IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රත්මලාන - යාපනය අතර අලුත් ගුවන් සේවාවක්

(ටී.කේ.ජී.කපිල)

රත්මලාන ගුවන් තොටුපොළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීම සදහා ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්, දේශීය වානිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සදහා වූ,  ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය ( Air Craft Operation Certificate) අද (16) දින පිරිනමා තිබේ .

මෙම ගුවන් ගමන සදහා  පැය 01 යි විනාඩි 20 ක කාළයක් ගත වන අතර මේ සදහා මෙම ගුවන් සමාගම, සෙස්නා - 280 ගුවන් යානයක් සූදානම් කර තිබේ .

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ද මේ වනවිට අභ්‍යන්තර ගුවන් මගී පර්යන්තයක් ඉදි වෙමින් පවතින අතර, එහි වැඩ කටයුතු නිමවූ පසුව, විදේශීය රටවල ගුවන් මගීන්ට, එතැන් සිට යාපනය දක්වා ගුවන් ගමන් පහසුකම් සළසා ගත හැකිය .

එමගින් සංචාරක ගමනාන්තයක් ලෙස යාපනය සංවර්ධනය කිරීමේ ඉලක්කය ද පහසුවෙන් සපුරා ගත හැකිය .

මෙම ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය පිරිනැමීම , කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේදී සිදු වූ අතර , ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා විසින් සීමාසහිත ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගමේ බළයලත් කළමනාකරු විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ඕ.ඩී.එන්.එල්.පෙරේරා මහතා වෙත සිදු කෙරුණි .



අදහස් (1)

රත්මලාන - යාපනය අතර අලුත් ගුවන් සේවාවක්

Nandalal DE SILVA - France Monday, 16 June 2025 06:34 PM

මේක කොහොමද "අළුත් ගුවන් සෙවාවක් " වන්නේ ?? 1968 වසරෙදී මා කොළඹ විශ්වවිද්‍යාලයේ Médical පීඨයේ සෙවය කල කාලයෙ අපට ලැබුන නිදහස් ගමන් වාර බලපත්‍ර (warrents) උපයෝගී කරගනිමින්, යාල්දේවී දුම්රියෙන් යාපනයට ගොස් එහි කෙටි සංචාරයක් කර, Air Lanka රූං පෙති ගුවන් යානාවකින් ආපසු රත්මලානට පැමිණියෙමි. ඉතින් කියන්නකෝ මෙක කොහොමද අළුත් ගුවන් සෙවාවක් වන්නේ කියා ! හැබැයි ඉතින් ඒ දිනවල තිබුනේ... පලාලි ගුවන්තොටපොල... අද ඒකට ජාත්‍යන්තර ගුවන් තොටුපොල කියා බොඩ් ලෑල්ලක් එල්ලපු නිසාද මෙම වෙනස ඇති කරෙ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site