IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ආපසු ආ ගගනගාමීන් දෙදෙනා

නව ගගන කැප්සියුලයක් අත්හදා බලමින් දින 8 ක අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති අන්තර් ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස් - ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම් පොළේ රැඳී සිටීමට සිදුවුණු නාසා ගගනගාමීන් දෙදෙනා වන සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් පසුගියදා (19) යළි පෘථිවියට පැමිණියහ. 

ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකන් ගගනගාමිනියක වන සුනීතා විලියම්ස් සහ විල්මෝර් දෙදෙනා අන්තර් ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත් වූයේ පසුගිය වසරේ ජූනි මාසයේදී ය. ඒ බෝයිං සමාගමේ ’ස්ටාර් ලයිනර්’ ගගන කැප්සියුලය අත්හදා බලමිනි. බෝයිං සමාගම ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ගුවන් යානා නිෂ්පාදන සමාගමය. ගුවන් යානා නිෂ්පාදනයට පෙර සිටම බෝයිං නාසා ආයතනය හා සම්බන්ධ වී ගගන කැප්සියුල සහ රොකට් යානා නිපදවීමට දායක විය. ‘ස්ටාර්ලයිනර්’ යනු බෝයිං සමාගම අභ්‍යවකාශයට ගගනගාමීන් රැගෙන යෑමටත් - ඔවුන් නිරුපද්‍රිතව ආපසු රැගෙන ඒමටත් නිපදවූ ගගන කැප්සියුලයයි.

‘ස්ටාර්ලයිනර්’ කැප්සියුලයේ නැගී, අන්තර් ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය විලියම්ස් සහ විල්මෝර් දෙදෙනාට, අභ්‍යවකාශ ගමන් බිමන් සහ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ අලු‍ත් දෙයක් නොවීය. දෙදෙනාම නාසා ආයතනයේ පළපුරුදු ගගනගාමීන්ය. බෝයිං සමාගම ඔවුන්ගේ නවතම කැප්සියුලය නම් කර ඇත්තේ ’බෝයිං ස්ටාර්ලයිනර්’ යනුවෙනි. එසේ වුවත් ගගනගාමීනී සුනීතා විලියම්ස් මෙම කැප්සියුලයට නමක් යොදා ඇත.  ඒ ’කැලිස්ටෝ’ ය. සමුද්‍ර ගවේෂක යාකුස් කුස්ටෝව් ගේ යාත්‍රාව සිහි කරමින් තමන් ’බෝයිං කැප්සියුලය කැලිස්ටෝ’ යනුවෙන් නම් කරන බව සුනීතා විලියම්ස් පැවසුවේ - ඇගේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.

ජූනි 14 ‘ස්ටාර්ලයිනර්’ කැප්සියුලයෙන් ආපසු පෘථිවියට පැමිණීමට ඔවුන් සූදානම් වුවත්, එය දිනෙන් දින කල් දැමුණි. ඒ කැප්සියුලයේ පැවති හීලියම් කාන්දුවක් නිසාය. කැප්සියුලයට තෙරපුම් පද්ධති 28 ක් සම්බන්ධ වෙයි. හීලියම් කාන්දුව නිසා ක්‍රියාත්මක වූයේ පද්ධති 27 ක් පමණි. විල්මෝර් සහ විලියම්ස් දෙදෙනා ආපසු එම කැප්සියුලයෙන් ගෙන්වා ගැනීම ඔවුන් ගේ ජීවිත අනතුරේ දැමීමක් බව බෝයිං සමාගමත්, නාසා ආයතනයත් තීරණය කළේය. ඒ අනුව දින 8 ක මෙහෙයුමකට අභ්‍යවකාශ නැවතුම්පොළට ගිය විලියම්ස් සහ විල්මෝර් දෙදෙනාට මාස 9 ක් එහි රැඳී සිටීමට සිදුවිය. 

බෝයිං සමාගම විලියම්ස් සහ විල්මෝර් නොමැතිව පසුගිය වසරේ සැප්තැම්බරයේ කැප්සියුලය ආපසු ගෙන්වා ගත්තේය. සැප්තැම්බර් 6 වැනිදා සවස 6 ට අන්තර් ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් වෙන්වුණු කැලිස්ටෝ පහළට පැමිණෙද්දී කැප්සියුලයේ යෝධ පැරෂූට් දිග හැරුණි. ඒ අනුව වේගය අඩාල වී සෙමින් සෙමින් කැප්සියුලය පහළට පතිත විය. සාමාන්‍යයෙන් මිනිසා අතින් නිර්මාණය කර ඇති සියලු‍ම ගගන කැප්සියුල ආපසු පැමිණ පැරෂූට් ආධාරයෙන් ගොඩබෑම සිදු කරන්නේ සාගරයටය. ඉන්පසු නාවික හමුදාවේ ද සහාය ඇතිව කැප්සියුලය ගොඩ ගැනීම සිදුවෙයි. සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් අභ්‍යවකාශයට ගියේ ඔවුන්ගේ අවසන් අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ කරමිනි. දින 8 ක මෙහෙයුම, මාස 9 ක් වේවි යැයි ඔවුන් සිහිනෙකින්වත් සිතුවේ නැත. 

