
පෙර වදන......
කඩා බිඳගෙන වැක්කෙරෙද්දී
අපහාස සොරොව්ව
නුඹ නමින් වෑ වුනා
කරවටක්....දුක් කඳ
වට පිටින් රසකර
වැටුනත් ලුනු ඇඹුල
ඉරණු තැන්...මැකුණු තැන්
ජීවිතේ බෝම......
රසක් නැති ජීවිතය
මැදි හිතින් වළඳන
පාසල ළඟ අඹ ගහ යට
වෙරළු අච්චාරු විකුණන
හතේ පන්තියෙ....කොනේ බංකුවේ
පියසිරිගෙ අම්මා.... සිරියාවතී....මම
පසු වදන.......
මොර සූරන වැසි මැදත්
ඇහිඳිද්දී වෙරළු ගැට
අහක බැලුවා....කූඩැල්ලනුත්
ලේ සිඳුණු දෙපා දැක
පිට පාරෙන්ම ගිය
පතිනි වරයට......නොහැඬුව
පවු නොකළ වුන් ගහන ගල්
සිනහවෙන් ඉවසුව
නුඹ නොදත් කවි...කතා
මා සමග... වනපොත් කළ
අර පේන අඹ ගහ යට
වෙරළු අච්චාරු.....විකිණුවා
අකුරු බැරි සිරියගෙ.... පුතා
විදුහල්පති......
පියසිරි.....මම
ෂර්මිලා බංදුනී දංවත්ත
2025 ඔක්තෝබර් මස 08
1906
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දිගම දිග කතාවක්