IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ආර්ථික විද්‍යාව සර් සහ සංගීත මැඩම්

.
සංගීත සාරිය අඳින
ස්වර ප්‍රස්තාර මාල වළලු
පලඳින
උස කෙට්ටු
අලුත් සංගීත මිස්
සත්සරා!
.
අලුත් පත්වීමෙන්
ඉර අව්ව වහගෙන,
මුඩුබිමේ
සංධ්වනි පැලකරයි.
පැලවලට
සංගීත වතුර දායි.
සිහින් දිගු ඇඟිලිවලින්
කොකනද වීණාව වයයි!
.
"සත්සරා
මං උපගුරු ධර්මසේන
අධර්මයට කට්ටිපනින.
දුෂ්කර සේවෙට ඇවිදින්
පැමිණෙන දුක් මීපැණි කන!
ආර්ථිකේ අත්ත කඩාගෙන
පෙම් ගසින් ඇදවැටී
ශ්‍රැතිය අහිමිව හොයන.
කුලී ගෙදර කරමත තබාගෙන
අඳ මව්පියො රකින.
තනි අතෙන්
සප්ත සාගරේ පීනන.
පත්තරපිටු පීර පීර
දෑවැදි නැති පොඩි නංගිට 
සක්විති රජෙක් හොයන!
.
සත්සරා
මල් මල් සංගීත බෑගය ඇරලා
කටුක ගීතෙ හැඩකරන්න 
මට එක ස්වරයක්
හොයලා දෙන්න.
ප්ලීස්!"

+++++++++++++++++++

ආර්ථික විද්‍යාව සර්,
පන්චායුධයක් ඇරං මං ආවේ
දුෂ්කර සේවෙට.
.
පිරිත් පොතයි
අප්පච්චිගෙ ෆොටෝ එකයි
කොට්ටෙ යටින් තියාගන්න.
නිදාගන්න කලින්
බුදුගුණ සිහිකරන්නෝන”
එහෙම තමයි අපෙ අම්මා
මට කිව්වෙ පිටත්වෙද්දි.
ඒ මගෙ 
පළවෙනි ආයුදෙ.
.
“රෑට රෑට
ගම සමතලා කරන
අලි හිටියොත්
රස්සාව අලියට දාල 
ගෙදර වරෙං පහුවදාම”
එහෙම තමයි අත්තම්මා 
මට කිව්වෙ පිටත් වෙද්දි.
ඒ මගෙ
ආයුදේ දෙවන.
.
“රෝසමල් හදවත
හංගා ගනින්
බොරු තරහ රෝස කටු පුප්පගෙන හිටපං”
එහෙම තමයි ලොකු අක්කා
මට කිව්වෙ පිටත් වෙද්දි.
ඒ මගෙ තුන්වෙනි ආයුදෙ.
.
“එක එක මදුරුවො
ඒ පළාතෙ
මෙන්න මේ නෙට් එක ගෙනියපං.
නංගිට ආදර්ශයක් වෙන්ඩ
එහෙදි ඉන්ඩ ඕන හරිද?”
එහෙම තමයි මට කිව්වේ
පොඩි අක්කා පිටත් වෙද්දි.
ඒ මගෙ
සිව්වෙනි ආයුදෙ.
.
සංගීතය වගේ තමයි
මගෙ හිත දැන් මට 
විස්වාසයි.
ඒ මගෙ පස්වෙනි ආයුදෙ.
පීඨෙදි
එක ස්වරයක් දෙන්න ගිහිං තමයි සර්
මගෙ හිත දෙකට ම පැළුනේ.
.
ආර්ථික විද්‍යාව සර්,
පන්චායුධයක් ඇරං මං ආවේ
දුෂ්කර සේවේට.
මං හරි නපුරුයි සර්

සමිත බී .අටුවබැන්දෑල



අදහස් (0)

ආර්ථික විද්‍යාව සර් සහ සංගීත මැඩම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 536 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17257 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 698 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site