
සම්මත අසම්මත අතරින් පෙරිලා
ගින්දර පවන් සලමින් අතවනලා
කොච්චර ලියා තැබුවත් සිත රිදිලා
තෙරපෙන ආදරේ ලියැවෙයි පිරිලා
ඉස්පිලි පාපිල්ල එකටම එතිලා
ඇලපිලි හිනාවෙනවා අත වනලා
කොම්බුව හොරෙන් සිට එබිකම් කරලා
පස්සට පැන්න ලැජ්ජාවෙන් පිරිලා
කරදහියක ලියා අමුණා ගෙන ඉන්න
හිත් අඩියටම නොදැනේවි හිත ගින්න
අයිතිය බලය පවරා ගෙනා සින්න
සුසුමක වෙළා අරගෙන යනව යන්න
අකුරක් එකතුව හද පුරවා ඇති ලු
ආදරට උඩින් කවුරුත් තව නැති ලු
සාගරයට නොදෙවෙනි බව නම් දනි ලු
පණයන හිතට ඈතින් හිට මදි ලු
නලිනි ද සිල්වා කලුතර
2025 ඔක්තෝබර් මස 08
1906
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආදරට උඩින්