IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


අලුත් බෝතල් පරණ වයින් ඡන්ද 87 ක් කප්පාදු කළ ක්‍රිකට් ඡන්දය


ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයේ නව ව්‍යවස්ථාව අනුමත කරගත් විශේෂ මහ සභාවෙන්......


රුපියල් බිලියන 22 කට ආසන්න ආදායමක් පසුගිය 2024 වසරට ඉපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2025 - 27) ලබන මාර්තු 31 වැනිදා පෙරවරු 10 ට මේට්ලන්ඩ් පෙදෙසේ එහි මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. මෙවර විශේෂත්වය වන්නේ ඡන්ද ඒකක ගණන අවම කළ නව ව්‍යවස්ථාවක් යටතේ නිලවරණය කැඳවමින් නව විධායක සභාව තෝරා ගැනීමයි.

මේ වන විට වසර හයක් පිරෙන නිල කාල සීමා තුනක් ගෙවා දමමින් සිටින වත්මන් සභාපති, කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ CCC සභාපති ශම්මි සිල්වා පිට පිටම සිව් වැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයේ කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් නාම යෝජනා භාරදී තිබේ. ඔහුට රටේ ක්‍රීඩා නීතියට අනුව සභාපති ධුරයේ තවත් වසර දෙකක කාලයක් රැඳී සිටිය හැකිය.

ඒ අනුව පවතින තත්වය අනුව ඔහුට තවත් වසර දෙකක කාලයක් සඳහා ක්‍රිකට් විධායක සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමේ බාධාවක් පවතින බව නොපෙනේ. මෙවර සභාපති ධුරයට ඔහු සමග තවත් අපේක්ෂයන් තිදෙනෙකු නාමයෝජනා බාරදී සිටියත් ඔහුගේ මෙවර පත්වීමටත් එයින් සැළකිය යුතු බාධාවක් පවතින බවක්ද නොපෙනේ.

ඒ අතර වත්මන් උප සභාපති ජයන්ත ධර්මදාස මහතාද වේ. වසර ගණනාවක් තිස්සේ රට තුළ මහත් වාද විවාදවලට තුඩු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව  ව්‍යවස්ථාව පසුගිය දෙසැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත කර ගත්තේය.

 එම නව ව්‍යවස්ථාවට අනුව පවත්වන පළමු ක්‍රිකට් නිලවරණය මෙය වන අතර එහිදී මෙතෙක් නිලවරණයේදී යොදා ගත් මුළු ඡන්ද ගණන 147 සිට 60 දක්වා පහත හෙළා තිබේ. එහිදී කැපී පෙනෙනම කාරණාව වන්නේ නිලවරණයට සහභාගි වන සියලුම ක්‍රීඩා සමාජ සමාන කොට සළකමින් ඔවුන් සියල්ලටම එක ඡන්දයක් බැගින් පමණක් ප්‍රදානය කිරීමයි.

පැරණි ව්‍යවස්ථාවට අනුව එහි සාමාජිකයන්ගේ තත්වයට ගැලපෙන පරිදි පාලක ක්‍රීඩා සමාජ හා අනුබද්ධ සංගම් වෙත ඡන්ද දෙක බැගින් හා අනුබද්ධ ක්‍රීඩා සමාජයකට එක් ඡන්දයක් බැගින් ක්‍රිකට් නිලවරණයේදී ප්‍රදානය කර තිබුණි.

ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා සමාජයකට ඡන්ද බලය හිමි වන ප්‍රධානතම සාධකය ඔවුන් අන්තර් සමාජ ප්‍රධානතම තරග මාලාවේ කුමන කාණ්ඩයකින් හෝ ක්‍රීඩා (තරග) කිරීමයි.

එහෙත් එය එසේ වුවත් එසේ ප්‍රධානතම තරගාවලියට ක්‍රීඩා කරන වරාය අධිකාරිය හා මහනුවර කස්ටම්ස් යන ක්‍රීඩා සමාජ වෙත මෙවර නිලවරණයේදී ඡන්ද බලය ලබාදී නැත. කෙසේවුවත් ප්‍රධානතම තරග මාලාවේ ක්‍රීඩා නොකරන ක්‍රීඩා සමාජවලට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව නොලැබෙන නමුදු නිලවරණය කැඳවෙන මහ සභාවේ අසුන් ගැනීමට (සාමාජිකත්වයට) බාධාවක් නොමැත.

කෙසේවුවත් වරාය අධිකාරිය හා මහනුවර කස්ටම්ස් යන ක්‍රීඩා සමාජ ඇතුළු ඡන්ද බලය මෙතෙක් ප්‍රදානය නොවූ ක්‍රීඩා සමාජ වලට තරගමාලාවේ උසස්වීම් ලබා ඉහළට යාමෙන් පසුව ඡන්ද බලය ලබා ගැනීමේ අවස්ථාව ඇත.

