එය වැසි ජලය එකතු වී ඔබේ කූඩාරම එක රැයකින් ජලයෙන් යට වීම වළක්වනු ඇත. එසේම දිරා ගිය විශාල ගස් සහිත ස්ථානවල, සතුන් නිතර ගමන් ගන්නා මාර්ගවල හෝ ගුහා අසල, ඔබ කඳවුරු බැඳීම අනතුරකට අත වැනීමක් විය හැක. ඒ නිසා සමතල බිමක, ජල මූලාශ්‍රවලින් ආරක්ෂිත දුරක් තබා ගෙන කඳවුරු බැඳීමට ස්ථානයක් සොයා ගැනීම ආරක්ෂිත වේ.
ඔබ පරිපූර්ණ ස්ථානය සොයාගත් පසු, අඳුරට පෙර එය සැකසීමට ප්‍රමුඛත්වය දෙන්න. ඒ අනුව සුළඟේ දිශාව සොයා ගෙන ඔබ කූඩාරම ගසා ගත යුත්තේ කුමන දිශාවට ද යන්න තීරණය කළ යුතුයි. ඉන්පසු ඒ ස්ථානයේ නිදා ගැනීමට අපහසුතාවක් ඇති කළ හැකි පාෂාණ, කූරු සහ සුන්බුන් ඉවත්කර බිම පිරිසිදු කර ගන්න. අනතුරුව කූඩාරම් බෑගයෙන් ඔබේ කූඩාරම් සැපයුම් ඉවත් කරන්න. බිම් තහඩුව තබා එය සවි කරන්න. ඔබ තෝරාගන්නා දිශාවට අභ්‍යන්තර කූඩාරම, බිම් පත්‍රයේ තබන්න. කණු සම්බන්ධ කර කූඩාරම් ලූප හරහා යවන්න. ඉන්පසු කූඩාරම ඔසවා කූඩාරම බිමට සවි කරන්න. අවසාන වශයෙන් අභ්‍යන්තර කූඩාරම මත පියාසර පත්‍රය සකසා එය සවි කරන්න.
මේ වන විට ඔබ කූඩාරම ගසා අවසන් වුවද - කූඩාරම වටා ජලාප්‍රවහන පද්ධතියක් සෑදීමට අමතක නොකරන්න. එය වැසි ජලය බිම් මහලට ළඟා වී කූඩාරම් මතුපිට තෙත් කිරීම වළක්වයි. තවද වැඩි ආරක්ෂාවක් සඳහා ඔබට බිම් තහඩුව යට තද පොලිතීන් දැමිය හැකි අතර විෂ සහිත සර්පයන් ගෙන් ආරක්ෂා වීමට ඔබට කූඩාරම වටා භූමිතෙල් ආලේපිත (ගිල්වූ) කඹයක් තැබිය හැකිය.
කූඩාරම නිසි ලෙස සකස් කළ පසුවද සාර්ථක මෙන්ම ආරක්ෂිත කඳවුරු බැඳීමේ අත්දැකීමක් සඳහා ඔබට මෙම උපදෙස් අනුගමනය කළ හැක.
1. ඔබේ අත්‍යවශ්‍ය දෑ (ෆ්ලෑෂ් ලයිට්, ජලය, ප්‍රථමාධාර කට්ටලය) පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක ගබඩා කරන්න.
2. සියලුම ආහාර වනජීවීන්ට ළඟා විය නොහැකි ලෙස තබා ගැනීම සඳහා අවම වශයෙන් අඩි 10 ක් උස සහ අඩි 4 ක් දුරින් ඇති ගස් කඳකින් එල්ලා තබන්න.
3. ඔබේ කූඩාරම තුළ ආහාර ගැනීමෙන් වළකින්න. මක්නිසාදයත් කල් පවතින සුවඳ නිසා සතුන් ඔබේ කූඩාරම වෙත ළඟා වීමේ අවදානමක් පවතී.
4. ගින්නක් ඇති කිරීමට අවසර දී ඇත්නම් පමණක් ආරක්ෂිත ස්ථානයක් තෝරා (ගස් සහ කූඩාරම් වලින් අවම වශයෙන් අඩි 10 ක් දුරින්) වැටුණු අතු පමණක් භාවිතා කර ගිනි ගොඩක් ගසන්න. අනතුරුව ගිනිදැල් පාලනය කිරීම සඳහා ගිනි වළක් සාදන්න. ඔබ නිදා ගැනීමට පෙර ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට සිහි තබා ගන්න.
5. ඔබ නැවත ගමන් අරඹන විට ඔබ එනවිට එම ස්ථානය තිබූ ආකාරයට වඩා හොඳින් එම ස්ථානයෙන් පිටව යාමට මතක තබා ගන්න.
හොඳින් සූදානම් වූ කඳවුරුකරුවෙකු යනු ත්‍රාසජනක, අභියෝග සඳහා සූදානම් වූ ප්‍රීතිමත් කඳවුරුකරුවෙකි.
කඳු නැඟීම, කඳවුරු බැඳීම විනෝදය ගෙනදෙන තෘප්තිමත් ක්‍රීඩාවක් බව සැබෑය. නමුත් එහිදී ඔබ නොසැලකිලිමත් ලෙස තබන එක් පියවරක් හෝ එක් තීරණයක් ඔබේ ජීවිතය එහිම කෙළවර කරනු ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කඳු නගින්න කෑම්පින් කරන්න කැමතිද ? එහෙනම් මේ කතාව ඔබට ...