(සජීවා කෝට්ටගොඩ)
තනිවම යතුරු පැදියකින් ගමන් ගන්නා කාන්තාවන්ගේ ඇස්වලට මිරිස් කුඩු ගසා ඔවුන් පැළඳ සිටි රන් ආභරණය කොල්ල කෑමේ නිරතව සිටි මවක් ,පියෙක් සහ පුතෙක් මහව මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී වාරියපොළ ,පාදෙණිය ප්‍රදේශයේදී මව හා පුතා අත්අඩංගුවට ගැනුණු අතර ඉන් පලා ගිය පියා දළදාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනේ මහව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් ඔස්සේ කළ විමර්ශනයකින් පසුවය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් තුන් හැවිරිදි මවක, පහළොස් හැවිරිදි පුතු සහ විසි දෙහැවිරිදි මවගේ දෙවන විවාහ යේ සැමියා බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මව පස් මස් ගැබිනියක් බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මිරිස්කුඩු ගසා මං කොල්ල කෑ පවුලක්ම මාට්ටු
Pankumburage Tuesday, 01 July 2025 03:17 PM
මිරිස් කුඩු වලට ප්‍රසිද්ධ හාදයෙක් කැලණිය පැත්තෙත් ඉන්නවා.