ඉන්දික හේවාවිතාරණ
ලොකු ලූනු වගාවට අවශ්‍ය ගුණාත්මක බීජ නිසි ලෙස නොමැති වීම හා බීජ මිල ඉහළ යාම නිසා මෙවර කන්නයේදී වගා කටයුතු නිසි ලෙස සිදුකිරීමට නොහැකි වී තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
විදේශ රටවලින් ගෙන්වන බීජ කිලෝවක මිල රුපියල් 18,000 – රුපියල් 20,000 අතර පවතින බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය. දේශීය බීජ කිලෝවක මිල රුපියල් 30,000 ඉක්මවා ගොස් තිබෙන අතර මෙම මිලට ද ඇතැම් ප්‍රදේශවල දේශීය බීජ සොයා ගැනීමට නොමැති බව ඔහු පවසා සිටියේය.
විදේශ රටවලින් ගෙන්වන බීජවල ගුණාත්මකභාවය පිළිබඳව වරින් වර ගැටලු ඇති වී තිබෙන නිසා දේශීය බීජ නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය..
මෙරට ලොකු ලූනු වගා කරනුයේ වසරකට එක් වතාවක් පමණක්, එනම් යල් කන්නයේ පමණක් බවද සභාපතිවරයා පැවසීය.
වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 280,000ක ප්‍රමාණයෙන් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ගෙන්වීමට සිදුව තිබෙන බවද ඔහු පැවසීය. වැඩිදුරටත් ඔහු මෙසේද කීය.
“වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට ආසන්න වශයෙන් හෙක්ටයාර් 15,000 ක් හෙවත් අක්කර 37,500ක් පමණ ලොකු ලූනු වගා කළ යුතුයි.
මෙකී වගා ඉලක්කය කරා යෑමේ කිසිදු වැඩපිළිවෙළක් රටේ නැහැ. මේ හේතුවෙන් ලොකු ලූනු ගොවිතැනින් ගොවීන් ඉවත් වෙමින් තිබෙනවා.
අක්කරයක් සඳහා ආනයනික බීජ කිලෝ තුනත් තුනහමාරත් අතර ප්‍රමාණයක් හා දේශීය බීජ කිලෝ දෙක හමාරත් තුනත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
ලොකු ලූනු වගාවෙන් ගොවියා ඈත්වීමට බලපාන ප්‍රධානතම සාධකයක් වී තිබෙන්නේ බීජ ගැටලු. අස්වැන්නට නිසි මිලක් නොමැතිවීම හා වගා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගැනීමට ස්ථානයක් නොමැතිවීමත් ගැටලුවක්.
දැනට පවතින ගැටලු නිසා මෙවර යල් කන්නයේ දී හෙක්ටයාර 1000කට ආසන්න ප්‍රමාණයකවත් ලොකු ලූනු වගාව සිදුකළ නොහැකියි.
පසුගිය කාලයේදී ලොකු ලූනු වගාවෙන් ලද පාඩුව නිසා සිය වගා බිම් වෙනත් බහු වාර්ෂික භෝග වගා සඳහා යොදා ගැනීමට ඇතැම් ගොවීන් කටයුතු කර තිබෙනවා.
ලොකු ලූනු වගාව සිදුකළ හැකි භූමි පිළිබඳව විස්තරයක් 2022 වසරේ අවසන් කාර්තුවෙහිදී එවකට පැවති ආණ්ඩුවට භාර දී තිබෙනවා. දැනට ලොකුලූනු වගා කරන ප්‍රදේශවලට අමතරව තවත් හෙක්ටයාර් 15,000කට වැඩි ප්‍රමාණයක ලොකුලූනු වගා කළ හැකියි.”
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ
විදුහල්පති සේවයේ මේ වන විට පුරප්පාඩු 3000කට ආසන්න ප්‍රමාණයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ දිනවල වායුගෝලයේ පවතින දැඩි උණුසුම් තත්ත්වය සුළඟ නොමැතිවීම සහ වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වීම හේතුවෙන් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ
පසුගිය මාසයෙහි ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉදිරියේ දී ඇතිවන වැසි සමග තවදුරටත් රෝගින් වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිල
ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බීජ මිල ඉහළ යෑමෙන් ලොකු ලූනු වගාව අඩාළයි