IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


පොලිස්පති පුටුවට ප්‍රියන්තගේ නම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවට


(සුජිත්හේවා ජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


මීළඟ පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට  නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම නාමය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (7) රැස්විය.

එම නාමය එහිදී සලකා බැලීමෙන් පසු
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සලකා බැලීමට තීරණය කෙරිණ.

මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 12 අඟහරුවාදා නැවත රැස්වීමට නියමිතය.

නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් පසු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා  ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් නෙරපා හරිනු ලැබීය.

තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපූ බව ජනාධිපතිවරයා ඔහුට ලිඛිතවම දැනුම්දී ඇත.

ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට  යොමු කර ඇත්තේ ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් නම පමණක් බව දැනගන්නට ඇත.



අදහස් (2)

පොලිස්පති පුටුවට ප්‍රියන්තගේ නම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවට

කපිල Friday, 08 August 2025 09:18 AM

ඉතාමත් සුදුසු පුද්ගලයා.

:       3       8

අයි.ඩී අජිත් කුමාර Friday, 08 August 2025 12:39 PM

නිවාර්යයෙන් පොලීසියට අවශ්‍ය යම් මාවතකට ගෙන යා හැකි දූරදර්ශීව කටයුුතු කරන හොඳ නිළධාරියෙක්. පොලිසියේ අනාගතයක යහපත් එකක් වේවි. හොඳ තීරණයක් ජනාධිපතිතුමාගේ.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site