
බැස යන හිරුගෙ රත් පැහැ
තොල් සඟලෙ ඇඳ
සුසිනිඳු වලාසේලය
හැඩ කරයි බඳ
මත් වී රඟන තරු
බඹරුන් පිරිස මැද
මොන නැටුමකට සැරසෙනවද නාරි සඳ
හඳේ උමතු නැටුමට
හිත වසඟ වෙලා
මින්රළ පෙළ ගැසී
ඉවුරේ හිඳියි බලා
මුළා වෙති බියෙන්
දියවර සරැළි සලා
සැණින් ඉහළ විත්
නෙත් පොඩි මුවා කළා
කඩුපුල් කැකුළු හිනැහී
අතු අග්ගිස්සේ
නැටුමට හවුල් වෙන්නලු
එළියට බැස්සේ
තාලෙට පා තබා
මුතු පිරි තණ බිස්සේ
සේපාලිකා ඇවිදියි
කිරි සුදු වැස්සේ
සඳ නාරිගෙන් ගිලිහෙන
සුදු සේද වලා
තුරු හිස් වැළඳගෙන
රහසෙම වියන් එළා
හිඳ අතු පතර මත
නිදිබර කුරුලු කැලා
කැදැල්ලෙන් එබෙයි
කිරිලිය නිදනු බලා
සඳලිය රඟන විට අනුරාගෙන් පේම
සිතිවිලි සසල විය
හිත දඟ වී බෝම
තව කිම පමා
යා යුතු යැයි ඉඳුරාම...
හිරු කඳු හිසෙන් නැඟුණා යළි නොසිතාම
කල්‍යාණි රූපසිංහ
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සොඳුරු වූ සඳ මගේ ඇසින් දුටු සඳ.