
(ගයාන් සූරියආරච්චි)
මෙම ජනවාරි මස 1 වැනිදා සිට මාස 8 කට ආසන්න කාලය තුළදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් 524 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇති බොහෝ කාන්තාවන් අවුරුදු 22 ත් 60 ත් අතර විවාහක කාන්තාවන් වන අතර ඉතා සුළු පිරිසක් අවිවාහක තරුණියෝ ඒ අතර සිටිති.
එම අවිවාහක තරුණියන්ගේ මවුපියන් බොහෝදුරට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ හෝ ජාවාරමේ නිරතවන බවත් ඔවුන්ගේ ජාවාරමට සහායදීම සදහා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී එම තරුණියන් අත්අඩංගුවට ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊට අමතරව ගංජා සම්බන්ධයෙන් කාන්තාවෝ 378 ක්, හෙරොයින් සම්බන්ධයෙන් කාන්තාවෝ 434 ක්, මත්පෙති සම්බන්ධයෙන් කාන්තාවෝ 23 දෙනෙක්, හෑෂ් සම්බන්ධයෙන් කාන්තාවෝ 6 දෙනෙක්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කාන්තාවෝ 39 ක්, කොකෙන් සම්බන්ධයෙන් කාන්තාවෝ 2 දෙනෙක් ඉකුත් මාස 8 ඇතුළත අත්අඩංගුවට ගත්හ.
2016 අංක 12 දරණ තොරතුරුර දැන ගැනීමේ පනත අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් කළ ඉල්ලීමකට අනුව එම තොරතුරු අනාවරණය විය.
ඉකුත් 2024 වසර සදහා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් 428 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම වසරේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ වර්ධනයක් දැකිය හැකි බව එම කාර්යාංශය පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1902
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාස අටට කුඩු සමග කතුන් 524ක් මාට්ටු
යෝගා Tuesday, 16 September 2025 08:08 AM
කන්ටේනර් 323ක් පිරෙන්න බඩු ගෙනාවනෙ. හොරේ වහගන්න රාජපක්ෂලට ඇඟිල්ල දික්කරගෙන පච වපුරනවා. ඇමතිලගෙ වත්කම් කෝටි ගනන් වලින් ඉහලට.