උපුල් වික්‍රමසිංහ
පිළිකා රෝග හඳුනා ගැනීමට භාවිත කරන පෙට් ස්කෑන් සඳහා යොදා ගන්නා එෆ්.ඩී.ජී. (Fluoro Deoxy Glucose - FDG) නමැති ආනයනික විකිරණශීලී ඖෂධය මෙරටදී නිෂ්පාදනය කිරීම වෙනුවෙන් දැනට ඉදි කෙරෙන Cyclotron යන්ත්‍රාගාරයෙන් ලබන වසරේ අප්‍රේල් වෙන විට එම ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය කියයි.
ඒ අනුව දැනට එම විකිරණශීලී ඖෂධය රජයේ රෝහල් වෙත සැපයීම සඳහා වසරකට ඩොලර් නව ලක්ෂ හැට දහසක පමණ මුදලක් (එක් ඒකකයකට ආසන්න වශයෙන් ඩොලර් 300 ක්) වැය කරමින් ඉන්දියාවෙන් ආනයනය කරන අතර මෙම යන්ත්‍රාගාරයෙන් ඒවා නිෂ්පාදනය කිරීම ආරම්භ කළ පසු එම මුදල් ඉතිරි කර ගත හැකි බවත් ආනයනය කරන මුදලට වඩා අඩු මිලකට රෝහල් වෙත සැපයිය හැකි බවත් එම මණ්ඩලයේ Cyclotron පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදක ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ ප්‍රියංග රත්නායක ඉරිදා ලංකාදීපයට පැවසීය.
රජයේ රෝහල් සඳහා වසරකට එෆ්.ඩී.ජී. විකිරණශීලී ඖෂධ ඒකක 3,200 ක් පමණ අවශ්‍ය බවත් යන්ත්‍රාගාරයෙන් නිෂ්පාදන කටයුතු ආරම්භ කළ පසු එම ප්‍රමාණයට අමතරව පෞද්ගලික අංශයේ අවශ්‍යතා වෙනුවෙන් තවත් ඒකක දහසක පමණ නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත් අධ්‍යක්ෂවරයා කීවේ ය.
දැනට ලංකාවේ පෙට් ස්කෑන් සඳහා යෙදා ගනු ලබන්නේ මෙම විකිරණශීලී ඖෂධය පමණක් වුව ද ඉදිරියේ දී මේ යන්ත්‍රාගාරයෙන් තවත් විකිරණශීලී ඖෂධ වර්ග ගණනාවක් නිෂ්පාදනය කරන බව ද ඒවා පිළිකා ඇතුළු විවිධ රෝග හඳුනා ගැනීමට උපකාරී වන බව ද හෙතෙම සඳහන් කළේ ය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පිළිකා හඳුනාගන්නා විකිරණ මූලද්‍රව්‍ය ලංකාවේ නිපදවයි - ඩොලර් මිලියනයක් ඉතිරියි