මා අතැර මාගේ ආත්මය
වණ වදුළු තුල
ළපලු තුරු පත් අතුල
සුදු වැලි තලා මත
සැරිසරයි.........
ඇසෙන නොඇසෙන පවන් සර මැද
පිනි බිඳක් අතු මත ගැටෙන හඬ
දිය කඳුරු කොඳුරනා කෙඳිරිය
ගොළු වතින් සිට
සවන් දෙයි........
පාට වියකුණු පොතක පිටු මැද
මැකී යන දල අඳුරු පද තුර
මිහිරකට ලොබ බඳින නෙත් අග
සිනහ කඳුලක් ලෙසින් හැඩ
නතරවෙයි..........
නේක පිරිපත විඳ වුව
ගිලිහෙනා පතකින් ප්‍රකම්පික
හමා යන හිරිකඩක තෙත්බර
මාගේ ආත්මය
සිනාසෙයි.....
ෂර්මිලා බංදුනී දංවත්ත
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මාගේ ආත්මය......