IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජීවිත රැසක් බේරාගත් වීරයා ඩොම්

 

නැති කාලෙටත් මිනිසුන් හඬවන වැඩියෙන් ලැබෙන කාලයටත් මිනිසුන් හඬවන, වැස්ස.... මේ දිනවල නම් දිවයිනේ හැම තැනටම  වැඩියෙන් ලැබෙමින් පවතී.


නායයෑම්, ජල ගැලීම්, මාර්ග වැසෙන සේ පස් ගස් හා ගල් කඩාවැටී අවහිරවීම් හැමදාමත් වාර්තා වෙයි. අධික වැසි ලැබීමත් අධික මීදුමත් ඇතැම් ප්‍රදේශවල මේ දිනවල කාලගුණික තත්ත්වයයි.


ඉකුත් 20 වැනිදා උදෑසන හපුතලේ ග්ලෙනෝර් වත්තටද උදාවූයේ මීදුමින්  වැසුණු වැසිබර හිමිදිරියකි. ග්ලෙනෝර් වත්තේ දහවැනි කොටසේ  කම්කරු නිවාසවල ජීවත්වෙන පවුල් ගණන 34 කි.


පාසල් සිසුහු පාසල් යාමට ලෑස්ති වෙමින් සිටියහ. වැඩිහිටියෝ  වත්තේ වැඩට යාමට සූදානම් වෙමින්  සිටියහ. එකවරම මහා කලබැගෑනියකි. නාය යනවා.... නාය යනවා.... කෑගසමින් නිවැසියෝ නිවෙස්වලින් එළියට පැනගත්හ.


මේ අවදානම මුලින්ම පෙන්වා දී ඇත්තේ, “ඩෝමි” නමැති සුරතල් සුනඛයෙකි. ඩෝමි ජීවත් වෙන්නේ මෙම ස්ථානයේ කම්කරු නිවාසයකය. ස්වාමියා වන සුප්පයියා චන්ද්‍රසේකරන් සිද්ධිය විස්තර කිරීමට පෙර ඩෝමි  ගැන කිව්වේය.


“පුතා ඉස්කෝලෙ ගිහින් එද්දි පාර අයිනෙ හඬ හඬා හිටිය පැටිය  උස්සාගෙන ඇවිත් තිබුණා. අපි ආදරෙන් ඇති දැඩි කළා. දැන් වයස අවුරුදු එකහමාරයි. අපි රොටී කෑවට එයා රොටීවලට කැමති නැහැ. බත් තමයි කන්නේ. කොහේ ගියත් අපේ පස්සෙන් එනවා. ත්‍රීවීලරයක ගියොත් ඒකටත් නගිනවා. බස් එකකට ගියොත් බස් එකට නගිනකල්ම ඉඳල ආපසු  ගෙදර යනවා. වැඩිපුරම ඉන්නේ ගේ අස්සේ. වත්තේ. කවුරුත් මෙයාට ආදරෙයි.”


චන්ද්‍රසේකරන් ආඩම්බර ඉරියව්වෙන් යළි කතාව පටන් ගත්තේය.


“උදේ 6.20 ට විතර ඩෝමි බුර බුරා පහළ පැත්තට දුවනවා. ආපසු ගෙට දුවනවා. මගේ පොඩි පුතයි අල්ලපු ගෙදර ආච්චියි ගිහින් ඒ පැත්ත බල බල ඉන්න කොට ආයෙත් බල්ලා ඒ පැත්තට බුර බුරා මොකක්දෝ කියනවා. ඒ එක්කම අපේ මල්ලි කෙනත් උඩ පැත්තේ ඉඳල ආවා. එයා කිව්වා අන්න අර බලන්න නායක් යනවා කියලා. 


අපි බලා සිටියදී පොළො​ෙව කොටසක් ගිලා බසිමින් පහළට ඇදී ගෙන ගියා. අපි කෑගහලා අවට අයට කිව්වා නායක් යනවා කියලා. අපි ඔක්කොම කෝවිලට දුවගෙන ගිහින් වත්තේ මහත්තයට දැනුම් දුන්නා. වත්තේ මහත්තයා නිලධාරි දැනුවත් කිරීමෙන් පසු ඔවුන් ඇවිත් එම ස්ථානයේ පදිංචි පවුල් 34 කට ඉවත් වෙන්න කියලා වත්තේ ඉස්කෝලේ නතර කළා” යැයි චන්ද්‍රසේකරන් කීවේය.


හල්දුම්මුල්ල මෙන්ම හපුතලේද, බදුල්ල දිස්ත්‍රික්කයද නාය අවදානම් ප්‍රදේශ අතරින් ප්‍රම්‍රඛ වෙන බවට හඳුනාගෙන ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

 


හපුතලේ නායයාම්, ක්ෂණික දියඇලි කඩාවැටීම්, හදිසි සැඩදිය පහර ගලා යාම් වැනි ආපදා සිදුවීමට ප්‍රධාන හේතුව තංගමලේ අභය භූමියට ලැබෙන අධික වැසි යැයි අනුමාන කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා මහත්මිය පවසයි. ග්ලෙනෝර් වත්තේ තත්ත්වයද අවදානම් බව හර්ෂණී මහත්මිය අවධාරණය කළාය.


මිනිසුන් ඉව කරන්නේ විපතක් සිදුවීමෙන් පසුය. එවිට සිදුවිය හැකි විපත සිදුවී අවසන්ය. එහෙත් සතුන් ඉව කරන්නේ විපතක් වීමට කලිනි. එය මිනිසාගේ ආරක්ෂාවටද හේතුවෙන බව මේ සිද්ධියෙන් පැහැදිලිවෙයි.
නාය අවදානම මුලින්ම හඳුනාගත් ඩෝමි දැන් වීරයෙකි. වත්තේ කම්කරුවන් අතරේද ජනප්‍රිය චරිතයකි. ඩෝමි දැක ගැනීම සඳහා වත්තේ ජනතාව පමණක් නොව අවට ගම්මානවල ජනයාද පැමිණෙමින් සිටිති.

 

 

සටහන හා ඡායාරූප 
■ බදුල්ලේ පාලිත ආරියවංශ



අදහස් (0)

ජීවිත රැසක් බේරාගත් වීරයා ඩොම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site