පසුගිය 19 වැනිදා විලියම්ස් සහ විල්මෝර් යළි පැමිණියේ නාසා ආයතනය සමග සම්බන්ධ වී සිටින ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් ගේ ‘ස්පේස් එක්ස්‘ සමාගමේ ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලයේ ආධාරයෙනි. ඉලොන් මස්ක් - වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රධාන උපදේශකවරයෙකු ලෙස ද සේවය කරයි. විලියම්ස් සහ විල්මෝර් දෙදෙනා ආපසු ගෙන්වා ගැනීමට මස්ක් සහ ට්‍රම්ප් දෙදෙනා මැදිහත් වී කටයුතු කළ බව පැවසෙයි. විලියම්ස් සහ විල්මෝර් ආපසු ගෙන්වාගැනීම ඒ අනුව දේශපාලනීකරණයට ද ලක් විය. විලියම්ස් සහ විල්මෝර් අභ්‍යවකාශ නැවතුම්පොළට යද්දී ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන්ය. විලියම්ස් සහ විල්මෝර් ආපසු ගෙන්වාගැනීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් - බයිඩන් පරිපාලනය දැඩි ලෙස විවේචනය කර ඇත.

ඩ්‍රැගන් කැප්සියුලය ද මුහුදට පතිත කිරීමට නිර්මාණය කර ඇති එකකි. බෝයිං සමාගම ඔවුන්ගේ ‘මෙමිස්ටාර් ලයිනර්’ කැප්සියුලය නිර්මාණය කර ඇත්තේ, ගොඩබිමට පතිත කළ හැකි ආකාරයටය. ඒ අනුව ගොඩබිමට පතිත කළ හැකි පළමු ගගන කැප්සියුලය වන්නේ මෙයයි. ’ස්ටාර්ලයිනර්’ කැප්සියුල පෙර සැලසුම් කර තිබුණු ආකාරයට ගොඩබෑවේ නිව් මෙක්සිකෝව ‘වයිට් සෑන්ඩ්ස්’ තැනිතලා භූමියට ය. 

විලියම්ස් විල්මෝර් පමණක් නොව ඒ වන විට උඩු ගුවනට ගොස් සිටි ඇමෙරිකන් සහ රුසියන් ගගනගාමීහු දෙදෙනෙක් ද ‘ඩ්‍රැගන්’ කැප්සියුලයෙන් ආපසු පැමිණියහ. කැප්සියුලය ඇමෙරිකාවේ වේලාවෙන් සවස 5.57 ට පැරෂූට් ආධාරයෙන් ෆ්ලොරීඩාවට ඔබ්බෙන් මුහුදට පතිත කෙරුණි. ‘ඩ්‍රැගන්’ කැප්සියුලයේ ඉඩ පහසුකම් ඇත්තේ ගගනගාමීන් සිවු දෙනකුට පමණි. ඒ අනුව විලියම් සහ විල්මෝර්ගේ අවසන් ගගන මෙහෙයුම දින 268 කට පසු අවසන් විය.  

සාමාන්‍යයෙන් ගගනගාමීන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙද්දී ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරේ. පළපුරුදු ගගනගාමීන් වුවත්, 59 හැවිරිදි සුනීතා විලියම්ස් සහ 62 හැවිරිදි බුච් විල්මෝර්, ආපසු ආ සැණින් වෛද්‍යවරුන්ගේ අවධානයට ලක්වූහ. ඔවුන් දෙදෙනා හූස්ටන්හි පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති වෛද්‍යායතනයට යොමු කෙරුණු ලැබූ අතර තව ටික දිනක් එහි වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රඳී සිටිනු ඇත. 

ඔවුන් දින 268ක් උඩු ගුවනේ රැඳී සිටි අන්තර් ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇත්තේ පොළොවේ සිට කිලෝ මීටර් 460 ක් පමණ ඉහළිනි. එය එක්තරා ආකාරයකට දැවැන්ත    පර් යේෂණාගාරයකි. ඒ නැවැතුම්පොළ ඉදි කිරීමට මුල් වූයේ ඇමෙරිකාවත් රුසියාවත්ය. පසුව අභ්‍යවකාශ කටයුතුවලට සම්බන්ධ ලොව ප්‍රධාන පෙළේ රටවල් බොහොමයක් එහි කටයුතු සඳහා දායක විය. නැවතුම්පොළ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ ලෙස නම් කර ඇත්තේ එබැවිනි.

