
කරි බිඳට හඬනා
බිලිඳුන් දැක දැකත්
සඟවගෙන රැගෙන විත්
නැහැව්වේ කිරි ගඟක්
කිළිකුණු හැර
පිරිසුදුව පිරුවට හැඳ
යැදූ යැදුම් කන්නලවු
වසර ගණනක්
නෑසූ කන්ව සිටි බැවින්
විවර වී නොතිබුණි
තෙවැනි ඇස එතෙක්..
අහම්බෙන් යෙදුණු
කෙම්මුර දිනයක
තේවාකරුට වැහී
අදිසි මායාවක්
සිහි මුළාවී එයින්
මෑත් වූ තිර සතට එපිටින්
සුරන් වෙස් ගත්
අසුර භවනක
බිඳ දමා හිරි ඔතප්
හඬවා තිබුණා
කිරි සිහිනයක්..
කල්‍යාණි රූපසිංහ මාතලේ
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉහිරුණු කිරි සිහිනය