
(රංජන් කස්තුරි)
බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති සීතල යුද්ධය නිමා කරමින් විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කා ර් යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නැවත වතාවක් පුබුදු නිරෝෂන් මහතා පත්කර තිබේ.
එම තනතුරට අදාල පත්වීම් ලිපිය පුබුදු නිරෝෂන් මහතාට ලබා දුන් බව බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කා ර් යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වසරක පමණ කාලයක සිට පුබුදු නිරෝෂන් මහතා කටයුතු කළ අතර ඒ මහතාගේ නිල කාලය ඉකුත්දා නිමාවට පත් වී තිබිණ.
ඉන්පසුව නැවතත් එම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස බලශක්ති අමාත්‍යවරයාගේ නි ර් දේශය මත පුබුදු නිරෝෂන් මහතා පත් කරන බව සඳහන් කරමින් ඊට අදාළ පත්වීම් ලිපිය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඒ මහතාට ලබා දී තිබිණ.
එම ලිපිය ලබාදෙන අවස්ථාවේදී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විදෙස්ගතව සිටි අතර ඒ මහතා නැවත දිවයිනට පැමිණි පසුව තමාට නොදන්වා එවැනි පත්වීම් ලිපියක් නිකුත් කිරීමේ බලයක් ලේකම්වරයාට නැතැයි පවසමින් එම ලිපිය නැවත කැඳවීමට පියවර ගෙන තිබිණ.
බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යංයේ ලේකම්වරයා අතර පවතින කිසියම් මත ගැටුමක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් නි ර් මාණය වූ බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මා ර් ග සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1612
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1388
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
493
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදුලි ඇමති - ලේකම් සීතය යුද්ධය අවසන්
Perera Wednesday, 29 October 2025 08:43 AM
ඔහොම මාතා ගැටුම් තියාගෙන අමාත්‍යංශය ඉහලම නිලධාරීන් දෙන්නෙකුට පරිපාලනය කරන්න බැහැ නේ. එකට වැඩ කරන්න පුළුවන් අයව පත් කරගන්න කෝ ?
Samare Wednesday, 29 October 2025 08:46 AM
ආයිමත් පාරක් වඳුරෙක් අහුවෙයිද ඔය සීතල යුද්ධයක මැදටත්. අර මොකක්දෝ ඛනිජ තෙල් සංස්ථාවේ කතාවකුත් පහුගිය දවස්වල කියවුණා නමුත් යටගිය දවස කියලා ඒකත් ආගිය අතක් නැති වුනා නේද.
Bunny Preena Wednesday, 29 October 2025 09:41 AM
උද්දච්චකම සහ මහන්තත්වය අතර ගැටුමක් කියලයි මට හිතුනේ.