IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ලෙකෝ සභාපතිගේ කෝටි අටේ වාහනය නවතී

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපතිවරයාට රුපියල් කෝටි අටක් වටිනා අති සුඛෝපභෝගී බෙන්ස් රථයක් ගෙන්වීමේ ඇණවුම අවලංගු කිරීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ද ඔහු ප්‍රකාශ කළේය. හිටපු සභාපති ජනක අලුත්ගේ මහතා විදේශයක සිටිය දී ඔහු පවා නොදැන මෙම ඇණවුම කර ඇත්තේ එහි නිලධාරීන් බවත් එම ක්‍රියාව සභාපතිවරයාට පැටවීම අසාධාරණ බවත් අමාත්‍යවරයා කීවේය.

ඔහු මෙසේ පැවැසුවේ බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ලෙකෝ ආයතනය වාහන මිලදී ගැනීමට කෝටි හැට දෙකකට වැඩි මුදලක් අයවැයෙන් වෙන් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුව එය මිලියන 46 ට අඩු කරගෙන ඇති බව පැවැසූ අමාත්‍යවරයා වාහන දාහතක් සඳහා මෙම මුදල වෙන් කරගෙන ඇති බව ද කීවේය.

මෝටර් රථ හතක් සහ ඩබල් කැබ් දහයක් ඊට ඇතුළත් බව ද අමාත්‍යවරයා පැවැසීය. සභාපතිවරයාෙගේ රථය දිගින් දිගටම කාර්මික දෝෂවලට ලක්වීම නිසා එය අලුත්වැඩියා කිරීමට මිලියන දෙක තුන වියදම් වී තිබූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර සභාපතිවරයාගේ පාවිච්චියට බෙන්ස් රථයක් තිබිය දී තවත් රථයක් මෙසේ ඇණවුම් කිරීම රජයේ මුදල් අවභාවිත කිරීමක් බව එහි සේවකයෝ පෙන්වා දෙති.

මීට අමතරව නිලධාරීන්ගේ පාවිච්චියට බීවයිඩී (BYD) වාහන දහයකට ආසන්න සංඛ්‍යාවක් ද පසුගියදා මිලදී ගත් බව ඔවුහු පෙන්වා දෙති.

සමාගමේ සභාපතිවරුන්ගේ පාවිච්චියට 2009 සහ 2013 වසරවලද සුපිරි වාහන මිලදී ගත් බව පවසන එම සේවකයෝ ඒවා තවමත් හොඳ තත්වයේ පවතින බව ද පෙන්වා දුන්හ.

 



අදහස් (0)

ලෙකෝ සභාපතිගේ කෝටි අටේ වාහනය නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 123 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 972 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2577 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site