IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


උසාවි ලේඛන කුරුටු ගෑ සිද්ධියට නීතිඥයකුගෙන් ප්‍රශ්න කරන්න යයි

(මනෝප්‍රිය ගුණසේකර)

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛණයක් කුරුටු ගෑවේ කවුරුන්ද? යන්න සොයා ගැනීම සඳහා මාලිගාකන්ද උසාවියේ සේවය කරන නීතීඥවරුන්ගෙන් හා අධිකරණ සේවකයින්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව රහස් පොලිසිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මියට දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව නාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ නීතී නිලධාරී නීතීඥ ශර්මිලා ප්‍රනාන්දු මහත්මියගෙන් සහ නුගේගොඩ හයිලෙවල් පාරේ සනත් කුමාර අතුකෙකා්රල මහතාගෙන් ප්‍රශ්න කිරීම් වලදී හෙළි වු කරුණු අනුව එලෙස තීරණය කළ බව රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂක යාලේවත්ත මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂකවරයා විසින් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව 52624/23 දරණ නඩුව පවරා තිබිණී.

නඩුව 2024 ජනවාරී 23 වැනිදා කැඳවීමට දින නියම කර තිබියදී නඩුව 2024 ජනවාරී 09 වැනිදා කැඳවීමට නියම කරන්නැයි ඉල්ලමින් නාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල වෙනුවෙන් ඉදිරිපත් කළ මෝෂන් පත්‍රය ප්‍රතික්‍ෂෙප කර තිබියදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නිවාඩු ලබාගත් 2024 ජනවාරී 17 වැනිදා පැමිණීල්ලට සහ අගිතියට පත් පාර්ශවයට දැනුම්දීම් රහිතව වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය හමුවේ මෙම නඩුව කැඳවාගෙන අදාළ පෞද්ගලික රෝහලේ බලයලත් නියෝජිතවරයකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වු කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තා අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් පසු ඔහුට රුපියල් 25000/-ක දඩයක් නියම කොට තිබු අතර දඩ මුදල නොගෙවුවහොත් මාස 06ක සිරදඬුමකට ඔහු යටත් කෙරිණී.

වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? යන්න පිළිබඳ තීන්දුව සකස් කිරීම සඳහා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නඩු ගොනුව සහ ඊට අදාළ ලේඛණ පරීක්‍ෂා කිරීමේදී උසාවියේ පවත්වාගෙන ගිය ‘මෝෂන් පොතේ’ 2024 ජනවාරී 09 වැනිදා ප්‍රශ්නගත නඩුව කැඳවන්නැයි ඉල්ලා තබා තිබු සටහනක් කිසිවකුටත් හඳුනාගත නොහැකි අන්දමට කිසියම් පුද්ගලයකු විසින් ‘කුරුටු ගා’ ඇති අන්දම නිරීක්‍ෂණය මාලිගාකන්ද හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඒ පිළිබඳ විමර්ශන කිරීමට පොලිස්පතිවරයාට නියම කළාය.

එම සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ විශේෂ විමර්ශන අංශ 01 හි උප පොලිස් පරීක්‍ෂක යාලේවත්ත මහතා සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

උසාවි ලේඛන කුරුටු ගෑ සිද්ධියට නීතිඥයකුගෙන් ප්‍රශ්න කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1101 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1125 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site