IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මේ වසරේදී පාතාලේ කාන්තාවෝ 18ක් අත්අඩංගුවට

ගයාන් සූරියආරච්චි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේ දී අත්අඩංගුවට ගැනීමත් සමග 2025 වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කාන්තාවන් 18 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ වාර්තා කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවෝ වයස අවුරුදු 20-45 අතර පසු වෙති. එසේ අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් ගිනිඅවි ප්‍රවාහනය, ඔත්තු බැලීම, මත්ද්‍රව්‍ය ජාවාරම යන අපරාධවලට ආධාර අනුබල දී ඇති බවට විමර්ශනවලින් තොරතුරු හෙළිවී ඇත.
අත්අඩංගුවට ගෙන ඇති බොහෝ කාන්තාවන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවන් වන අතර විදේශ රටවල සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු අපරාධකරුවන්ට මොවුන් අපරාධ සඳහා ආධාර අනුබල ලබා දී ඇති බව පොලිසිය පවසයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව නේපාලයට පලාගොස් සැඟවී සිටි ඉෂාරා සෙව්වන්දි, යාපනයේ පදිංචි ජේ. කේ. බායි, ජැෆ්නා සුරේෂ්, නන්දකුමාර් තක්ෂි, නුගේගොඩ පදිංචි ශ්‍යාමන්ත සිල්වා නොහොත් බබී, ගම්පහ පදිංචි නිශාන්ත කුමාර නොහොත් බබා නමැත්තන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලු‍ගල, අපරාධ පරීක්ෂණට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉතා රහසිගතව සිදු කළ විමර්ශනවලින් අනතුරුව නේපාලයේ කත්මණ්ඩු නුවර සැඟවී සිටිය දී අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් ඉකුත් 15 දා කටුනායක ගුවන්තොටුපොළට රැගෙන ආ අතර ඉෂාරා සෙව්වන්දි, යාපනයේ පදිංචි ජේ.කේ. බායි, ජැෆ්නා සුරේෂ්, නන්දකුමාර් තක්ෂි නමැති සැකකාරියන් සහ සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇත. නුගේගොඩ පදිංචි ශ්‍යාමන්ත සිල්වා නොහොත් බබී නමැත්තා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයටත්, ගම්පහ පදිංචි නිශාන්ත කුමාර නොහොත් බබා නමැත්තා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයටත් භාර දී ඇත.

 



අදහස් (0)

මේ වසරේදී පාතාලේ කාන්තාවෝ 18ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1116 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1133 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site