(බුද්ධික කුමාරසිරි)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන මල්වානේ පිහිටි සමාජයේ මහත් ආදෝලනයකට ලක් වූ නිවෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහි පරිසක් මීට සුළු මොහොතකට පෙර අල්ලා ගත්හ.

තමන්ට නේවාසික ප්‍රශ්නයක් ඇති නිසා මෙවැනි නිවාස ලබාගෙන නේවාසික ප්‍රශ්නය විසඳන්නැයි ඉල්ලා සිටිති. 

එම නිවෙස අවට කූඩාරම් ගසා ඔවුන් අද රැය පහන් කිරීමට සුදානම් වන අයුරු දක්නට ලැබිණි