(රංජන් කටුගම්පොල)
වව්නියාව මහනගර සභාවේ නගරාධිපති සුන්දරලිංගම් කාර්දීපන් සහ නියෝජ්‍ය නගරාධිපති පී. කාතිතීපන් යන මහත්වරුන්ට වව්නියාව මහනගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති ධුරයන් වල කටයුතු කිරීම වලකාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
වව්නියාවේ පදිංචිකරුවන් වන එස්.කේ. විජේකුමාර් සහ එම්.ප්‍රේමදාස මහත්වරු ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙෂ අතුරු නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය පෙත්සම් විභාගය අවසන් වනතුරු අදාළ අතුරු තහනම් නියෝගය බල පැවැත්වීමටද නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රොහාන්ත අබේසූරිය සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිනි.
වව්නියාවේ පදිංචිකරුවන් වන එස්.කේ. විජේකුමාර් සහ එම්. පේ‍්‍රමදාස් මහත්වරු ගොනුකර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වව්නියාව මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් පත්වු ප‍්‍රජාතන්ත‍්‍රික දෙමළ ජාතික සන්ධානයේ සුන්දරලිංගම් කාර්දීපන් සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් පත්වු ප‍්‍රජාතන්ත‍්‍රික ජාතික සන්ධානයේ පී. කාතිතීපන් යන මහත්වරුන්ට නම් කර ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වවුනියාව නගරාධිපති උප නගරාධිපති කටයුතු තහනම්