ගයාන් සූරියආරච්චි
ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පිටුපසින් පැමිණි මෝටර් රථය අසල අරුණ විදානගමගේ හෙවත් මිද්දෙණියේ “කජ්ජා” නමැත්තා සිට ඇතැයි ඔහුගේ බිරිය හඳුනාගත් බවට අනාවරණය කළ තොරතුරු මත කජ්ජා නමැත්තාගේ ඥාතීන්, හිතවතුන් ඇතුළු තවත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් ‘ඉරිදා ලංකාදීප‘ යට පැවැසීය.
අවශ්‍ය වුවහොත් කජ්ජාගේ පුත්‍රයාගෙන් ද නැවත ප්‍රකාශ සටහන් කරගන්නා බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
2012 වසරේ වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට අරුණ විදානගමගේ හෙවත් මිද්දෙණියේ කජ්ජා සම්බන්ධ බවට සිය මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා සිටියද එය අසත්‍ය ප්‍රකාශයක් බවට අරුණ විදානගමගේගේ පුතා වන ඉඳුවර විදානගමගේ ඉකුත් දා මාධ්‍යට අනාවරණය කළ තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමක දී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව පැවැසුවේය.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ කජ්ජාගේ බිරිය විසින් ලබාදුන් ප්‍රකාශයට අනුව තව දුරටත් සාක්ෂි රැස්කර ගැනීම සිදුකරන බවත් එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 2012 වසරේ සිට මේ දක්වා එම මෝටර් රථය අසල සිටි පුද්ගලයා කවුදැයි යන්න හඳුනාගත නොහැකිව සිටි බවත් මේ වනවිට ඔහු හඳුනාගෙන තිබෙන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ය.
වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පිටුපසින් ගමන් කරන මෝටර් රථය සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට කරුණු අනාවරණය වී නොමැති අතර 2012 වසරේ දී සී.සී.ටී.වී. කැමරා විශාල ප්‍රමාණයක් මාර්ගවල නොතිබුණු බව ද වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය.
කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පිලිස්සී ගිය මෝටර් රථයක තිබී රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ඉකුත් 2012 වසරේ මැයි මාසයේ දිනක හමුවී තිබුණි.
එම කාලවකවානුවේ එය හදිසි අනතුරකින් සිදු වූ මරණයක් බවට පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනතුරුව ප්‍රකාශ කර තිබුණද වසීම් තාජුඩීන්ගේ ඥාතීන් එය හදිසි අනතුරකින් සිදු වූ මරණයක් නොවන බව පවසමින් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා තිබුණි.
ඒ අනුව 2015 වර්ෂයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව එය මිනීමැරුමක් යැයි කරුණු අනාවරණය වී ඇති බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ සීසීටීවී දර්ශන පරීක්ෂණවලින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව තාජුඩීන් හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ දී සුපිරි වෙළෙඳ සැලකට ගොස් වතුර බෝතලයක් රැගෙන නැවත මෝටර් රථයට නගින අවස්ථාව සටහන් වී තිබූ අතර එම මෝටර් රථය අසල තවත් පුද්ගලයෙකු සිටින බවත් ඔහුගේ මෝටර් රථය පිටුපසින් තවත් නාඳුනන මෝටර් රථයක් ගමන් කරන බවත් නිරීක්ෂණය වී තිබූ බව පොලිසිය ඉකුත්දා අනාවරණය කළේය.
කජ්ජා 2023 වසරේදී යූටියුබ් නාලිකාවක් සමග සිදු කළ සාකච්ඡාවක දී වසීම් තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් විශේෂිත සිද්ධීන් කීපයක් අනාවරණය කර තිබූ බවද වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තාජුඩීන් ඝාතනය: කජ්ජාගේ නෑ හිතවතුන්ගෙන් ප්‍රකාශ ගනියි