
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
"කන්කසන්තුරය ප්‍රදේශයේ පොලිස් ස්ථාන දහයකට ප්‍රහාරයක් එල්ල කරනවා" යැයි කන්කසන්තුරය පොලිසියට ආ තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. කේ. වුට්ලර් මහතා පැවසීය.
කන්කසන්තරය පොලිසියේ ස්ථාවර දුරකථන අංකයට ඉකුත් 11 වෙනි දින දහවල් 1.15 - 1.20 අතර කාලයේදී ඇමතුමක් ලැබී ඇති අතර කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කර තිබූ පොලිස් සැරයන්වරයකු ඇමතුම ලබාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
දුරකථනයට සම්බන්ධව සිටි පුද්ගලයා විසින් අද දවස තුළ කන්කසන්තුරය ප්‍රදේශයේ පොලිස් ස්ථාන දහයකට ප්‍රහාරයක් එල්ල කරනවා යනුවෙන් පවසා දුරකථනය විසන්ධිකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැරයන්වරයා ඒ සම්බන්ධයෙන් කන්කසන්තුරය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහු විසින් කන්කසන්තරය දිස්ත්‍රික් එක භාර සහකාර පොලිස් අධිකාරි වෙත දන්වා ඔහුගේ උපදෙස් ලබාගෙන කොට්ඨාසයේ සෙසු පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් දැනුම් වත්කර ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එසේම රාජකාරී සඳහා පිටගොස් සිටි සියලු නිලධාරීන්ට ආරක්ෂක ස්ථානවල රාජකාරී සිදු කිරීමට උපදෙස් දීමට කටයුතු කර ඇතැයිද දැන ගන්නට ඇත.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කේ.කේ.එස් පොලිසිවලට තර්ජනාත්මක ඇමැතුමක්
prasanna Friday, 13 June 2025 03:45 PM
ජෙප්පන්ගේ රැඟුම් කෝ දැන්?
Chathuri Friday, 13 June 2025 11:03 PM
පාස්කු ප්‍රහාරය. ප්ලෑන් කරපු. ඒ අයත් සමග තව අලුත් කට්ටියක් මේ දුරකතන ඇමතුමට සම්බන්ධයි. මේ කට්ටිය කටින් බයකරලා. ආන්ඩුව වට්ටන්න යන්නේ. ඒවා සිහිනයක් පමණයි. මේ හැමදේම පිටුපස ඉන්නේ පැරැදීලා පගා නැතිව නන්නත්තාර වෙලා ඉන්න හොර නඩේ. හිර ගෙදරට යන්නත් තියෙන නිසා මෙවැනි දේවල් කරනවා. කෙසේ හෝ මේ නිවට මෝඩයින්ව හොයා ගන්න ඕනෑ...
මාලිමාගැත්තා Saturday, 14 June 2025 12:13 AM
නිවටයන් ඔටුණු පැළැඳි විට පාහරයින් බඩපිනුම් ගසයි.
සමන් Saturday, 14 June 2025 06:42 AM
වෙන ආණ්ඩුවක් තියෙද්දී මෙහෙ පණිවිඩයක් දැම්මා නම් කොහොමද පාහර ජෙප්පෝ වැළලෙන හැටි...? බොරුවට කොටි නැගිට්ටවනවා කියලා...
Chandana Saturday, 14 June 2025 09:41 AM
කෝ ගුණරත්න, ප්‍රසන්න...?
ධනුෂ්ක Saturday, 14 June 2025 12:39 PM
ඔය උඩ කමෙන්ට් කොටලා තියන අයගේ අරමුණු වෙන්න ඕනේ ඔය වෙන්නේ ඔවුන්ට ඕනේ කොහොමහරි ආණ්ඩුව පෙරලන්න...