සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න
සම්පූර්ණයෙන් නාය ගිය සහ දැඩි නාය අවදානමක ඇති බව හඳුනාගත් නිවාස 17,648ක් සඳහා රුපියල් ලක්ෂ පනහ බැගින් වන දීමනාව ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා (19) පැවසීය.
ඔවුන් පදිංචි කරවීමට සුදුසු ඉඩම් සොයන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන බව කී ජනාධිපතිවරයා අධි අවදානම් ප්‍රදේශවල කිසිම පවුලක් ජීවත් වන්නට නොහැකි වන අයුරින් ඉදිරියේදී නීති සම්පාදනය කරන බව සඳහන් කළේය.
ව්‍යසනයෙන් පසු නැවත රට ගොඩනැගීම සඳහා වන රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අනුමත කරගැනීමේ විවාදයට මුදල් අමාත්‍යවරයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
ආපදාවට ලක් වූ නිවාස 17,648 ක් වෙනුවෙන් මූලික උපකරණ ලබා ගැනීමට රුපියල් පනස්දහස බැගින් මාස තුනක කාලයක් ලබාදීම සඳහා රජය කටයුතු යොදා ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙම ආධාරය ලබාදීම ජනවාරියේ සිට ආරම්භ කරන බවද ඔහු කීවේය.
මේ අතර වී, බඩඉරිඟු, රට කජු සහ ධාන්‍ය වගා කර ඇති අයට රුපියල් එක් ලක්ෂ පනස් දහසක දීමනාවක් ද මිරිස්, ලූනු, ගස් ලබු, කෙසෙල් සහ එළවළු වගා කළ ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් දෙලක්ෂයක දීමනාවක් ද ලබා දෙන බව ජනාධිපතිවරයා කීය.
පූර්ණ නිවාස හානි 62,228ක් ද වාර්තා වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා හදිසි ආපදා තත්ත්වය පහව යෑමෙන් පසුව, ආපදාවට ලක් වූ පවුල්වලට නිවාස පිරිසුදු කරගැනීමට රුපියල් 25,000ක් ලබා දෙන බව ද ප්‍රකාශ කළේය.
පශු වෛද්‍ය කාර්යාලවල ලියපදිංචි වූ දෙමුහුන් ගවයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක් (200,000) බැගින් උපරිම ගවයන් 10 ක් සඳහා ද දේශීය ගවයකු සඳහා රුපියල් 50,000 ක වන්දියක් උපරිම ගවයන් 20 දෙනකු සඳහා ද ලබා දෙන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේ ය.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවාස 17,648 කට ලක්ෂ 50 බැගින් දීමනා මියගිය ගවයන්ට ලක්ෂ 20 දක්වා මුදල් - ජනාධිපති අනුර කුමාර දිසානායක