ඉන්දික හේවාවිතරණ
විදුහල්පති සේවයේ මේ වන විට පුරප්පාඩු 3000කට ආසන්න ප්‍රමාණයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
විදුහල්පති සේවාවට බඳවා ගැනීම සඳහා අවසන් වරට තරග විභාගයක් පවත්වා තිබෙන්නේ 2019 වසරේදී බවද එම සංගමය පෙන්වා දෙයි. විදුහල්පති සේවාවෙහි 16512ක් සේවය කළ යුතු බවත් වසර හයකින් බඳවා ගැනීමට අදාළ තරග විභාගයක් පවත්වා නොමැති බවත් සඳහන් කරයි.
2019 වසරේදී පැවැත් වූ තරග විභාගයෙන් සමත් වූ 155 ක් 2020 වසරෙහිදී බඳවා ගත් බවත් මීට අමතරව 2023 වසරේදී 4517 ක් බඳවා ගත් බවත් සංගමය සඳහන් කරයි. 2020 වර්ෂයෙන් පසු විදුහල්පති සේවයට පැමිණීමට සුදුසුකම් සපුරන ලද ගුරුවරුන් කිසිවෙකුටත් මේ දක්වාම විදුහල්පති සේවයට එක්වීම සඳහා තරග විභාගයකට පෙනී සිටීමට නොහැකි වී තිබෙන බවද එම සංගම් නියෝජිතයෝ පවසති.
2016 වසරින් පසු 2019 වසරේදී විදුහල්පති සේවයට බඳවා ගැනීමට අදාළ තරග විභාගය පැවැත් වූ බවත් එම තරග විභාගය සඳහා 21000කට අධික පිරිසක් අයදුම්පත් යොමු කර තිබූ බවත්‍් ඔවුහු සඳහන් කරති.
දැනට පවතින පුරප්පාඩු අතර විදුහල්පති තනතුරේ හා නියෝජ්‍ය විදුහල්පති තනතුරේ හා සහකාර විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පවතී.
පුරප්පාඩු පවතින තනතුරුවල වැඩ බැලීමේ පදනමින් ගුරුවරු සේවය කරමින් සිටිති.
පාසල් පද්ධතිය නිසි ලෙස පවත්වාගෙන යාමට නම් ස්ථිර වශයෙන් විදුහල්පති සේවාවේ තනතුරු දැරිය යුතු නිසා කඩිනමින් විදුහල්පති සේවාවට බඳවා ගැනීමට අදාළ තරග විභාගය පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ
විදුහල්පති සේවයේ මේ වන විට පුරප්පාඩු 3000කට ආසන්න ප්‍රමාණයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ දිනවල වායුගෝලයේ පවතින දැඩි උණුසුම් තත්ත්වය සුළඟ නොමැතිවීම සහ වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වීම හේතුවෙන් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ
පසුගිය මාසයෙහි ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉදිරියේ දී ඇතිවන වැසි සමග තවදුරටත් රෝගින් වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිල
ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විදුහල්පති සේවයේ පුරප්පාඩු 3000ක්