
කලෙක සොඳුරුව තිබූ මල් උයනට
විටින් විට නුඹ කඩා පැන
ගර්ජනා කොට හැඩි කළ ද සැහැසිව
යළිත් හිස ඔසවයි ළදලු පත් හෙමිහිට
පිපිරුමට ළං වුණත් තෙරපුම
දැඩිව සිර කර දරා ඉන්නේ
ගිනි පුලිඟු විසිරී නොයන්නයි
මැඳුරු සීමා දොරෙන් එපිටට
නුඹෙන් ලද ඒ මහරු තිළිණය
නඟන සියුමැලි තෙපුල් පමණකි
දැවෙන හදවත නිවාලන්නේ
රිදී ඉරක් සේ අඳුරු අහසට
මතු දිනේ ඒ කැකුළු පොඩි මත
නොවදින්න ගල් මුගුරු කැබැලිති
අකල් වැස්සක් ලෙසින් හෝ
වැටුණොතින් ඇති ගිනි ගහන කතරට
කල්‍යාණි රූපසිංහ
මාතලේ.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මේඝය