුමා වැලිවිට අසරණ සරණ සරණංකර හිමිපානන්ගේ මගපෙන්වීම යටතේ යලිත් මෙරට උපසම්පදාව පිහිටුවීමට කටයුතු කළේය. වැලිවිට හිමියන් කළ උදාර සේවය සලකා උන්වහන්සේට සංඝරාජ පදවිය පිරිනැමූ රජතුමා ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වයද සන්නස් පත්‍රයකින් උන්වහන්සේට පිරිනමා ඇත. ඇත්ත වශයෙන්ම රජතුමා සඝ රජ හිමියන්ට ශ්‍රීපාදයේ අයිතිය පිළිබඳ සන්නස් පත්‍රය පිරි නැමුවත් එහි පාලනය සමග පහත රට නායක ධුරය වේහැල්ලේ හිමියන්ට පවරා ඇත.
රාජාධිරාජසිංහ රජතුමා ක්‍රි.ව. 1782 දී රාජ්‍යත්වයට පත්වනතුරු හිමිවරුන් හතර නමක් පැල්මඩුල්ලේ වාසය කරමින් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත. ඉන් අවසාන වරට මෙම ධුරය දරා ඇත්තේ මාතර වාසය කළ කොරතොට හිමියන් විසිනි. උන්වහන්සේ එම තනතුරෙන් ඉවත් කර ඇත්තේ මල්වත්තේ නායක හිමියන් වූ මොරතොට හිමියන්ගේ පෙලඹවීම මතය. එයින් පසුව අවුරුදු 40ක් පමණ ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත්තේ මල්වතු විහාරයේ නායක හිමිවරුන්ය. 1826දී මල්වත්තේ නායක හිමියන් අපවත් වූ විට රත්නපුර ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ‘ජියෝ ටර්නර්’ මහතා ආණ්ඩුවට දන්වා ඇත්තේ ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය ගාල්ලේ මේධංකර හිමියන්ට පවරණ ලෙසයි. ඒ මහතා එසේ දන්වා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදාව ලත් භික්ෂූන් කැඳවා අදහස් විමසීමෙන් පසුවය. ඒ අනුව ගාල්ලේ හිමියන්ට ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය පැවැරූ පසු පිළිවෙළින් සුමංගල හිමි, පරකුඹුරේ හිමි සහ ගලගම හිමි ශ්‍රීපාදස්ථානයේ භාරකාර පදවිය දරා ඇත.
1866 දී ගලගම හිමියන් අපවත්වූ පසු එවකට මල්වතු පාර්ශ්වයේ සිල්වත් කමින්, උගත් කමින් හා බුද්ධිමත් කමින් ඉහළ ස්ථානයකට පත්ව මහත් ගෞරවයට පාත්‍රව සිටි හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය පිරි නමන ලදී. එයින් පසුව ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය භික්ෂූන් වහන්සේලා කීප නමක්ම දරා 1954 දී මොරොන්තුඩුවේ ධම්මානන්ද හිමියන්ට එය පවරන ලදී.
මොරොන්තුඩුවේ ධම්මානන්ද හිමියන් විසින් ශ්‍රී පාදස්ථානයේ දියුණුවට වැඩ කටයුතු රාශියක් කරන ලද අතර එහි පරිපාලන කටයුතුවල විශාල වෙනසක්ද කරන ලදී. උන්වහන්සේගේ පරිපාලන කටයුතු ප්‍රතිසංවිධානය යටතේ සිද්ධස්ථාන නිලධාරීන්ගේ රාජකාරි හා වගකීම් ලේඛනගත කරන ලදී. එසේම එහි ‘නිල’ පූජාවිධි ක්‍රමයක්ද ඇති කළේ උන්වහන්සේය.
වර්තමානයේ ශ්‍රී පාදස්ථානයේ භාරකාර හිමියන් තෝරා පත්කර ගනු ලබන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදා භික්ෂූන්ගේ ඡන්දයෙනි. පසුගිය සමයේ කාලයක් හදපාන්ගොඩ විමල නාහිමියන් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය ඉසිලූ අතර පසුගිය වර ඡන්ද විමසීමේදී තේරී පත්වූයේ බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ය. උන්වහන්සේද ශ්‍රී පාදස්ථානයේ පාලන කටයුතු මැනවින් සංවිධානය කොට ඇත. තත්ත්වය මෙසේ නිසා ශ්‍රී පාදස්ථානය බෞද්ධයන් යටතේ පාලනය වීම වරදක්ද යන්න විමසිය යුතුව ඇත.
සටහන
විජේරත්න අතුරුපාන
ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.
ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත
මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ
මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය
කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම
ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සිරිපා උරුමය හා භාරකාරත්වය