IMG-LOGO

මිනරල් සමාගමේ කෝටි ගාණක බත්තල් ලොරි දිරන්න හැරලා

- සේවකයන්ටත් නීතියට පිටින් කෝටි දෙකක දීමනා

සුජිත් හේවාජුලිගේ

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ කොඩ්බේ යාත්‍රාංගණයේ කෝටියකට වැඩි ටග් යාත්‍රා තුනක් සහ බත්තල් හයක් ද පුල්මුඩේ යන්ත්‍රාගාර පරිශ්‍රයේ  වීල් ලෝඩර් හතරක් සහ වටිනා ලොරි රථයක්ද කෝකිලායි යන්ත්‍රාගාරයේ රුපියල් කෝටි හතරක් පමණ වටිනා සර්පිලාකාර යන්ත්‍රයක් ද කාලයක් තිස්සේ දිරාපත් වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ටග් යාත්‍රා තුන සහ බත්තල් හය වසර 26ක් තිස්සේ දිරාපත් වෙමින්  තිබූ බවද එහි දැක්වේ. මේවායේ ආරක්ෂාව සඳහා ඉකුත් 2022 වසරේදී පමණක් ලක්ෂ විසි හයක පමණ මුදලක් වැය කර ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.

මේ අතර සමාගමේ සේවකයන්ට ආහාර දීමනාව සහ පැමිණීමේ දීමනාව ලෙස රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

සමාගම සැපයුම්කාර ආයතන විසි අටක් සඳහා 2019 සිට 2021 දක්වා  ලක්ෂ විසිපහක මිලදී ගැනීමේ අත්තිකාරම් ගෙවා තිබූ අතර මිලදී ගැනීමේ කාර්යයන් නිමකර එම අත්තිකාරම් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණු බව වාර්තාව සඳහන් කරයි.

යන්ත්‍රාගාරයේ කටයුතු 2022 වර්ෂයේ දී ආරම්භ කර නොතිබුණද සේවකයන් 117 දෙනෙකු බඳවාගෙන ඔවුනට වැටුප් සඳහා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් වැයකර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

 



අදහස් (0)

මිනරල් සමාගමේ කෝටි ගාණක බත්තල් ලොරි දිරන්න හැරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 706 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1117 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site