නව ව්‍යවස්ථාව යටතේ මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයේදී උතුරු මැද, මධ්‍යම, බස්නාහිර, ඌව යන දැනට රට තුළ ක්‍රියාත්මක පළාත් ක්‍රිකට් සංගම් හා දිස්ත්‍රික් සංගම් 22 ක් සඳහාත් එක් ඡන්දයක් බැගින් පමණක් ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැළැසී තිබේ.

ජනසතු සේවා, රාජ්‍ය සේවා, පාසල්, විශ්ව විද්‍යාල හා ආරක්ෂක සේවා යන ක්‍රිකට් සංගම් වල ඡන්ද බලය නව ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර තිබේ. කෙසේවුවත් ක්‍රීඩා සමාජ ලෙස ක්‍රීඩා කරන යුද හමුදාව, නාවික හමුදාව හා පොලිස් යන ක්‍රීඩා සමාජ වලට ක්‍රිකට් නිලවරණයේදී තවදුරටත් ඡන්ද බලය හිමි නොවේ. ඒ සියල්ලන්ම නියෝජනය වන පරිදි ආරක්ෂක සේවා ක්‍රිකට් සංගමයට නව ව්‍යවස්ථාවෙන් එක් ඡන්දයක් පමණක් ප්‍රකාශ කිරීමේ අවස්ථාව සළසා දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට සහභාගි වන සංගමයක් හෝ ක්‍රීඩා සමාජයක් ඊට පෙර සිය නිලවරණය පවත්වා අවසන් කිරීම අනිවාර්ය වේ.

ක්‍රිකට් නිලවරණයේදී තමන් නියෝජනය කරන පාර්ශ්වයේ මනාපය අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අත් ඔසවා නැතහොත් විවෘත ක්‍රමයට ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඡන්දදායකයාට නව ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර තිබේ. 

එසේ වුවත් ප්‍රසිද්ධියේ මනාපය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය විවේචනයට ලක්ව තිබෙන්නකි. එයින් ඡන්දදායකයා ඉලක්ක වන අතරම බලපෑම් හා ගැටුම් වලටද ලක්විය හැකිය. කෙසේවුවත් මින් පෙර ක්‍රිකට් නිලවරණය පැවැති අවස්ථාවලදී එක් ඡන්දයකට වැඩි ගණනක් හිමිවූ ඇතැම් පාර්ශ්ව නිලවරණයට තරග වැදුණු ප්‍රධාන පාර්ශ්ව දෙකටම මනාපය ප්‍රකාශ කළ අවස්ථාද වාර්තාවී තිබේ.

එහෙත් ඇතැම් ජාතික ක්‍රීඩා සංගම් සිය නිලවරණ සඳහා යොදා ගන්නා රහස් ඡන්ද ක්‍රමය භාවිතයට ගැනීමෙන් එවැනි ෆැටලුකාරී තත්වයන් අවම කර ගත හැකිය.

ව්ශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ක්‍රිකට් නිලවරණ මෙහෙයුම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ෂිරෝමි පෙරේරා, හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් වන සුනිල් එස්. පෙරේරා, සෝමරත්න විදානපතිරණ හා ආර්.සී.එම්. හේරත් යන මහත්ම මහත්මීන්ය.

එම කමිටුවේ අධීක්ෂණයට ලක්වූ නාමයෝජනා විරෝධතා සියල්ල ප්‍රතික්ෂේප විය. ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපතිවරයෙකු වන කේ. මතිවානන්, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ උප සභාපති සුදර්මන් ද සිල්වා, බස්නාහිර පළාත් සංගමයේ ලේකම් අනුර වීරසිංහ යන මහත්වරුන් තමන්ට නාමයෝජනා ඉදිරිපත් කිරීමට සාධාරණ කාලයක් නොලැබුණු බවට චෝදනා කරමින් ඉදිරිපත් කර තිබූ එකී විරෝධතා එහිදී ප්‍රතික්ෂේප විය.

ඒ අතර සභාපති ධුරයට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ දිලීප චාල්ස් මහතා ඉදිරිපත් කර තිබූ නාමයෝජනාව දෝෂසහගතව ඉදිරිපත් කිරීම හේතු බව දක්වමින් නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.


  නාමල් පතිරගේ 


 



අදහස් (0)

අලුත් බෝතල් පරණ වයින් ඡන්ද 87 ක් කප්පාදු කළ ක්‍රිකට් ඡන්දය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1037 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site