ඒ නැවතුම්පොළ එක් දැවැන්ත පර් යේෂණාගාරයක් වුවත්, එහි ගගනගාමීන්ට අවශ්‍ය සියලු‍ පහසුකම් ඇත. සූර්ය බලයෙන් විදුලිය ලැබෙයි. අභ්‍යවකාශයට, ශුන්‍ය ගුරුත්වයටත් ගැළපෙන ආකාරයේ ආහාර පාන නැවැතුම්පොළේ අඩංගු වෙයි. වැසිකිළි පහසුකම් ද ඇත. සියලු‍ අපද්‍රව්‍ය මුදා හැරෙන්නේ පෘථිවියේ පහළ කක්ෂයටය. ඒවා දැවී විනාශ වෙයි. ජාත්‍යන්තර අභ්‍යවකාශයේ රුසියානුවන්ට අයත් කොටසක් සහ ඇමෙරිකානුවන්ට අයත් කොටසක් ද ඇත. මාස හයෙන් හයට ගගනගාමීහු මාරුවෙමින් නැවතුම්පොළ් රැඳී සිටිමින් විවිධාකාරයේ පර්යේෂණ කටයුතුවල නියැළෙති.

අන්තර් ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළේ වැඩිම දින ගණනක් ගත කළ ගගනගාමියා ලෙස සැලකෙන්නේ නාසා ගගනගාමී ෆ්රෑන්ක් රූබියෝ ය. ඔහු වසරකට වැඩි කාලයක් අභ්‍යවකාශ නැවතුම්පොළේ ගත කළේය. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීමට පෙර, සෝවියට් රුසියානුවන්ගේ අභ්‍යවකාශ නැවැතුම්පොළ ලෙස පැවැතියේ ‘මීර්’ නැවතුම්පොළය. එහි වැඩිම දින ගණනක් ගත කළ සෝවියට් ගගනගාමියා ලෙස සැලකෙන්නේ වැලේරි පොල්යාකෝව් ය. මොහු දින 437 ක් මීර් අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කළේය. 

ලු‍සිත ජයමාන්න

ඩේලිමේල් ඇසුරිනි



අදහස් (0)

ආපසු ආ ගගනගාමීන් දෙදෙනා

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

විස්මිත ගුණ දෙන තල තෙල් සහ ගිතෙල්
2025 අප්‍රේල් මස 14 124 0

දවසට තුන්වතාවක් ආහාර ගත යුතු බව නියමයකි. නමුත් ඒ අතරින් පතර ද කෙටි ආහාරයක රස විඳීමට අප ගන්නා අතිරේක ආහාර වේල් රැසකි. ඉතින් මිනිසාට ආහාර කොයිතරම් වැදගත්


බුලතේ උපත හා සිරිත් විරිත්
2025 අප්‍රේල් මස 14 27 0

“බුලත්” යන නාමය සෑදී ඇති ආකාරය පිළිබඳව වියතුන් විවිධ අදහස් දක්වා තිබේ. ඒ අතුරින් වඩාත් ප්‍රචලිත අරුත් ගැන්වීම වනුයේ නා ලොවින් භූමියට ලැබුණා යන අරුත මත


කොවුල් හඬ සමගින් උදාවන අලුත් අවුරුද්දේ ග්‍රහ ගමන ඔබේ ලග්නයට
2025 අප්‍රේල් මස 14 142 0

මෙම අප්‍රේල් මස දාහතර වැනි සඳුදා දින උදාවන නව වසරේ මැයි මස තුළ ප්‍රබල ග්‍රහ මාරුවීම් දෙකක් සිදුවෙයි. මැයි 14 දින ගුරු ග්‍රහයා මිථුන රාශියට පිවිසෙන අතර, මැ


අලුත් අවුරුදු සුබ වර්ණයන් ඇන්දොත් අවුරුද්දම සුබ වෙනවද?
2025 අප්‍රේල් මස 14 25 0

එළඹෙන්නේ බක් මාසය බව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමට පෙරාතුවම ඉස්සර නම් අපට කීවේ කොහා ය. නමුත් දැන් අවුරුදු ළඟ බව කොහාටත් කලින් අපිට කියන්න


සිංහල අවුරුද්දෙන් ඈත් වෙන ජන ක්‍රීඩා
2025 අප්‍රේල් මස 14 33 0

සිංහල අලු‍ත් අවුරුදු උදාව හෙටට (14) යෙදී තිබෙන අතර මේ සමය රටේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සැමදෙනාම සතුටින් කල් ගෙවන කාලයකි.ඊට අවුරුදු සමයේ කෙරෙන ජන ක්‍


අපි අවුරුදු සමරන්නෙ මෙහෙමයි
2025 අප්‍රේල් මස 14 23 0

සිංහල දමිළ අලු‍ත් අවුරුදු නිවාඩුව මෙරට බොහෝ වෘත්තිකයන් විවේකයක් ගැනීම සඳහා ඇස ගසාගෙන සිටින දින කීපයකි. අවුරුදු නිවාඩුව විවේකයෙන් ගතකිරීමට සැලසුම් කර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 300 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 246 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 405 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site